නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
2027 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර ඇති වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලුවලට විසඳුම් නොලැබීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම වර්ජනය සඳහා පහත සඳහන් ප්‍රධාන වෘත්තීය සමිති සිය සහභාගීත්වය තහවුරු කර ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව පවසමින්, ඒකාබද්ධ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත අසනීප නිවාඩු සංකේත වැඩ වර්ජනයක් පවත්වන බව නිවේදනය කර තිබේ.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී, නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය උපරිම සහාය පළ කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය ද 2027 අයවැයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබා දෙන ලෙස තමන් කළ ඉල්ලීමට බලධාරීන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම ස්ථිර කර තිබේ.
ඒ අනුව, ලබන 30 වැනිදා අධ්‍යාපන, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන්හි කටයුතුවලට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..
මාතලේ ඓතිහාසික අළු විහාර භූමියේ ඉදිකරන පල්ලියේ සියලු තොරතුරු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ජාතිවාදීන්, යුධවාදීන් හමුවේ ආණ්ඩුවේ මුනිවත ගැන ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් අනාවරණයක්..
රුසියානු අභිචෝදක ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සාන් ඇතුළු දූත පිරිසක් දිවයිනට..
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමයි..