ලාල් වැරැදි ද?
ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 1/3 ක වී වගාව නවතා දැමිය යුතුයි. ඒ ලාල් කියන කතාව. ලාල් කියන කතාවල එච්චර බරක් නෑ තමයි. මොකද එයා කටට එන දෙයක් කියලා දානවනේ. ඔය පොලොන්නරුවේ වැවක් සහ හෝටයක් ගැන කියලා වතාවක් පාක්ෂිකයන් ට ෆන් එකක් දුන්නේ. ඒ වගේ තව කොච්චරවත් තියෙනවාද ?
හැබැයි ලාල් කෙසේ වෙතත්, ලංකාවේ කෘෂිකර්ම ඇමතිතුමාගේ ප්‍රකාශකට නම් බරක් දෙන්න වෙනවා. එතුමා කියන විධියට කුඹුරුවලින් 1/3 ක් වගා නොකලොත් මොකද වෙන්නේ? එතුමා මේ ඉඩම් කතාවක් දාලා කියන්නේ වී අස්වැන්න 1/3 ක් අඩු උනත් ඉතිරිය දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් කියන එකද?
අපි ගිය වසරේ (2025) දත්ත අරගෙන බලමු. ගිය වසරේ වී අස්වැන්න මෙ. ටොන් මිලියන 5 යි. එමගින් ගන්න පුලුවන් උපරිම සහල් අස්වැන්න මෙ. ටොන් මිලියන 3.2 යි. දේශීය අවශ්‍යතාවය සහල් මෙ. ටොන් මිලියන 2.5 යි. ඒ කියන්නේ අතිරික්තයක් තියෙනවා. දැන් මේකෙන් 1/3 ක් අඩුකරලා බලමු. එවිට දේශීය පරිභෝජනයට ඉතිරි වෙන්නේ මෙ. ටොන් මිලියන 2.1 යි. ඒ කියන්නේ සහල් මෙ. ටොන් ලක්ෂ 4 ක් පමණ ආනයනය කරන්න වෙනවා කියන එක. වගාව සදහා නොගන්නා 1/3, දුර්වලම කුඹුරු නම් මෙච්චර අඩු වෙන එකක් නෑ. ඒත් පැහැදිලිව ම ආනයනය කරන්න වෙනවා. එසේ නොවේ යැයි කියන්න දත්ත තියෙනවාද ? මා දන්නා තරමින් එවැනි කිසිඳු දත්තයක් නැත. ඇතැම් පුරෝකතනයන් පමණක් තියෙනවා. එසේ නම් මේ ප්‍රකාශකය කලේ පුරෝකතනයන් පදනම් කරගෙන ද?
මෙවැනි තීරණයක් ගැනීමට කලින් අවම වශයෙන් පසුගිය වසර පහේ දත්ත සලකා බැලිය යුතුව තිබුණා. පසුගිය වසර පහ තුල මෙරටට ආනයනය කල සහල් ප්‍රමාණය මෙ. ටොන් ලක්ෂ 12 ක් පමණ වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පමණක් සහල් මෙ. ටොන් ලක්ෂ 3.5 ක් පමණ ආනයනය කලා. මේ වසරේ එම ප්‍රමාණය මෙ. ටොන් 160,000 පමණ වෙනවා. ගිය වසරේ මෙ. ටොන් 180,000 ආනයනය කරලා තියෙනවා. 2024 දි එම ප්‍රමාණය මෙ. ටොන් 130,000 පමණ වෙනවා. මෙය සාධාරිණීකරනය කලේ එක් එක් සහල් වර්ගවල ඇතිවූ හිගයක් නිසා ආනයනය කල බවක් කියලයි. ඒ අනුව මේ වසරේදී සම්බා ආදේශක (පොන්නි සම්බා සහ GR 11) ආනයනය කලා. ගිය වසරේ වැඩි වශයෙන් ආනයනය කලේ නාඩු. වසරින් වසර විශම චක්‍රයක් සේ මාරුවෙන් මාරුවට මෙම සහල් වර්ග දෙක ආනයනය දිගටම සිදු උනා. එසේ නම් පළමුව විසදුම් දිය යුත්තේ එයට නොවේද? මෙහි විශේෂත්වය වනුයේ මේ හැම හිගයක්දීම එම සහල් වර්ගයේ මිල අධික ලෙස ඉහල යෑමයි. පසුගිය කාලයේ කීරි සම්බා කිලෝවක මිල රු.390 සිට රු. 400 දක්වා ඉහල ගියා. ඒ උනත් එම වී ගොවීන්ගෙන් ලබා ගත්තේ රු.100, 120 වගේ මිලකට බව සියල්ලන්ම දන්නවා. ඒ නිසා හිගයක් ඇතිවුව හොත් හෝ ඇතිකල හොත් එහි වාසිය ලබා ගන්නේ කවුරුන්ද යන්න පැහැදිලියි. ඒ නිසා ඇමතිතුමනි, හිගයක් ඇතිවීමට ඉඩනොදී ප්‍රශ්නයට පිලිතුරු සෙවිය යුතුයි නේද?
මේ මොහෙතේ ඔබ පැහැදිලි කරන ප්‍රශ්නය වී විකුණා ගැනීමට ගොවීන්ට නොහැකි වීම සහ ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහල යාම නම් පිලිතුර වගා කරණ භූමි ප්‍රමාණය කප්පාදු කිරීමද? වසර 2000 න් පස්සේ අපි වැඩිම අස්වැන්නක් ගත්තේ පසුගිය වසරේ නෙවෙයි. ඒ 2020 සහ 2021 වසරවල. එම අස්වැන්න මෙ.ටොන් මිලියන 5.1 ක් පමණ උනා. ඒත් වී විකුණා ගැනීම මේ වසරේ තරම් අපහසු වූයේ නෑ නේද? ඒ විතරක් නෙවෙයි 2015 වගේ ඈත කාලයක අස්වැන්න අරගෙන බලන්න. එම වසරේ යල අස්වැන්න මෙ. ටොන් 1,942,408 ක්, මහ අස්වැන්න මෙ.ටොන් 2,902,693 (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව). ඒ කියන්නේ මීට දශකයකට පමණ පෙරත් අපි මෙ. ටොන් මිලියන පහකට ආසන්න අස්වැන්නක් ගත්ත බව පැහැදිලියි. ඒ උනත් කුඹුරු 1/3 කින් කප්පාදුවට ගියේ නෑ. ඒ නිසා මේ මොහොතේ ප්‍රශ්නය ට හේතුව පාලනයකින් තොරව වසර තුනක් එක දිගටම සහල් ආනයනය කිරීම මිසක් වෙන කිසිවක් නෙවෙයි.
ඒ නිසා කුඹුරු ඉඩම් විකල්ප භාවිතය ට යොමු කිරන්න කලියෙන්;
- වසර දෙක තුනක් හෝ සහල් ආනයනය නොකර සිටිමු.
- පරිභෝජන රුචිය අනුව (සම්බා, නාඩු...) දේශිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමුඛතාව දෙමු.
- පිරිවැය අඩු කිරීමට වෙනත් විකල්ප වෙත යොමු වෙමු.
- ආනයනය කරන යෙදවුම් මත රැදෙන අස්වැන්න වැඩිකිරීමේ ක්‍රමවේද ක්‍රමයෙන් බැහැර කරමු. "සුපිරි" යන වචනයට යටින් ඇත්තේ ගොවියාගේ ගෙල හිර කිරීම බව උගත් පාඩම් ලෙස සිහියට ගනිමු.
- ක්‍රමයෙන් සහල් මත සිදුකෙරෙන අගය එකතු කිරීම සහ විකල්ප භාවිත දිරි ගන්වමු.
- අපනයනය ඉලක්ක කරගත් වී ප්‍රභේද පිළිබඳව අවධානය ක්‍රමයෙන් වැඩි කරමු.
- ඉවත් කරන්න සැලසුම් කර ඇති කුඹුරු ඇත්නම්, එම ගොවීන් කාබනික වගාවට යොමුවීමට කැමති නම් අමාත්‍යාංශය මගින්ම එම ගොවීන් ඒ සදහා දිරිමත් කරමු.
- අපේ පාලනයෙන් තොරව සිදුවන දේශගුණික විපාර්යාසයන්ට මුහුණ දීමට අපිට සිදුවන බව සිහියට ගනිමු.
- වී වගාවේ නියැළෙන පවුල් මිලියන දෙකක් සිටින බව සිහියට ගනිමු. වී වගාවෙන් ඉවත් කරන්නේ නම් ඔවුන්ට සුදුසු විකල්ප ජීවනෝපක්‍රම පළමුව සැලසුම් කරමු.
- වාරිමාර්ග සහ වැව්, අමුණු වෙනුවෙන් වසර සිය ගණනක් කල ආයෝජන දැනටමත් අප සතුව ඇති බව සිහියට ගනිමු.
අවසාන වශයෙන් කීමට ඇත්තේ, රිලා සංගණනයටත් ඔබට උපදෙස් දුන් ඔබ වටා සිටින කේවට්ටයන්ගෙන් ප්‍රවේශම් වීමද හිතකර බවයි.
- Arunakumara Kkiu
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..