News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..

Oct 3, 2026 at 07:41 AM
|

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පැවතුණද, එම වර්ධනය රටේ සියලුම ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායී නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research අනාවරණය කරයි. 

මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය වන විට සාමාන්‍යයෙන් සියලුම ව්‍යාපාර ස්වයංක්‍රීයව දියුණු වන බවට පැවති සාම්ප්‍රදායික මතය, වර්තමානයේ සිදුවෙමින් පවතින ව්‍යුහාත්මක ආර්ථික පරිවර්තනය හමුවේ බිඳවැටෙමින් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

Frontier Research ආයතනයේ සාර්ව ආර්ථික උපදේශක අංශ ප්‍රධානී චයු දම්සිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර 70–80 පුරා ශ්‍රී ලංකාව අත්දුටු ආර්ථික චක්‍රවලට වඩා වත්මන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක ගමන් කරන බවයි. 

අතීතයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගනු ලැබුවේ රජයේ වියදම් ඉහළ නැංවීම, මුදල් අච්චු ගැසීම සහ වෙළෙඳපොළට මුදල් මුදාහැරීම වැනි ක්‍රමවේද හරහා බැවින්, එයින් සෑම ව්‍යාපාරයකටම පාහේ එක හා සමාන වාසි සැලසුණි. නමුත් වත්මන් ආර්ථික රටාව නිර්මාණය වී ඇත්තේ දැඩි මූල්‍ය විනය, උද්ධමනය පාලනය කිරීම සහ පෞද්ගලික අංශය විසින්ම උපයන මුදල් මත පමණක් ආයෝජන සිදුකිරීම යන ප්‍රතිපත්තිමය පදනම මතය.

මෙම ව්‍යුහාත්මක වෙනස නිසා පෙර පැවති පද්ධතියේ පහසුකම් මත යැපුණු ඇතැම් ව්‍යාපාර මාදිලි දැඩි අවදානමකට ලක්ව ඇත. 

විශේෂයෙන්ම අඩු පොලී අනුපාත යටතේ ණය ලබාගෙන පමණක් පැවැත්ම තහවුරු කරගත් සමාගම්, සුළු ලාභයක් තබාගෙන විශාල පරිමාවෙන් භාණ්ඩ අලෙවි කරන (Thin Margins, High Volumes) ව්‍යාපාර, සහ තාක්ෂණයට යොමු නොවී අඩු වැටුප් ශ්‍රමය මත පමණක් පදනම් වූ ක්ෂේත්‍ර ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇත. මීට පටහැණිව, ප්‍රමාණවත් ලාභාංශ පවත්වාගෙන යන, ප්‍රාග්ධනය ශක්තිමත් සහ තාක්ෂණය මුල් කරගත් සමාගම් වෙළෙඳපොළේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතී.

තවද, දක්ෂ හා පුහුණු ශ්‍රමිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම හේතුවෙන් දේශීය වශයෙන් කුසලතා පූර්ණ ශ්‍රමය ලබාගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ක්ෂේත්‍ර සඳහා විදේශීය ශ්‍රමිකයන් පවා ආදේශ වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. 

එම නිසා ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට තවදුරටත් ලාභ ශ්‍රමය මත පමණක් තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය පාලනය කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බැවින් රුපියලේ අගය වෙළෙඳපොළ සාධක මත වෙනස් විය හැකි අතර, ව්‍යාපාරවල පැවැත්මට අභ්‍යන්තර මූල්‍ය ශක්තිය අත්‍යවශ්‍ය වේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල උච්චාවචනය සහ ජාත්‍යන්තර භූ-දේශපාලනික අස්ථාවරත්වයන් වැනි බාහිර බාධාවන් තාවකාලික විය හැකි වුවත්, රට තුළ සිදුවන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ස්ථිරසාර ඒවා වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම වෙනස්කම්වලට කඩිනමින් අනුගත වීමට අපොහොසත් වන ඇතැම් ආයතන වැසී යාමට හෝ ප්‍රාග්ධනය ශක්තිමත් විශාල සමාගම් සමඟ ඒකාබද්ධ වීමට (Consolidation) සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ රජයේ බදු ආදායම් ඉහළ නැංවීම, මුදල් අච්චු ගැසීම සීමා කිරීම සහ මූල්‍ය විනය පවත්වාගෙන යාම දැඩි කොන්දේසි ලෙස ක්‍රියාත්මක වේ. ඒ හේතුවෙන් රාජ්‍ය වියදම් සීමා වී ඇති අතර වෙළෙඳපොළ ස්වාධීන ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ප්‍රතිව්‍යුහගත වෙමින් පවතී. ඒ අනුව, වත්මන් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සියලුම සමාගම්වලට එක හා සමානව නොලැබෙන අතර, ඉදිරි කාලසීමාවේ ව්‍යාපාරික පැවැත්ම තීරණය වන්නේ ලාභදායිත්වය, ඵලදායිතාව සහ තාක්ෂණික ශක්තිය මත පමණි.

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ අදාලව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ඩි.ඩි. ආනන්ද පාලිත ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද ( 17 ) නියෝග කළේය.
පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශය ජලයෙන් යටවීම සම්බන්ධයෙන් නගර සභා පාලනාධිකාරියේ ද යම් අඩුපාඩුවක් පැවති බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පිළිගත්තාය. කොළඹ මහ නගර සභාවේ මහ සභා රැස්වීම අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සිය 'X' (පෙර ට්විටර්) ගිණුම ඔස්සේ පළ කර ඇති සටහනක දක්වා ඇත්තේ ඇමරිකාව, චීනය සහ රුසියාව යන ලෝක බලවතුන්ගේ ප්‍රධාන නායකයින් හමුවී ඇති නමුත්, ඊට එක්වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට ආරාධනා නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.
භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

ප්‍රධාන පුවත්

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු දූෂණ චෝදනාවලට ලක්ව ඇති බව පවසමින් ඊට අදාළ නාමලේඛනයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.