News Category
From Date
To Date
Maximum Number of Result

චීනයේ AI උපායමාර්ගයේ ‘පරස්පර විරෝධය’ ඇත්ත වශයෙන්ම එවැන්නක් නොවේ

Oct 1, 2026 at 02:27 PM
|

කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ. වඩාත් බලවත් AI පද්ධති සංවර්ධනය කිරීමට උත්සාහ කරන අතරම, වේගයෙන් වෙනස් වන ලෝකයක් තුළ එම තාක්ෂණය පාලනය කළ යුතු ආකාරය, බෙදාහදාගත යුතු ආකාරය සහ ආරක්ෂා කළ යුතු ආකාරය තීරණය කිරීමට ද චීනය උත්සාහ කරමින් සිටී.

චීනය සහ ලෝකය හැඩගස්වන තාක්ෂණයක්

2026 ජුනි මාසය වන විට චීනයේ AI නිෂ්පාදන භාවිත කරන පිරිස මිලියන 500 ඉක්මවා තිබූ අතර, මෙය ලොව විශාලතම ඩිජිටල් ආර්ථිකයන්ගෙන් එකක් තුළ මෙම තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය පෙන්නුම් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ චීනය ද AI සංවර්ධනයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන බලවේගයකි. එහි දේශීය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වැඩසටහන් එහි දේශසීමාවලින් ඔබ්බටද බලපෑම් ඇති කරයි.

නවදිල්ලියේ පැවති BRICS සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං වඩාත් ඇතුළත් AI සහයෝගීතාව, කාර්මික සංවර්ධනය සහ තාක්ෂණික හුවමාරුව සඳහා යෝජනා ඉදිරිපත් කළේය. ඒ සමඟම, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චෙන් යිෂින් AI උපායමාර්ගික තරගයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකන ජාතික ආරක්ෂක දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරමින් ශක්තිමත් ආරක්ෂක පියවර අවශ්‍ය බව අවධාරණය කළේය.

චීනයේ AI ප්‍රතිපත්තිය ජාත්‍යන්තර විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ආරක්ෂක පාලනය යන දෙකම එකට ගෙන යයි. බීජිනය මෙම අරමුණු දෙක සමබර කිරීමට උත්සාහ කරන ආකාරය අවබෝධ කර ගැනීම, AI සම්බන්ධයෙන් එහි අභිලාෂයන් සහ ඒ වටා ගොඩනැගෙන නව ගෝලීය පද්ධතිය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වේ.

ෂීගේ BRICS දැක්ම: AI පොදු අවස්ථාවක් ලෙස

නවදිල්ලි සමුළුවේදී ෂී ජින්පිං ඉදිරිපත් කළ යෝජනා, තාක්ෂණික සංවර්ධනය ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර ඇතුළත්භාවය සමඟ සම්බන්ධ කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් ලෙස AI සහයෝගීතාව ඉදිරිපත් කරයි.

AI ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් කර ගැනීමට අවශ්‍ය හැකියාවන්, කුසලතා සහ කාර්මික ජාල වෙත ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබේ.

BRICS රටවල් අතර AI විවෘත මූලාශ්‍ර ප්‍රජාවක් (open-source community) ස්ථාපිත කිරීමේදී පුරෝගාමී භූමිකාවක් ගැනීමට චීනය යෝජනා කර තිබේ. විශාල භාෂා ආකෘති (Large Language Models) සංවර්ධනය සහ යෙදවීම සම්බන්ධයෙන් සහයෝගීතාවට සහාය වීමත්, විශේෂිත සම්මන්ත්‍රණ සහ පුහුණු පාඨමාලා සංවිධානය කිරීමත් එහි යෝජනා අතර වේ.

මෙහි ප්‍රකාශිත අරමුණ වන්නේ රටවලට දැනුම හුවමාරු කරගැනීමටත්, AI සංවර්ධනය කිරීමට සහ භාවිත කිරීමට ඇති හැකියාව පුළුල් කිරීමටත් හැකි විවෘත පරිසරයක් ගොඩනැගීමයි.

මෙම ප්‍රවේශය විශේෂයෙන් නැගී එන ආර්ථිකයන් සඳහා වැදගත් වේ. AI වෙත ප්‍රවේශය සඳහා මෘදුකාංග තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පරිගණක යටිතල පහසුකම්, තාක්ෂණික දැනුම, ආයෝජන සහ තාක්ෂණය දේශීය අවශ්‍යතාවලට අනුව සකස් කිරීමේ හැකියාවද අවශ්‍ය වේ.

විවෘත මූලාශ්‍ර සහයෝගීතාව සහ කුසලතා සංවර්ධනය මගින් ප්‍රවේශය පුළුල් කළ හැකි නමුත්, සම්පත් සහ තාක්ෂණික හැකියාවන්හි පවතින විෂමතා එමගින් පමණක් ඉවත් කළ නොහැක.

ෂී ජින්පිංගේ ඩිජිටල් කර්මාන්ත සහයෝගීතා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයට අවශ්‍ය යටිතල පහසුකම් සහ කුසලතා දක්වා මෙම අදහස පුළුල් කරයි.

චීනය BRICS ඩිජිටල් පරිසර පද්ධති "ක්ලවුඩ් වේදිකාවක්" සමඟ ඩිජිටල් කුසලතා පුහුණුව, තාක්ෂණික හුවමාරුව සහ කාර්මික සම්බන්ධීකරණයද යෝජනා කර තිබේ.

තුන්වන යෝජනාව AI මගින් බලගැන්වෙන නව කාර්මිකකරණය කෙරෙහි අවධානය යොමු කරයි. මෙහි අරමුණ පර්යේෂණ හා සංවර්ධනය, ප්‍රායෝගික යෙදීම් සහ කර්මාන්ත හා සැපයුම් දාම සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමයි.

සමස්තයක් ලෙස ගත් විට, මෙම වැඩසටහන් මගින් AI නිෂ්පාදන හැකියාව පුළුල් කිරීමේ මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කරයි. BRICS සාමාජික රටවල් සඳහා මෙම යෝජනා මගින් ප්‍රවීණත්වය බෙදාගන්නේ කෙසේද, එකිනෙකට ගැළපෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ කෙසේද සහ තාක්ෂණික සහයෝගීතාව ප්‍රායෝගික කාර්මික ප්‍රතිඵල බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන ප්‍රායෝගික ප්‍රශ්න මතු කරයි.

චෙන් යිෂින්ගේ අනතුරු ඇඟවීම

ෂී ජින්පිංගේ ජාත්‍යන්තර සහයෝගීතා වැඩසටහනට සමගාමීව චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චෙන් යිෂින් වඩාත් ආරක්ෂාව කේන්ද්‍ර කරගත් තක්සේරුවක් ඉදිරිපත් කළේය.

සමුළුව අතරතුර පළ කළ ලිපියක චෙන් සඳහන් කළේ AI ගෝලීය විද්‍යාත්මක හා තාක්ෂණික තරගයේ මධ්‍යම ක්ෂේත්‍රයක් බවටත්, ප්‍රධාන බලවතුන් අතර උපායමාර්ගික තරගයේ නව පෙරමුණක් බවටත් පත්ව ඇති බවයි.

චෙන්ගේ තර්කය ආරම්භ වන්නේ ද්විත්ව අවශ්‍යතාවක් මතය. එනම් නවෝත්පාදනය ප්‍රධාන ධාවක බලවේගය විය යුතු අතර, ආරක්ෂාව මූලික අවශ්‍යතාවක් ලෙස පවත්වාගත යුතු බවයි.

මෙම දෘෂ්ටිකෝණයට අනුව AI ආර්ථික හා සමාජ පරිවර්තනයේ එන්ජිමක් වන අතරම, ජාතික ආරක්ෂාවේ තත්ත්වය වෙනස් කළ හැකි තාක්ෂණයකි. ඔහුගේ තක්සේරුව මගින් එකිනෙකට සම්බන්ධ අවදානම් කිහිපයක් හඳුනාගෙන තිබේ.

Deepfake වැනි AI මගින් නිර්මාණය කරන අන්තර්ගත සහ ස්වයංක්‍රීය අන්තර්ජාල ක්‍රියාකාරකම් හරහා නොමඟ යවන තොරතුරු වේගයෙන් නිෂ්පාදනය කර බෙදාහැරීමට හැකිවීම දේශපාලන ආරක්ෂාවට බලපෑම් කළ හැකි බව චෙන් පෙන්වා දෙයි.

AI මගින් සයිබර් මෙහෙයුම්ද වෙනස් විය හැකි බවත්, එමගින් දුර්වලතා හඳුනාගැනීම, අනිෂ්ට මෘදුකාංග නිර්මාණය කිරීම සහ සංකීර්ණ ප්‍රහාරවල ඇතැම් කොටස් ස්වයංක්‍රීය කිරීම පහසු විය හැකි බවත් ඔහු අනතුරු අඟවයි.

AI සහාය ඇති දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය ඔත්තු බැලීමේ සහ තොරතුරු ආරක්ෂාවේ අවදානම් තවදුරටත් ඉහළ නැංවිය හැකි බවද තවත් කරුණකි.

බුද්ධිමත් දත්ත සෙවීම, දත්ත කැණීම සහ පැතිකඩ නිර්මාණය කිරීම හරහා සංවේදී රජයේ දත්ත, වාණිජ රහස් සහ පෞද්ගලික තොරතුරු එකතු කිරීමට හෝ අනාවරණය වීමට හැකියාවක් ඇති බව චෙන් පෙන්වා දෙයි.

තාක්ෂණික හැකියාවන් කිහිපයක රටවල් තුළ සංකේන්ද්‍රණය වීම රටවල් අතර පවතින අසමානතා තවදුරටත් ගැඹුරු කළ හැකි බවත්, AI මත පදනම් වූ තීරණ ගැනීම පවතින සමාජ පාලන පද්ධති මත පීඩනයක් ඇති කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

හමුදා ක්ෂේත්‍රයේදී AI මගින් යුද්ධය වඩාත් බුද්ධිමත් යුගයක් කරා ගෙන යමින් පවතින බවත්, එමගින් සංවේදනය, තීරණ ගැනීම සහ ඉලක්කගත කිරීම සම්බන්ධයෙන් බලපෑම් ඇතිවන බවත් ඔහු තර්ක කරයි.

මෙම කරුණු චීනයට පමණක් සීමා නොවේ. සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව, වැරදි තොරතුරු, හමුදා භාවිතයන් සහ තාක්ෂණික බලය සංකේන්ද්‍රණය වීම ජාත්‍යන්තර වශයෙන්ද සාකච්ඡාවට ලක්වන කරුණු වේ.

චෙන්ගේ ලිපිය විශේෂත්වයක් දක්වන්නේ මෙම සියලු කරුණු පුළුල් ජාතික ආරක්ෂක රාමුවක් යටතේ එකට ගෙන ඒමෙනි.

මූලධර්මවල සිට ආයතන දක්වා

AI ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කළ යුතු බව චෙන් පවසයි. ඒ සඳහා අංශ අතර ශක්තිමත් සහයෝගීතාවක් සහ මතුවන අවදානම් හඳුනාගැනීමට හා පුරෝකථනය කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

AI ආරක්ෂක අධීක්ෂණ වේදිකාවක් ස්ථාපිත කිරීම, අවදානම් තක්සේරු කිරීම සහ නිරීක්ෂණය පුළුල් කිරීම මෙන්ම පරිගණක චිප්, සංවර්ධන රාමු සහ යෙදුම් මෘදුකාංග ඇතුළු මූලික පර්යේෂණ සහ ප්‍රධාන තාක්ෂණයන් සඳහා ආයෝජන වැඩි කිරීමද ඔහු යෝජනා කරයි.

චෙන් AI යටිතල පහසුකම් ශක්තිමත් කරන අතරම, තීරණාත්මක තාක්ෂණයන් මත රඳා පැවතීමෙන් ඇතිවන අවදානම් අඩු කළ යුතු බවද පවසයි.

චීනයේ Cybersecurity Law සහ Counter-Espionage Law ක්‍රියාත්මක කිරීමත්, AI පර්යේෂණ, යෙදීම්, දත්ත ආරක්ෂාව, ඇල්ගොරිතම ආරක්ෂාව සහ වගවීම සම්බන්ධ නීති තවදුරටත් සංවර්ධනය කිරීමත් චෙන් යෝජනා කරයි. මහජන සන්නිවේදනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කරයි.

මෙම පියවර මගින් AI පාලනය තාක්ෂණික ස්වයංපෝෂිතභාවය, දත්ත පාලනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් ප්‍රශ්නවලින් වෙන් කළ නොහැකි බවට බීජිනය දරන දෘෂ්ටිකෝණය පිළිබිඹු වේ. එනම් AI සම්බන්ධයෙන් නවෝත්පාදනය සහ අධීක්ෂණය එකිනෙකින් වෙන් කළ නොහැකි බවයි.

ගෝලීය පාලනය පිළිබඳ වැඩසටහනක්

චීනයේ දේශීය ආරක්ෂක ප්‍රමුඛතා, නවදිල්ලි සමුළුවට පෙර සිටම පැවති ජාත්‍යන්තර වැඩසටහනක් සමඟ සමගාමීව ක්‍රියාත්මක වේ. 2023 දී ඉදිරිපත් කළ චීනයේ Global AI Governance Initiative මගින් ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය, ජාත්‍යන්තර සහයෝගීතාව, ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම සහ AI තාක්ෂණයන් සඳහා පුළුල් ප්‍රවේශයක් ලබාදීම සඳහා ඉල්ලීමක් කරයි. අවදානම් මත පදනම් වූ පාලනය, පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව, මානව අධීක්ෂණය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි නියෝජනයක්ද එම වැඩසටහන මගින් අවධාරණය කරයි.

AI පාලනය සඳහා ජාත්‍යන්තර ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ සාකච්ඡා පැවැත්වීමටද එම වැඩසටහන සහාය දක්වයි.

චෙන්ගේ ලිපියද මෙම කරුණු කිහිපයක්ම ප්‍රතිරාවය කරමින් AI ජාත්‍යන්තර පොදු යහපතක් ලෙස සලකන අතර, ගෝලීය දකුණේ රටවල තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමට සහ ගෝලීය “බුද්ධි පරතරය” අඩු කිරීමට සහාය වන සහයෝගීතාවක් සඳහා කැඳවුම් කරයි.

චීනය මෑතකදී AI Safety Governance Framework 3.0 නිකුත් කළ අතර, එය 2024 සහ 2025 දී නිකුත් කළ පෙර සංස්කරණවලින් පසුව ඉදිරිපත් වූ නවතම රාමුවයි.

නව රාමුව මගින් අවදානම් වර්ගීකරණ සංශෝධනය කර ඇති අතර, මතුවන අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් තාක්ෂණික සහ පාලන ක්‍රියාමාර්ගද සකස් කර ඇත.

විවෘතභාවය සහ ආරක්ෂාව සමගාමී කරන්නේ කෙසේද?

චීනයේ ජාත්‍යන්තර සහ දේශීය AI වැඩසටහන් එකිනෙකට පරස්පර බවක් පෙනෙන්නට තිබිය හැකි නමුත්, රටකට ජාත්‍යන්තර තාක්ෂණික හුවමාරුවට සහාය දක්වන අතරම සංවේදී දත්ත ආරක්ෂා කිරීමට, යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහ අවදානම් කළමනාකරණය කිරීමටද හැකිය.

අභියෝගය වන්නේ නීත්‍යානුකූල ආරක්ෂක පියවර අවසන් වන්නේ කොතැනින්ද සහ සහයෝගීතාව සීමා කරන සීමා ආරම්භ වන්නේ කොතැනින්ද යන්න තීරණය කිරීමයි.

චීනයට ඇති කාර්යය වන්නේ එහි ආරක්ෂක රාමුව මගින් නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහභාගීත්වය අනවශ්‍ය ලෙස සීමා නොකර ඒවාට සහාය දැක්විය හැකි බව ප්‍රායෝගිකව පෙන්වීමයි.

එහි හවුල්කරුවන්ට ඇති කාර්යය වන්නේ සහයෝගීතාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමයි. එනම්, කුමන තාක්ෂණයන් වෙත ප්‍රවේශ විය හැකිද, දත්ත ආරක්ෂා කරන්නේ කෙසේද සහ හවුල් වැඩසටහන් පාලනය කරන්නේ කෙසේද යන්නයි. BRICS සාමාජික රටවලට විවිධ සංවර්ධන ප්‍රමුඛතා, නියාමන පද්ධති සහ උපායමාර්ගික අවශ්‍යතා තිබේ.

එබැවින් පොදු AI පරිසර පද්ධතියක් සඳහා මෙම වෙනස්කම්වලට ගැළපෙන අතරම මැනිය හැකි ප්‍රතිලාභ ලබාදිය හැකි ප්‍රායෝගික ක්‍රමවේද අවශ්‍ය වනු ඇත.

AI යුගයේ තීරණාත්මක ප්‍රශ්නය

ෂී ජින්පිංගේ BRICS යෝජනා සහ චෙන් යිෂින්ගේ ජාතික ආරක්ෂක තක්සේරුව චීනයේ AI උපායමාර්ගයේ මානයන් දෙකක් නිරූපණය කරයි. එනම් ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණයේ ප්‍රවේශය පුළුල් කිරීමත්, දේශීය වශයෙන් එහි පාලනය ශක්තිමත් කිරීමත්ය. AI සහයෝගීතාව මගින් තාක්ෂණික හැකියාවන් වෙත ප්‍රවේශය පුළුල් කර කාර්මික සංවර්ධනයට සහාය විය හැකිය. සයිබර් මෙහෙයුම්, සංවේදී දත්ත සහ වැඩි වැඩියෙන් ස්වයංක්‍රීය වන පද්ධති සම්බන්ධ සැබෑ අවදානම්වලට මුහුණදීමට ආරක්ෂක පාලනය උපකාරී විය හැකිය.

එහෙත් මෙම වැඩසටහන් දෙකම ක්‍රියාත්මක කිරීම, ආයතනික වගවීම සහ විවෘතභාවය හා පාලනය අතර සමතුලිතතාව සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතු කරයි. චීනයේ ප්‍රවේශය තක්සේරු කරනු ලබන්නේ එය ලබාදෙන ප්‍රායෝගික ප්‍රතිඵල අනුවය. එනම් සහයෝගීතාව සැබවින්ම ඇතුළත්කාරීද, ආරක්ෂක පියවර ඵලදායී හා සමානුපාතිකද සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගත් කොන්දේසි මත සහභාගී විය හැකිද යන්න මතය.

මෙහි මූලික අදහස වන්නේ කෘත්‍රිම බුද්ධිය අනිවාර්යයෙන්ම “එක් පාර්ශ්වයක ජයග්‍රහණය තවත් පාර්ශ්වයක පරාජයක් වන” ශුන්‍ය එකතුවේ තරගයක් ලෙස සැලකිය යුතු නොවන බවයි.

නවෝත්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතරම ආරක්ෂක අවශ්‍යතා අනිවාර්ය කොන්දේසියක් ලෙස සලකන්නේ නම්, කෘත්‍රිම බුද්ධිය සියලු දෙනාගේ ප්‍රයෝජනය සඳහා මෙහෙයවිය හැකිය.

ලැඩිස්ලාව් සෙමානෙක්

ලැඩිස්ලාව් සෙමානෙක් (PhD) බුඩාපෙස්ට්හි පිහිටි චීන සමාජ විද්‍යා ඇකඩමියට අනුබද්ධ China-CEE Institute හි නේවාසික නොවන පර්යේෂණ සාමාජිකයෙකු වන අතර, Valdai Discussion Club හි විශේෂඥයෙකු ලෙසද කටයුතු කරයි.

ඔහු ප්‍රාග්හි Charles University වෙතින් ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) ලබා ඇති අතර, එම විශ්වවිද්‍යාලයෙන්ම නැගෙනහිර යුරෝපා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී (BA) සහ ශාස්ත්‍රපති (MA) උපාධි සම්පූර්ණ කර තිබේ.

සෙමානෙක් චෙක් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ආයතනය සහ චෙක් විද්‍යා ඇකඩමිය සමඟද සහයෝගයෙන් කටයුතු කර ඇත.

2025 වසරේදී ඔහු රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක MGIMO University හි InteRussia ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගනු ලැබීය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
දුදස්සනගේ මොළේ පැතැළියි. පහුගිය දවස්වල දුදස්සන මෙහෙම කතාවක් කියනවා ඇහුණා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසා ඇත්තේ, Brexit ජනමත විචාරණයෙන් දශකයකට පසුව යුරෝපා සංගමය සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව ඔහුගේ රජය සලකා බලමින් සිටින බැවින්, අවසානයේදී එක්සත් රාජධානියට යුරෝපා සංගමයට යළි එක්වීමට හැකි විය හැකි බවයි.
බටහිර විද්‍යා අධ්‍යාපනය ලැබූ අය විද්‍යුත් චුම්භක තරංග (electro magnetic wave) ගැන අසා ඇත. සංඛ්‍යාතය අනුව ඒවා වර්ග කර ඇත. ගැමා කිරණ, X කිරණ, UV කිරණ, සාමාන්‍ය ආලෝකය, ක්ෂුද්‍ර තරංග, FM/AM/VHF, UHF තරංග විද්‍යුත් චුම්භක තරංගවලට අයත් වේ.
"බාල බෙහෙත්" සහ "ඉන්දියානු ෆාමකෝපියාව" මේ දවස් වල අපිට හැම වෙලේම ඇහෙන වචන දෙකක්. ඇත්තටම මේ වචන දෙකෙන් කියවෙන්නේ මොනවද? මේ දෙක අතරේ මොකක් හරි සම්බන්දයක් තියෙනවා ද? අපි අද ලිපියෙන් ඒ ගැන පොඩි පර්යේෂණයක් කරලා බලමු. බෙහෙතකට "බාල" කියන නම යෙදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලලා ඉමු අපේ අතට එන බෙහෙත් පෙත්තක් හැදෙන්නේ කොහොමද කියලා.
ශ්‍රී ලංකාව තුළ මහජන ආරක්ෂාව සහ රාජ්‍යයේ ස්ථාවරත්වය තහවුරු කිරීම උදෙසා පනවා ඇති නීති රෙගුලාසි අතර, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ඒවාට අනුබල දීම් වැළක්වීමේ පනත් විශේෂ ස්ථානයක් ගනී.
අනෙකුත් සෑම විනාශකාරී ප්‍රහාරයක් මෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයද විවිධ පාර්ශ්වයන් විසින් තමන්ගේ වාසිය සඳහා භාවිත කරමින් අනිසි ප්‍රයෝජන ගෙන ඇත. එබැවින් මෙම අවසාන නඩු තීන්දුව සෑම දෙනාම අනිවාර්යයෙන්ම කියවිය යුතු එකකි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් හා සංඝමිත්තා මහා තෙරණියගේ සම්ප්‍රාප්තියෙන් පසු ක්‍රිස්තු පූර්ව 288 දී අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු ලක්වැසි සදැහැවතුන්ගේ ජීවමාන බුදුන් වහන්සේය.
මහනුවර යුගයේ බිහිවූ විශිෂ්ටතම ඉංජිනේරුවෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන දේවේන්ද්‍ර මූලාචාර්යයන් (ඩිංගිත්තා අප්පු) පිළිබඳව තොරතුරු අනාවරණය වන යූටියුබ් වීඩියෝවක් Next page යූටියුබ් නාලිකාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

2022 පැවැති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අත්හිටුවීම් හේතුවෙන් මෙරට ආයෝජන වාතාවරණය තවමත් බරපතළ අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ඩුබායි සිට ඊශ්‍රායලයේ තෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වය සහ එය සෞදි අරාබියට ගොඩබෑම් සිද්ධිය පිටුපස කිසියම් දේශපාලනමය හෝ ඔත්තු සේවා අරමුණක් තිබේදැයි සැක පහළ වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ලෝක ආර්ථිකය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ගෝලීය ආරක්ෂක රටාව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, මෙම තාක්ෂණයේ අනාගත ගමන්මග තීරණය කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට චීනය සමත්ව සිටී.

බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..

Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.

"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න එනම් 159ක බලයක් හිමි ආණ්ඩුවකට මහජනයා ලබා දී ඇති බලය නිසියාකාරව පාවිච්චි නොකර, තමන්ට 'රාජ්‍ය බලය නැතැයි' පැවසීම විහිළුවක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.