News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන්නේ කෙසේද? - ශ්‍රී ලංකා සහ සංසන්දනාත්මක නීතිමය විශ්ලේෂණයක්

Aug 16, 2026 at 04:46 PM
|

1. හැඳින්වීම

අධිකරණ ස්වාධීනත්වය යනු නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනයේ මූලික පදනමකි. ව්‍යවස්ථාදායකය සහ විධායකය තම බලතල සීමාව ඉක්මවා නොයන බව සහතික කිරීමේ අවසාන ආයතනික ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි.

එබැවින් විනිසුරුවරුන්ගේ පත්වීම, ධුර කාලය, ඉවත් කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් සහ විශ්‍රාමික වයස වැනි කරුණු, සරල සේවා කොන්දේසි ලෙස සැලකීම වැරදිය. මේවා විනිසුරුවරයාට බාහිර බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන ආයතනික ආරක්ෂාවන්ය.

2026 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම පිළිබඳව ප්‍රසිද්ධ සාකච්ඡාවක් ඇති වී තිබේ. මේ පිළිබඳව වාර්තා වූ යෝජනාවන් සම්බන්ධයෙන් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුව ඇත. 

එහෙත් මෙම ලිපියේ සාකච්ඡාව යෝජිත හෝ වාර්තා වූ සංශෝධනයක නිශ්චිත අන්තර්ගතය පිළිබඳ අවසාන තීරණයක් නොව, එවැනි සංශෝධනයක් ඉදිරිපත් වුවහොත් එය පරීක්ෂා කළ යුතු ව්‍යවස්ථාමය හා නීතිමය මූලධර්ම පිළිබඳ විශ්ලේෂණයකි.

2. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ ස්වාධීනත්වය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XV පරිච්ඡේදය අධිකරණය පිළිබඳ ප්‍රතිපාදන සපයයි.  105(1) ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අයිතිවාසිකම්, නිදහස සහ අධිකරණ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා අධිකරණ ආයතන පිහිටුවා ඇත.

 107 වන ව්‍යවස්ථාව වඩාත් වැදගත් වන්නේ එය “ අධිකරණයේ ස්වාධීනත්වය-Independence of the Judiciary” යන උපශීර්ෂය යටතේ විනිසුරුවන්ගේ පත්වීම, ධුර කාලය, ඉවත් කිරීම සහ විශ්‍රාමික වයස සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සපයන බැවිනි.

 107(5) ව්‍යවස්ථාවට  අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවු. 65 කි, 

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවු. 63 කි.

මෙම වයස් සීමාව සාමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ විශ්‍රාමික වයස ට- retirement age- සමාන නොවේ. එය විනිසුරුවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානය දුර කාලයේ- constitutional tenure- කොටසකි. විශුව ලිංගම් එදිරිව ලියනගේ-

Visuvalingam v Liyanage- යන නඩු තීන්දුවේ දී  ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ට ස්වකීය දුර කාලය පිළිබඳ ආරක්ෂිතභාවය -security of tenure- ලබා දීම ඔවුන්ගේ පෞද්ගලික ප්‍රතිලාභයක් සඳහා නොව, මහජන යහපත සහ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා බවයි.

3. විශ්‍රාමික වයස සහ දුර කාලයේ ආරක්ෂිතභාවය- Security of Tenure-

විනිසුරුවරයකුට තම ධුරය ස්ථාවරව පවත්වාගෙන යා හැකි බවට ඇති විශ්වාසය අධිකරණ ස්වාධීනත්වයේ- judicial independence- මූලික අංගයකි.

විනිසුරුවරයකුට තම ධුරය රජයේ  හෙවත් ආණ්ඩුවේ කැමැත්ත මත හෝ දේශපාලන බලපෑම මත අහිමි විය හැකි නම්, ඔහුට හෝ ඇයට ජනප්‍රිය නොවන නමුත් නීතියට අනුකූල තීරණ ලබාදීමට අවශ්‍ය ආයතනික ස්වාධීනත්වය දුර්වල වේ.

මේ හේතුව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විනිසුරුවන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සපයා ඇත. මෙය විනිසුරුවරයාට පෞද්ගලික වරප්‍රසාදයක් ලබා දීමක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ආයතනික සහතිකයකි- institutional guarantee-;

4. විශ්‍රාමික වයස -Retirement age- වෙනස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත්ම තීන්දුව

මේ සම්බන්ධයෙන් වර්තමාන සාකච්ඡාවේ වඩාත් වැදගත් නෛතික අධිකාරිය - legal authority-වන්නේ දේශීය ආදායම් (සංශෝධනය) කෙටුම්පත පිළිබඳ නඩු තීන්දුවක්- Re Inland Revenue (Amendment) Bill, S.C. (S.D.) Nos. 64–71/2022 ය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ:

“Any Constitutional amendment to the retirement age or the period of office impacting on incumbent judges, whether directly or indirectly, will impinge on the independence of the judiciary and [be] violative of Article 3 which requires a Referendum.”

මෙය අතිශය වැදගත් ප්‍රකාශයකි. එයින් පැහැදිලි වන්නේ විශ්‍රාමික වයස -;retirement age- වෙනස් කිරීමේදී “එය සාමාන්‍යයෙන් සියලුම විනිසුරුවන්ට අදාළ වේ” යන කරුණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එය දැනට ධුරයේ සිටින විනිසුරුවන්ට සෘජු-;direct - හෝ වක්‍ර බලපෑමක්- indirect effect- ඇති කරන්නේද යන්නද විමසා බැලිය යුතුය.

එම නඩුවේදී අධිකරණය අවධාරණය කළ මූලධර්මය, වර්තමාන සාකච්ඡාවට සෘජුවම අදාළ වේ.

5. තමාගේ නඩුවේ මිනිසුරුවරයා තමාම නොවිය යුතුය-Nemo Judex in Causa Sua-

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ තවත් මූලික මූලධර්මයක් වන්නේ

Nemo judex in causa sua

එනම්,

“කිසිවෙකු තමන්ගේම නඩුවේ විනිසුරුවරයා නොවිය යුතුය” බවයි.

මෙය ස්වභාවික යුක්තියේ- natural justice- පක්ෂග්‍රාහී භාවයට එරෙහි  මූලික රීතියකි-rule against bias-

 මෙහි වැදගත්කම වන්නේ විනිසුරුවරයා සැබවින්ම පක්ෂග්‍රාහී බව ඔප්පු කිරීම පමණක් නොවේ. සාධාරණ හා දැනුවත් නිරීක්ෂකයකුට- any reasonable observer- පක්ෂග්‍රාහීභාවයක් ඇති බවට සාධාරණ සැකයක් ඇතිවීම පවා ඇතැම් අවස්ථාවල නුසුදුසු භාවය- disqualification- සඳහා ප්‍රමාණවත් විය හැකිය.

මෙහි මූලික අදහස වන්නේ " යුක්තිය ඉටුකිරීම පමණක්් නොව එය ප්‍රකාශිතවම ඉටු වන බවටද පැහැදිලි විය යුතුය"-

Justice must not only be done; it must also manifestly be seen to be done-. 

6. ශ්‍රී ලංකාවේ පක්ෂග්‍රාහී භාවය- Bias- සහ තමාගේ නඩුවේ විනිසුරුවරයා තමා නොවිය යුතුය Nemo Judex - යන මූලධර්ම පිළිබඳ නඩු තීන්දු

6.1. කරවිට ඉදිරිව අබේරත්න- Karawita v Abeyratne- [1983] 2 Sri LR 306. මෙම නඩුවේදී අධිකරණය අවධාරණය කළේ, විනිශ්චයකරු සැබවින්ම පක්ෂග්‍රාහී නොවූවත්, සාධාරණ පුද්ගලයන්ට ඔහු පක්ෂග්‍රාහී විය හැකි බවට සත්‍යමය හැකියාවක් පෙනේ නම් ඔහු එම නඩුව නොඇසිය යුතු බවයි.

එහි මූලික හරය- rationale- වන්නේ මහජන විශ්වසනීයත්වයයි- public confidence-. ඕනෑම සාධාරණ පුද්ගලයන්ට “විනිසුරුවරයා පක්ෂග්‍රාහී විය හැකිය” යන හැඟීම ඇති වූ විට අධිකරණය පිළිබඳ විශ්වාසය විනාශ වේ.

මෙය වර්තමාන විශ්‍රාමික වයස- retirement-age- ප්‍රශ්නයට ඉතා වැදගත් වේ. මන්ද,  සැබෑ පක්ෂග්‍රාහිභාවය-actual bias - නොමැති වුවද,  බැඳියාවන් පිළිබඳ දෘශ්‍යමාන ගැටුමක්- apparent conflict- ඇති වීම පමණක් අධිකරණමය සුජාතභාවය ට- judicial legitimacy - හානිකර විය හැකි බැවිනි.

6.2. සයිමන් ඉදිරිව ජාතික නිවාස කොමසාරිස්- Simon v Commissioner of National Housing

 හිදී ශ්‍රේෂ්ඨාධිකරණය අර්ධ අධිකරණමය තීරණය ගන්න නිලධාරියෙකු ද - quasi-judicial decision-maker - බැඳියාවන් නොමැති සහ පක්ෂග්‍රාහී - disinterested and unbiased- නොවිය යුතු බව පිළිගත්තේය. මෙම නඩුවේදී - පක්ෂග්‍රාහී භාවය- bias- සම්බන්ධයෙන් “-  තත්ත්වය සම්භාවිතාව-real likelihood” - පැවතීම යන පරීක්ෂණය- test - භාවිත කර තිබුණි.

මෙය  අධිකරණමය තීරණ ගැනීමේදී පමණක් නොව-judicial decision-making - අර්ධ අධිකරණමය කර්තව්‍යයන් -quasi-judicial functions- සඳහාද ස්වභාවික යුක්තියේ- natural justice- පක්ෂග්‍රාහී භාවයට එරෙහි රීතිය-rule against bias- ක්‍රියාත්මක වන බව පිළිගෙන ඇත.

6.3. ගාමිණී දිසානායක එදිරිව එම්. සී.එම්. කලීල්- Gamini Dissanayake v M.C.M. Kaleel

 [1993] 2 Sri LR 135 හිදී පක්ෂග්‍රාහීභාවය- bias- සම්බන්ධයෙන් විශ්වයූලික- objective- සහ මනෝමූලික-subjective elements- මූලාංග දෙකම පිළිබඳව සාකච්ඡා කරන ලදී. අධිකරණය මෙහිදී සඳහන් කළේ පක්ෂග්‍රාහීභාවය- bias- පිළිබඳ චෝදනා සෑම අවස්ථාවකම එකම දැඩි පරීක්ෂණයකින් පමණක් නොසලකා, අදාළ තීරණ ගන්නා ආයතනයේ- decision-making body ස්වභාවය සහ කරුණු අනුව පරීක්ෂා කළ යුතු බවයි.

මෙයින් පිළිබිඹු වන වැදගත් නීතිමය මූලධර්මය වන්නේ පක්ෂග්‍රාහීභාවය- bias යනු- යාන්ත්‍රික රීතියක්- mechanical rule-  නොව, සිතිමය කරුණු සහ ආයතනික සන්දර්භය- factual and institutional context- තුළ පරීක්ෂා කළ යුතු මූලධර්මයක් බවයි.

7. මූල්‍යමය බැඳියාව- Pecuniary Interest — තමාගේ නඩුවේ විනිසුරුවරයා තමා නොවිය යුතුය-

Nemo judex principle-  වඩාත් දෘඪ ආකාරය වන්නේ මූල්‍යමය බැඳියාව- pecuniary interest - හෙවත් තීරණයෙන් තමාට මූල්‍ය ප්‍රතිලාභයක් ඇතිවීමයි.

විනිසුරුවරයකු ඉදිරියේ ඇති නඩුවක තීරණය ඔහුගේ:

වැටුප- Salary,

විශ්‍රාම යෑම-pension,

මූල්‍යමය අයිතිවාසිකම්-financial entitlement,

දේපලමය බැඳියාවන්-property interest,

සමාගම් කොටස්-shares,

ස්වකීය පවුලේ මූල්‍යමය බැඳියාවන්-family financial interest-

වැනි කරුණු කෙරෙහි සෘජු හෝ සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නේ නම්, ඔහු එම නඩුවේ සිටීම අපක්ෂපාතී විනිශ්චකරණයක්- impartial adjudication- පිළිබඳ බරපතළ ගැටලු ඇති කරයි.

එවැනි අවස්ථාවක “මම ඇත්තටම පක්ෂග්‍රාහී නොවෙමි” යන මනෝමූලික සහතික වීම-;subjective assertion ප්‍රමාණවත් නොවේ.

8. විශ්‍රාමික වයස පිළිබඳ යෝජනාව සහ මූල්‍යමය බැඳියාවන්-Pecuniary Interest

මෙහිදී  විශ්‍රාමික වයස දීර්ඝ කිරීම- retirement age extension-  සම්බන්ධයෙන් සුවිශේෂී ව්‍යවස්ථාමය ගැටලුවක් මතු වේ.

උදාහරණයක් ලෙස, දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරයකුගේ විශ්‍රාමික වයස- retirement age - අවු. 65 සිට 67 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව සලකමු.

එවැනි පනත් කෙටුම්පතක- Bill- ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120/121 ව්‍යවස්ථා- constitutionality Article 120/121 - යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කළහොත්, එම විනිශ්චය ආසනයේ- Bench-  සිටින විනිසුරුවන්ටම 

තමන්ගේ විශ්‍රාමික කාලය- retirement period- දීර්ඝ වීමෙන් ප්‍රතිලාභයක් ලැබිය හැකිය.

එම ප්‍රතිලාභය විශ්‍රාම යෑම/මූල්‍යමය අයිතිවාසිකම්-pension/financial entitlements කෙරෙහි බලපෑ හැකිය.

එම නිසා නඩු තීන්දුවේ අවසාන ප්‍රතිඵලයට -case outcome- පුද්ගලික බැඳියාවන්- personal interest - බලපා ඇතැයි ඇතැයි සාධාරණ පුද්ගලයකුට සිතිය හැකිය.

මෙය සැබෑ පක්ෂග්‍රාහී භාවයක්-actual bias- තිබෙන බවට බවට තීරණය කිරීමක් නොවේ. එහෙත් දෘශ්‍යමාන පක්ෂග්‍රාහීභාවයක් හෝපක්ෂග්‍රාහී භාවයක් ඇති බවට සාධාරණා හැඟීමක්- apparent bias / reasonable apprehension of bias- පිළිබඳ බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය- constitutional question- ප්‍රශ්නයක් මතු කරයි.

9. සෙනරත් එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ වෙනත් අය-  /Senarath v Chandrika Bandaranaike Kumaratunga [2007] 1 Sri LR 59 නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරනු ලැබුවේ මහජනයාට අදාළව තීරණ ගැනීමේදී -public decision-making - තමන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් හෝ බැඳියාවන්- interests- එම තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑමක් ඇති කරන්නේ නම් එයට සහභාගී වීමෙන් වැළකී සිටිය යුතු බවයි.මෙම නඩුවේදී මාගේ නඩුවේ විනිසුරු තමාම වීම පිළිබඳ මූලධර්මය- nemo judex principle- පිළිගෙන ඇත.

මෙය විශ්‍රාමික වයස පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය අභියෝගය- retirement-age constitutional challenge-  සමඟ සම්බන්ධ කිරීමේ දී වැදගත් වන්නේ පෞද්ගලික ප්‍රතිලාභ- personal benefit- සහ පොදු තීරණ ගැනීම  -public decision-making- අතර  ගැටුමක්- conflict- පවතින බවයි.

10. විදේශීය නීතිය- එක්සත් රාජධානිය: United Kingdom

10.1. රජ එදිරිව  සසෙක්ස් ඒක පාර්ශ්වික මැකාති -R v Sussex Justices, ex parte McCarthy-

 [1924] 1 KB 256.

මෙම නඩු තීන්දුව ස්වභාවික යුක්තිය පිළිබඳව ඉතා වැදගත් නඩු තීන්දුවකි.  අධිකරණය මෙහිදී අවධාරණය කළේ අධිකරණය, යුක්තිය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට, තීරණය ගන්නාගේ-decision-maker- අපක්ෂපාතිභාවය- impartiality- පිළිබඳ සාධාරණ සැකයක් පවා වැදගත් බවයි.

10.2. Locabail (UK) Ltd v Bayfield Properties Ltd

Locabail (UK)  [2000] QB 451 යනු නූතන ක්ෂග්‍රාහී පිළිබඳ මූලධර්මයේ- modern apparent-bias doctrine - ප්‍රධාන අධිකාරිය- authority වේ.

අධිකරණය මෙහිදී අවධාරණය කළේ සෑම නඩුවකදීම සැබෑ පක්ෂග්‍රාහී භාවය- actual bias- ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත්, සාධාරණ පුද්ගලයකුට පක්ෂක්රාහී භාවය- bias- පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන තත්වයන් ප්‍රමාණවත් බවයි.

10.3 .  R v  Bow Street Metropolitan Stipendiary Magistrate, ex parte Pinochet (No. 2) [1999] 1 All ER 577 නඩුව වඩාත් ප්‍රබල උදාහරණයකි. මෙහිදී එංගලන්තයේ ස්වාමි මන්ත්‍රී මණ්ඩලයේ  හොෆ්මන් නැමති නීති ස්වාමිවරයා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය- 

House of Lords' Lord Hoffmann Amnesty International - සමඟ ඇති සම්බන්ධතාවයක් හේතුවෙන් එම නඩුවේ අපක්ෂපාතිභාවය-  impartiality- පිළිබඳ ගැටලුවක් මතු විය. එබැවින් පළමු තීන්දුව නිෂ්ප්‍රභා - set aside- කරන ලදී.

මෙහි මූලික මූලධර්මය වන්නේ

පෞද්ගලික හෝ ආයතනික සම්බන්ධතාවයක්  එම නඩු තීන්දුවේ අවසාන ප්‍රතිඵලය-case outcome- සමඟ සම්බන්ධ සැබෑ අසාධාරණයක්- actual prejudice-   ඇති බව ඔප්පු නොකළත්, අධිකරණ  සුජාතභාවය පිළිබඳව- judicial legitimacy - ගැටලුවක්  පවතින බවයි.

11. ඔස්ට්‍රේලියාව: 

ඔස්ට්‍රේලියානු  මහාධිකරණය Ebner v Official Trustee in Bankruptcy (2000) 205 CLR 337 නඩුවේ දී මූල්‍යමය බැඳියාව- pecuniary interest- සහ  පක්ෂග්‍රාහීභාවය පිළිබඳ සැකය- apprehended bias සම්බන්ධයෙන් ප්‍රමුඛ  අධිකාරිය-authority-වේ.

මෙහිදී අධිකරණය මූල්‍යමය බැඳියාවක්- pecuniary interest-  ඇති විනිසුරුවරයකු සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී භාවය පිළිබඳ පරීක්ෂණය -bias test- කුමක්ද යන්න විග්‍රහ කළේය. එය පසුව ඔස්ට්‍රේලියානු පක්ෂග්‍රාහීභාවය පිළිබඳ නීති විද්‍යාවේ -bias jurisprudence-  මූලික අධිකාරිය- authority- බවට පත්විය.

මෙයින් පැහැදිලි වන්නේ මූල්‍යමය බැඳියාව- financial interest-  සහ අධිකරණමය අපක්ෂපාතිභාවය- judicial impartiality- අතර සම්බන්ධතාවය ඉංග්‍රීසි පොදු නීති විද්‍යාව- common-law jurisdictions- තුළ ද දැඩිව පිළිගෙන ඇති බවයි.

12. කැනඩාව:

කැනේඩියානු  ශ්‍රේෂ්ඨාධිකරණය- Supreme Court-  විසින් තීරණය කරන ලද Wewaykum Indian Band v Canada, [2003] 2 SCR 259 නඩුවේදී “පක්ෂග්‍රාහී භාවය පිළිබඳ සාධාරණ සැකය නැමැති පරීක්ෂණය- reasonable apprehension of bias” test-  විස්තරාත්මකව ප්‍රතිනිර්මාණය කරන ලදී. ඒ අනුව

අදාළ පරීක්ෂණය වන්නේ;

සාධාරණ, නිවැරදි සිතකින් යුත් සහ තොරතුරු සහිත පුද්ගලයකු, කරුණු යථාර්ථවාදීව හා ප්‍රායෝගිකව සලකා බැලීමෙන්, විනිසුරුවරයාගේ ආපක්ෂපාතීභාවය- impartiality- පිළිබඳ සාධාරණ සැකයක් ඇති කර ගනීද?

යන්නයි.

මෙම පරීක්ෂණය- test-  වෙනසුරුවන්ගේ විශ්‍රාමික වයසස පිළිබඳව කරුණට- retirement-age case- එකකට යෙදීමේදී වැදගත් වන්නේ, විනිසුරුවරයා තමන්ටම මූල්‍ය ප්‍රතිලාභයක්- financial benefit -  ලැබිය හැකි ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය ප්‍රශ්නයක්- constitutional question- තීරණය කරන බව සාමාන්‍යයෙන් දැනුවත් නිරීක්ෂකයකු- knowledge observer- දකින ආකාරය කුමක්ද යන්නයි.

13. ඉන්දියාව: 

A.K. Kraipak v Union of India, AIR 1970 SC 150 නඩුවේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය- Supreme Court -  පක්ෂග්‍රාහී භාවය පිළිබඳ නීති විද්‍යාවේ - bias jurisprudence-  ප්‍රමුඛ අධිකාරිය- authority- වේ. 

එහිදී  තේරීම් මණ්ඩලයක-;selection board- සාමාජිකයකු තමන්ම තේරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයකු විය. ඔහු තම නම සලකා බැලූ අවස්ථාවේදී පමණක් ඉවත් වූවත්, වෙනත් අපේක්ෂකයන් තෝරාගැනීම සම්බන්ධ සාකච්ඡාවලට- deliberations-  සහභාගී වීමෙන්  බැඳියාවන් පිළිබඳව ගැටුම-conflict of interest- මතු විය. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවේ

 එවැනි තත්වයකදීස්වභාවික යුක්තිය සහ පක්ෂග්‍රාහී භාවයට එරෙහි රීතිය natural justiceand  rule against bias-  උල්ලංඝනය කර ඇති බවයි.

මෙය වර්තමාන විශ්‍රාමික වයස පිළිබඳ විවාදයට- retirement-age debate- ඉතා ප්‍රබල  සන්සන්දනාත්මක අධිකාරිය -comparative authority-වේ.

තමන්ට සෘජුව හෝ ආසන්නව ප්‍රතිලාභයක් ලැබිය හැකි තීරණයකට තීරණය ගනු ලබන්නා- decision-maker- සහභාගී වීම ආයතනික අපක්ෂපාතිභාවය- institutional impartiality පිළිබඳ ගැටලුවක් ඇති කරන බවයි.

14. යුරෝපා සංගම් අධිකරණය: 

European Commission v Republic of Poland, Case C-619/18, තීරණය විශ්‍රාමික වයස සහ අධිකරණ අධිකරණයේ ස්වාධීනත්වය- retirement age and judicial independence- සම්බන්ධයෙන් වර්තමාන ලෝකයේ වඩාත්ම වැදගත් නඩු තීන්දුවකි.

පෝලන්තය  එහි ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස  අඩු කර එය දැනට ධූරවල සිටින විනිසුරුවරුන්ටද  අදාළ වන පරිදි නීතිීයක් ගෙන ආවේය. විශ්‍රාමික වයස ඉක්මවා සේවය කිරීමට ජනාධිපතිවරයාට අභිමතය- discretion- ලබා දී තිබුණි. යුරෝපීයානු සංගම් අධිකරණය

(CJEU ) විසින් මෙය පහත සඳහන් මූලධර්ම සමග සලකා බලන ලදී.

(අ) අධිකරණ ස්වාධීනත්වය සහ ධූරවලින් ඉවත් කළ නොහැකිභාවය- judicial independence and the  principle of irremovability- එහිදී අධිකරණය තීරණය කරනු ලැබුවේ එමඟින් යුරෝපියාණු සංගම නීතිය(EU law) උල්ලංඝනය කර ඇති බවයි.

තවදුරටත් අධිකරණ  සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කිරීම පිණිසවිනිසුරුවන්ට බාහිර මැදිහත්වීම් වලින්

 වලින් නිදහස් විය යුතු බවයි.

(ආ) පීඩනවලින්(pressure) ආරක්ෂා විය යුතු බව;

(ඇ) ධූරවලින් සුරක්ෂිත භාවය-security of tenure-  තිබිය යුතු බව;

(ඈ) විශ්වාමික වයස පිළිබඳ නීති මගින්- retirement-age laws- මගින් සාධාරණ සැකයක්- reasonable doubt - ඇති නොවිය යුතු බව,

විශේෂයෙන්ම, දැනට ප්‍රකාශිත විශ්‍රාමික- retirement age- ඉක්මවා සේවය කිරීමට විධායකය අභිමතය- executive discretion- ලබා දීම මිනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය  පිළිබඳ සාධාරණ සැකයක්- reasonable doubts- ඇති කළ හැකි බවයි.

15. විශ්‍රාමික වයස දීර්ඝ කිරීම සහ විශ්‍රාමික වයස අඩු කිරීම අතර නීතිමය වෙනස

මෙහිදී වැදගත් වේ. 

විශ්‍රාමික වයස අඩු කිරීම දැනට ධූරවල සිටින විනිසුරුවන්   ඉවත් කිරීමට භාවිත කළ හැකිය.

විශ්‍රාමික වයස දීර්ඝ කිරීම  දැනට ධූරවල සිටින විනිසුරන්ට ට වැඩි කාලයක් ධුරයේ සිටීමට ඉඩ දෙයි.

මේ අවස්ථා දෙක එකිනෙකට විරුද්ධ ප්‍රතිඵල ඇති කළත්, ඒ දෙකෙන්ම  අධිකරණ ස්වාධීනත්වයට- judicial independence -  බලපෑම් ඇති කළ හැකිය.

මන්ද යත් විශ්‍රාමික වයස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව- government policy- දැනට ධූරවල සිටින විනිසුරන් සම්බන්ධයෙන් -incumbent judges-  තාවකාලිකව- ad hoc- වෙනස් කළ හැකි නම්, විනිසුරන්ගේ ධුරවල ස්ථිරභාවය  දුර්වල කරයි.

ඒ අනුව මෙම නඩුවේදී දුන් යුරෝපයන් සංගම් අධිකරණය තීරණය කරනු ලැබුවේවිනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස පිළිබඳව වෙනස්කම් කිරීම අධිකරණ ස්වාධීනත්වයට  බලපාන බවයි. බවයි.

16. Article 3 — ජනතා පරමාධිපත්‍යය

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ   3 වන ව්‍යවස්ථාව යටතේ දක්වා ඇත්තේ පරමාධිපත්‍යය ජනතාව සතුව පවතින බවයි- sovereignty resides in the People-. එම  පරමාධිපත්‍ය තුළ යස් සදායක විධායක සහ අධිකරණය බල යන අංග ගැබ් වී ඇති බවයි. 

ශ්‍රේෂ්ඨාධිකරණය Re Industrial Disputes (Special Provisions) Bill සහ Re Inland Revenue (Amendment) Bill වැනි නඩු තීන්දු මගින්  3 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති රමාධිපත්‍යය නැමැති මූලධර්මය අධිකරණයේ ස්වාධීනත්වය යන ධර්මය සමග සම්බන්ධ කර ඇත. 2024 දි දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු වේද  Re Inland Revenue (Amendment) Bill හිතේ දෙන ලද තීන්දුව උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දැනට ධූරවල සිටින විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස හෝ ධූරයේ කාලය-  period of office - වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට  බලපාන බව යි. 

ඒ අනුව විශ්‍රාමික වයස යනු  පෞද්ගලිකව එක් එක් විනිසුරුවන්ගේ  සේවා ප්‍රතිලාභයක් ලෙස පමණක් නොව,  මහජනතාව සතු පරමාධිපත්‍යය තුළ තිබෙන අධිකරණ බලය People's judicial  sovereignty -  ක්‍රියාත්මක කරන ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතිකයක් ලෙස- constitutional guarantee- ලෙස සැලකිය යුතු බවයි.

17. 121 වන ව්‍යවස්ථාව සහ තමාගේ නඩුවේ විනිසුරුවරයා තමා මනෝ විය යුතුය යන -Nemo Judex — ව්‍යවස්ථාමය උභතෝකෝටිකය

120 ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක්- Bill- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලද යන්න එකක්  තීරණය කිරීමේ  අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. 

 121(1)  ව්‍යවස්ථාව මගින් ඕනෑම පුරවැසියෙකුට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර දින සිට දින 14 ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලබා දෙයි. 

123 අවස්ථාව මගින් අධිකරණයට එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන්නේ ද ,එසේ නම් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක්  ඡන්දය ට අමතරව ජනමත්ව විචාරණයක් - referendum - ජනතා විසින්ද අනුමත කිරීම අවශ්‍යද යන්න තීරණය කළ හැකිය.

එබැවින් විශ්‍රාමික වයස සංශෝධනය කිරීම දැනට ධූරවල සිටින විනිශ්චයකාරවරුන්ගේම විශ්‍රාමික අයිතිවාසිකම්  වලට බලපාන්නේ නම්, මෙවැනි ප්‍රශ්නයක් මතුවිය හැකිය: එනම්

තමන්ගේම ධූර කාලය සහ විශ්‍රාමික ප්‍රතිලාභ දක්වා ඇති පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලභාවය තීරණය කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ අංශයක -constitutional Bench - සිටිය හැකිද? යන්නයි.

මෙය  ස්වයං නුසුදුසුකමක්  වීමට තරම්- automatic disqualification- බරපතල ප්‍රශ්නයක් වන්නේ එය තමාගේ නඩුවේ විනිසුරුවරයා තමාම නොවිය යුතු යන මූලධර්මය- nemo judex- , දෘශ්‍යමාන පක්ෂග්‍රාහී භාවය- apparent bias- සහ මූල්‍යමය බැඳියාව-pecuniary interest- යන මූලධර්ම සමග සැලකූවිට අදාල විනිසුරුවරු විසින් කරුණු හෙළි නොකිරීම හෙවත් කරුණු අනාවරණය නොකිරීම යන- recusal question - ප්‍රබල ප්‍රශ්නය මතුකරයි.

18. මහජන විශ්වාසය — Public Confidence

අධිකරණයක සුජාතභාවය- legitimacy- තීරණය වන්නේ එහි නීතිමය බලයෙන් පමණක් නොවේ. මහජනයා එම තීන්දු අපක්ෂපාතී, ස්වාධීන සහ සාධාරණ බවට විශ්වාස කළ කිරීමෙන්ය.

එබැවින් සත්‍යය පක්ෂ ග්‍රාහීභාවය තීරණ ගැනීමේ අභිමානවත්භාවයට

Actual bias → decision-making integrity- හානි කරයි. දෘශ්‍යමාන පක්ෂග්‍රාහිභාවය  මහජන විශ්වාසයට-

Apparent bias → public confidence - හානි කරයි. තවද බැඳියාවන් පිළිබඳ ආයතනික පටහැනිතාවය අධිකරණ සුජාතභාවයට-

Institutional conflict of interest → judicial legitimacy -  හානි කළ හැකිය.

මේවා දිගුකාලීනව එකිනෙක ශක්තිමත් කරන “ භයානක චක්‍රීය ප්‍රතික්‍රියා- spiral reaction” වලට හේතු විය හැකිය. එනම් දෘශ්‍යමාන බැඳියාවන් පිළිබඳ ගැටුම් මගින් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය අහිමිවන අතර මහජන විශ්වාසය අහිමි වූ විට එම අධිකරණවල සුජාතභාවය පිළිබඳවද මහජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත. එලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අධිකරණ තීන්දු සහ නීතිය නොපිළිපැදීමට ඔවුන් පෙළඹෙනු ඇත.එහි ප්‍රතිඵලය වන්නේ ආයතනික  අස්ථාවර භාවය සහ අවසානයේ  නීතියේ ආධිපත්‍යය ආධිපත්‍යය දුර්වල වනු ඇත-

Perceived conflict of interest → loss of confidence → rejection of judicial legitimacy → non-compliance → institutional instability → weakening of Rule of Law.

එබැවින් විශ්‍රාමික වයස සංශෝධනය  කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වලංගු වීම පමණක් නොව එය මහජනතාවට පෙනෙන ආකාරය ද වැදගත්ය.

19. සාධාරණ ප්‍රතිසංස්කරණයක් සඳහා අදාල වන මූලධර්ම

විශ්‍රාමික වයස වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම කිසිසේත්ම ආණ්ඩුක්‍රමස්ථානුකූලව කළ නොහැක්කක් යැයි කීම පිළිගත නොහැකි ප්‍රස්තුතයකි. 

ජාත්‍යන්තර නීතිය අනුව පෙනීයන්නේ දුන් විශ්‍රාමික වයස විවිධ රටවල්  විසින් වෙනස් කර ඇති බවයි. නමුත් එවැනි වෙනස්කම් ඉදිරි අනාගතයට බලපාන වෙනස්කම්-

prospective - විය යුතුය; දැනට ධූරවල සිටින විනිසුරුවන් -

incumbent judge- අදාල නොකළ යුතුය; දේශපාලන පළිගැනීමක් හෝ දේශපාලන ත්‍යාගයක්-

political retaliation- political reward - නොවිය යුතුය; විෂය මූලිකව ප්‍රතිපත්ති මත සාධාරණීකරණය කළ හැකි විය යුතුය-

objective policy justification-, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විනිවිද භාවයකින් -

transparent legislative process-  යුක්ත විය යුතුය; අධිකරණ ස්වාධීනත්වය සහ ධූර කාලයේ ස්ථිරභාවය -

judicial independence and- security of tenure දුර්වල නොකළ යුතුය; බුද්ධායකයේ අභිමතය මත-

executive discretion -  එක් එක් විනිශ්චකාරවරයාගේ සේවා අඛණ්ඩතාවය- continuation - රඳා නොපැවතිය යුතුය; ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව  සංශෝධනය කිරීමේ කාර්යපටිපාටිය-

constitutional amendment procedure- සම්පූර්ණයෙන් ම අනුගමනය කළ යුතුය.

Commission v Poland හිදී  යුරෝපියානු සංගම් අධිකරණය ආධාරණයය කළේ විශ්‍රාම ගැනීම පිළිබඳ වැඩපිළිවෙළ ට අදාළ කාර්ය පටිපාටිය මගින් විනිශ්චයකරුවන්ට බාහිර පීඩනයක් - external pressure - ඇති නොකරන ආකාරයෙන් ඒවා නිර්මාණය කළ යුතු බවයි.

20. නිගමනය

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස යනු සරල සේවා කොන්දේසියක් නොවේ. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වැනි ඉහළ අධිකරණ  සම්බන්ධයෙන් ඒවායේ සිටින විනිසුරුවන්ගේ කාලවල සුරක්ෂිත භාවය- security of tenure- සහ  අධිකරණ ස්වාධීනත්වය- judicial independence - යන මූලික ව්‍යවස්ථාමය සංකල්ප සමඟ සෘජුව සම්බන්ධ වේ.

ශ්‍රී ලංකාවේ  ආණ්ඩුක්‍රමය්ථාවේ  107(5)  වන ව්‍යවස්ථාව මගින් විශ්‍රාමික වයස  නිශ්චිතව නියම කර ඇති අතර, 107 ව්‍යවස්ථාව මගින් මුළුමනින්ම අධිකරණයේ ස්වාධීනත්වය- judicial independence- යන උපශීර්ෂය යටතේ එය දක්වා ඇත. Visuvalingam v Liyanage නඩු තීන්දුව මගින් ධූර කාලය පිළිබඳ සුරක්ෂිතභාවය- security of tenure- නැමැති මූලධර්මයේ ගැබ් වී ඇති මහජන නීති ගුණාංගය -public-law character - එක තහවුරු කරයි. Karawita v Abeyratne නඩුව මගින්  දෘශ්‍යමාන පක්ෂග්‍රහය භාවය- apparent bias - සහ මහජන විශ්වසනීයත්වය- public confidence- පිළිබඳ වැදගත් අධිකාරීන් සපයා ඇත. Senarath v Chandrika Bandaranaike Kumaratunga නඩු තීන්දුව මගින් පුද්ගලික බැඳියාවන්- personal interest - සහ අපක්ෂපාතී  තීරණ ගැනීම- impartial decision-making අතර සම්බන්ධය අවධාරණය කරයි. 

වඩාත්ම වැදගත් ලෙස Re Inland Revenue (Amendment) Bill නඩු තීන්දුව මගින් දැනට ධූරවල සිටින විනිශ්චකරුවන්ගේ- incumbent judges- විශ්‍රාමික වයස හෝ දූර කාලය- period of office- වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වය -judicial independence- සහ  3 වන ව්‍යවස්ථාව සමඟ සෘජුව සම්බන්ධ කර ඇත.

විදේශීය නීතියද එම මූලධර්මය ශක්තිමත් කරයි. Pinochet නඩුවේදී ආයත්නික සම්බන්ධතාවය- institutional connection-  නිසා දෘශ්‍යමාන පක්ෂග්‍රාහීභාවය- apparent bias- ඇති විය හැකි බව පෙන්වයි; Ebner නඩු තීන්දුව මූල්‍යමය බැඳියාව- pecuniary interest- සම්බන්ධයෙන් වැදගත් අධිකාරිකාරියක්- authority වේ. Wewaykum නඩු තීන්දුව මගින් පක්ෂග්‍රාහී භාවය පිළිබඳ සාධාරණ සැකය නමැති පරීක්ෂණය- reasonable apprehension of bias test-  වර්ධනය කරයි; A.K. Kraipak නඩු තීන්දුව මගින් තීරණ ගනු ලබන පුද්ගලයෙකුට පුද්ගලික බැඳියාවන්- personal interest- ඇති විට අපක්ෂපාතී තීරණයක් ගැනීමට- impartial decision-making- ඇති නොහැකියාව පිළිබඳ ගැටලුව  පෙන්වයි;  Commission v Poland නඩු තීන්දුව මගින් විශ්‍රාම යෑම් පිළිබඳ වැඩපිළිවෙලවල් - retirement arrangements- සහ අධිකරණ ස්වාධීනත්වය- judicial independence- අතර සෘජු සම්බන්ධය තහවුරු කරයි.

ඒ අනුව, දැනට ධූරවල සිටින විනිශ්චකරුවන්ට- incumbent judges-; මූල්‍ය හෝ වෘත්තීය ප්‍රතිලාභයක් ඇති විය හැකිවන පරිදි විශ්‍රාමික වයස සංශෝධනය කිරීම    සඳහා වූ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූල භාවය - constitutionality- විනිශ්චය කරන අධිකරණයේ අපක්ෂපාතිභාවය-impartiality- පිළිබඳ සාධාරණ සැකයක්- reasonable apprehension-  ඇතිවීමේ හැකියාව නොසලකා හැරිය නොහැක.

අවසානයේ ප්‍රශ්නය වන්නේ:

“විනිසුරුවරයා පක්ෂග්‍රාහීද?” යන්න පමණක් නොව, “සාධාරණ හා දැනුවත් මහජන පුද්ගලයකුට මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වාධීන හා අපක්ෂපාතී ලෙස පෙනේද?” යන්නයි.

අධිකරණ ස්වාධීනත්වයේ සැබෑ අර්ථය ඇත්තේ එතැනය.

 යුක්තිය ඉටු කිරීම පමණක් නොව එය ඉටුවන බව පෙනීයාා යුතුය-Justice must not only be done; it must be seen to be done.

2022 Inland Revenue (Amendment) Bill තීරණය මගින්  ලැබෙන ඉතා ප්‍රබල ප්‍රස්තුතය වන්නේ-proposition - වන්නේ දැනට ධූරවල සිටින විනිශ්චකරුවන්ගේ විශ්‍රාමික වයසට  හෝ ධූර කාලයට ඍජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරන  ශෝචිත ආණ්ඩුක්‍රමව්‍යවස්ථා  සංශෝධන  සහ 3  ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනතා පරමාධිපත්‍යය සමඟ සමඟ ගැටෙන බව ය.

ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

නීති අධ්‍යන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.