සීතල යුද්ධය උණුසුම් කළ සියවසේ රතු ඔත්තුකරුවා
සීතල යුද සමයේ කුප‍්‍රකට රහස් ඔත්තුකරුවකු වූ ජෝර්ජ් බ්ලේක් රුසියාවේදී මියගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 98ක් විය.
ජෝර්ජ් බ්ලේක් යනු ලෝකයේ ප‍්‍රධානතම බුද්ධි අංශ ජාලයන් අන්ද මන්ද කරවූ පුරාවෘත්තයකි.
ඔහු බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවයේ නිලධාරියකු ලෙස සේවය කරන අතරම සෝවියට් සංගමයේ දිවිත්ව නියෝජිතයෙකු (Double Agent) ලෙස ද කටයුතු කළේය.සෝවියට් දේශය වෙනුවෙන් රහසිගතව වැඩ කළ බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවන්ගේ පෙලපතේ අන්තිමයා වූයේ ජෝරජ් බ්ලේක් ය.
1950 දශකයේ දී එනම් සීතල යුද්ධයේ උච්ඡතම අවදියේ දී සෝවියට් කඳවුරට අයත් නැගෙනහිර යුරෝපය පුරා විසිරී සිටි බටහිර ඔත්තුකරුවන් සිය ගණනකගේ අනන්‍යතාවය ඔහු විසින් හෙලිකරන ලදී. එකී හෙලිදරව්ව නිසා නේටෝ බුද්ධි අංශ ජාලය තිගැස්සී ගිය අතර එය ඔවුන්ට මහත් අවමානයක් ගෙන දී තිබුණි.
බ්ලේක්ගේ හෙලිදරව්වට ලක් වූ සමහර බුද්ධි නිලධාරීන් පසුව ඝාතනය විය. බි‍්‍රතාන්‍යය සැලකුවේ එය මහා රාජද්‍රෝහී පාවාදීමක් ලෙසයි. දෙවන ලෝක යුද සමයේ සිට 1950 දශකය දක්වා සෝවියට් දේශය වෙනුවෙන් කටයුතු කළ බි‍්‍රතාන්‍ය ඔත්තු කරුවන්ගෙන් සමන්විත Cambridge Five නම් කුප‍්‍රකට කවයේ සාමාජිකයකු නොවුනත් බ්ලේක් ඔවුන් සමඟ ද සබඳතා පැවැත්වූ බව වාර්තා වෙයි. 1922 දී නෙදර්ලන්තයේ රොටර්ඩැම්හි දී ලන්දේසි මවකට හා ඊජිත්තු හා යුදෙව් සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පියෙකුට දාව උපන් ඔහු දෙවන ලෝක යුද සමයේදී නෙදර්ලන්තයෙන් පැන බ්‍රිතාන්‍යයට පැමිණියේය.
ඔහුගේ මුල් නම ජෝර්ජ් බෙහාර් වූ අතර බි‍්‍රතාන්‍යයට පැමිණීමෙන් පසු තම වාසගම බ්ලේක් ලෙස වෙනස් කර ගත්තේය. ඉන් පසුව බි‍්‍රතාන්‍ය රාජකීය නාවුක හමුදාවට බැඳුණ ඔහු ඉක්මනින්ම එරට රාජ්‍ය රහස් ඔත්තු සේවය වන MI6 හි නිලධාරියකු බවට පත් විය.සෝවියට් දේශය ගැන බුද්ධි තොරතුරු එක්රැස් කිරීම බ්ලේක්ට පැවරුණු රාජකාරිය විය. ඔහු රුසියානු භාෂාව ඉගෙන ගත්තේය. බි‍්‍රතාන්‍ය තානාපති නිලධාරියෙකු ලෙස කොරියාවේ සෝල් නුවරට ගිය ඔහුට ඈත පෙරදිග සයිබීරියාවේ හා මැන්චූරියාවේ සෝවියට් ක‍්‍රියාකාරකම් ගැන සෙවිල්ලෙන් සිටීමට නියම විය.
ඉක්බිති, කොරියානු යුද්ධයට මැදි වන බ්ලේක් උතුරු කොරියානු හමුදාවේ අත්අඩංගුවට පත්විය.
බන්ධනාගාරයේදී ඔහුට කාල් මාක්ස්ගේ ‘දාස් කැපිටාල්‘ කෘතිය කියවීමට අවස්ථාව ලැබිණි. එසේම ඇමෙරිකානු ගුවන් හමුදා විසින් උතුරු කොරියාවට බෝම්බ හෙළීම නිසා සිදු වූ විනාශයන් දැක ඔහු මහත් සෙයින් කම්පාවට පත්විය. වසර තුනක් සිරගතව සිටි බ්ලේක් අවසානයේ නිදහස් වන විට සම්පූර්ණ කොමියුනිස්ට්වාදියකුව සිටියේය.
cold ජෝර්ජ් බ්ලේක් තවදුරටත් බි‍්‍රතාන්‍ය ඔත්තුකරුවකු ලෙස සේවය කළ නමුත් ඒ වන විට සෝවියට් සංගමයට පක්ෂපාතී වීමට ගිවිස ගෙන තිබුණි. එකී සේවාව වෙනුවෙන් මුදල් ලබා ගැනීම පවා ඔහු ප‍්‍රතික්ෂේප කළේය. 1950 දශකයේ මුල් යුගයේදී ඇමෙරිකානු හා බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ විසින් බටහිර බර්ලිනයේ භූගත උමඟක් තනා එහි සන්නිවේදන උපකරණ සවි කොට සෝවියට් හමුදා මූලස්ථානයට සවන් දීමට සැලසුම් සකස් කර තිබුණි. මේ මෙහෙයුම නම් කර තිබුණේ ‘Operation Gold‘ යන නමිනි. බර්ලින් තාප්පය මගින් ජර්මනිය, බටහිර හා නැගෙනහිර ලෙස රාජ්‍යයන් දෙකකට වෙන් කර තිබූ අතර නැගෙනහිර ජර්මනියේ සෝවියට් හමුදාවෝ රැඳී සිටියහ. බටහිර බුද්ධි අංශ වලට අවශ්‍යව තිබුණේ එම හමුදා බලඈණි වෙත මොස්කව් වෙතින් ලැබෙන පණිවුඩ අනාවරණය කර ගැනීමයි.
සෝවියට් දේශයේ ගෞරවනීය අලූත් නියොජිතයා විසින් මේ සැලසුම් සියල්ල සෝවියට් කේජීබී සංවිධානයට හෙලි කරන ලදී. නමුත් ඔවුහු තම වටිනා ඔත්තුකරුවා අනාවරණය නොවනු වස් බටහිර මෙහෙයුමට හිතාමතාම ඉඩ ලබා දුන්හ. CIA හා MI6 නම් ලෝකයේ ප‍්‍රමුඛ ඔත්තු සේවාවන්ට වසරක් තිස්සේම උමඟ හරහා බොහෝ තොරතුරු ලැබුණි. නමුත් ඒ සියල්ල කේජීබී සංවිධානය විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ව්‍යාජ තොරතුරු බව ඔවුහු දැන නොසිටියහ. 1956 දී සෝවියට් හමුදා විසින් අහම්බෙන් මෙන් උමඟ සොයා ගන්නා තෙක් මෙකී ‘හොරා පොලිස් සෙල්ලම’ ක‍්‍රියාත්මක විය.
පසුව බටහිරට පලා ගිය පෝලන්ත ඔත්තුකරුවකු විසින් ජෝර්ජ් බ්ලේක්ගේ රතු රහස් කවරය නිරාවරණය කර තිබුණි. 1961 දී එක්සත් රාජධානියේ අත්අඩංගුවට පත් වූ බ්ලේක්ට වසර 42 ක සිරදඬුවමක් ලැබුණි. කෙසේ නමුත් 1966 දී තමන් රඳවා සිටි ලන්ඩනයේ Wormwood Scrubs බන්ධනාගාරයෙන් පැන යෑමට ඔහු සමත් විය. ඒ තවත් රැඳවියන් දෙදෙනකුගේ සහාය ඇතිවයි. කැම්පර් වෑන් රථයක සැඟැවී එක්සත් රාජධානියෙන් පිට වන බ්ලේක් නැගෙනහිර බර්ලිනය හරහා රතු අධිරාජ්‍යයට ඇතුළු වීමට සමත් විය. අනතුරුව සෝවියට් දේශයට ගොඩ බසින මේ ආගන්තුක රතු ඔත්තුකරුවා ක්‍රෙම්ලිනය විසින් පිළිගනු ලබන්නේ ජාතික වීරයකු ලෙසටයි. ඔහුව ලන්ඩනයේ සිට මොස්කව් වෙත ගෙන්වා ගත් මෙහෙයුම අදටත් අභිරහසකි. එකී රහස් සියල්ල රතු යකඩ තිරයෙන් වැසී ගියේය. බ්ලේක්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවුණේ රුසියාවේය. ඔහු පසුව පැවසුවේ කොමියුනිස්ට්වාදය සැබෑ කර ගත හැකිනම් එය ඉතා වටිනා ක‍්‍රමයක් බවයි. සෝවියට් දේශයේ බිඳ වැටීම හමුවේ වුව ද ඔහු භක්තිමත් මාක්ස්වාදියකු ලෙස දිගටම කටයුතු කළේය. තම මතවාදය වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ ජීවත් වූ තම බිරිඳ හා දරු තිදෙනා පවා අතහැර දමා පැමිණියේය.
‘‘එය කළ හැකි බව මා සිතුවා. එවැනි සමාජයක් ගොඩනැ`ගීමට මට කළ හැකි දේ මා කළා. කොමියුනිස්ට් ක‍්‍රමය උතුම් අදහසක්. මිනිස්සු කෙදිනක හෝ ආපසු ඒ ගැන සිතාවි.” ඔහු පසුව පවසා තිබුණි.
මොස්කව් වෙතට පැමිණීමෙන් පසු ජෝර්ජි ඉවානොවිච් ලෙස තම නාමය වෙනස් කර ගත් බ්ලේක් සෝවියට් රජයේ ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබීය. කේජීබී සංවිධානය විසින් ඔහුව කර්නල් නිලයට පත් කරන ලද අතර මියයන තෙක්ම විශ‍්‍රාම වැටුපක් ලබා දී තිබුණි.
- ශානක ලියනගම -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..