News Category
From Date
To Date
Maximum Number of Result

අනූවසරක අතීතයේ සිට ලංකාව ගත් ණය

Dec 9, 2023 at 07:06 AM
|

දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසා මේ වන විට රට ඉසිලිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. බලයට පැමිණෙන සෑම රජයක්ම රට ණයවීම පිළිබඳව පෙර පැවැති රජයට චෝදනා එල්ල කිරීම සිරිත වී ඇත. එහෙත් බලයට පැමිණීමෙන් පසු විවිධ කටයුතු සඳහා විදේශ ණය ලබා ගැනීම නිසා ලබාගත් ණය මුදල්වලට පොලී ගෙවාගත නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී තිබේ.   

ශ්‍රී ලංකාව මේ වන විට දැරිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. වසර ගණනාවක් තිස්සේ වරින්වර ලබාගෙන ඇති විදේශ මුදල්වලට පොලිය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී ඇත. විවිධ රටවල් සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (INTERNATIONAL MONETARY FUND) මගින් ණය ලබා ගැනීම සාමාන්‍ය සිරිත වී ඇත. 

විශේෂයෙන් ණය ලබා ගැනීමේ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව මහත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. රට සංවර්ධනය කිරීමට ණය මුදල් ලබා ගැනීමේ ඉතිහාසය වසර අනූවකටත් වැඩි බැව් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ආකාරය විමර්ශනය කිරීමේ දී දක්නට ලැබේ.   

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ණය මුදලක් ඉල්ලුම් කරන ලද්දේ 1863 වසරේදීය. ලංකාව සංවර්ධනය කිරීම සඳහා තේ සහ කෝපි වගා කිරීමටත් ඒවා ප්‍රවාහනය සඳහාත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහාත් එම ණය මුදල ලබා ගැනීමට තීරණය විය. ඒ අනුව ඉල්ලුම් කළ මුදල පවුම් මිලියනයක් බැව් කියති.   

එද‌ා එම ණය මුදල ලබාදීම සඳහා බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියා මාර්ගය පැහැදිලිව දක්වා තිබිණි. කිසියම් ව්‍යාපෘතියක් සඳහා ගනු ලබන ණය මුදල් එම ව්‍යාපෘතිය මගින්ම ආපසු ගෙවිය යුතු බවය. ඒ සමගම එය වසර පහකින් ගෙවා නිම කළ යුතු බව ද දන්වා තිබිණ. ඒ අයුරින්ම එම ණය මුදල හරියටම වසර පහකින් ගෙවා නිම කිරීමට ද ලංකාණ්ඩුව ක්‍රියා කළේය. එය කළ හැකි වූයේ ණය මුදල ඉල්ලුම් කිරීමත් සමගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමය. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු පස් පිඩැල්ල කැපීම සිදුවූයේ 1858 අගෝස්තු 3 වනද‌ා බැව් ද සඳහන් වී ඇත.   

ඒ වන විට උඩරට තේ සහ කෝපි වගාවන් ආරම්භ කිරීමට කටයුතු යොද‌ා තිබිණි. 1837 සහ 1841 වසරවල දී ඒ සඳහා ඉඩම් ලබා දීම ද සිදුකර තිබිණි. ශ්‍රී ලංකාවේ එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා විදේශීය සමාගමක් පවුම් විසිලක්ෂයක් පමණ ඉල්ලා තිබිණ. එහෙත් එය ආණ්ඩුවේ පාලනය යටතේ සිදු කිරීමට පවුම් දහතුන් ලක්ෂයකින් පමණ ඉදිකර ගැනීමට හැකි වූ බව ද කියති.   

මේ අයුරින් මහනුවර සහ කොළඹ අතර දුම්රිය මාර්ගය ඉදිකර ගැනීමෙන් පසු ආර්ථිකයට නව නැම්මක් ඇතිකර ගැනීමට පාලක පක්ෂයට හැකියාව ලැබිණි. පසුව මහනුවර සිට ගම්පොළ දක්වාත් දුම්රිය මාර්ගය දිගුකර ගැනීමට කටයුතු යෙදීය. ඒ වන විට විදේශිකයන් විසින් වගාකර තිබූ තේ සහ කෝපි අක්කර ලක්ෂයකට ආසන්න විය. එහෙත් 1877 සිට 1883 දක්වා කාල පරිච්ඡේදය තරමක දුෂ්කර කාලයක් උදාවිය. එනම් කෝපි වගාවට දරුණු රෝගයක් වැලඳීමය. මේ නිසා කෝපි වගාව අඩපණ වී යන විට විදේශිකයෝ කොකෝවා වගාව ද ආරම්භ කර එමගින් සංවර්ධනයක් ඇති කර ගැනීමට කටයුතු කළේය.   

කෙසේ හෝ සේවා නිදහස ලබන විට විදේශවලින් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් දශලක්ෂ 125 ක් වූ අතර එය ඒ වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 17කට සීමා වී තිබිණි.   

 ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබීම සීඝ්‍රයෙන් ඉහළ ගියේ 1958 වසරෙන් පසුවය. චීනය, ඇමරිකාව, සෝවියට් දේශය සහ කැනඩාව වැනි රටවලින් ද වැඩි වශයෙන් ණය ආධාර ලැබිණි. 1950 සිට 1977 අතර කාලය තුළ දී විදේශ ණය ආධාර වර්ධනය වී 1976 වන විට රජයේ නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් වූ බවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 362 ක් පමණ වූ බවත් මහ බැංකු වාර්තාවලින් දක්නට ලැබිණි. 1977 න් පසුව විදේශ ණය ප්‍රමාණය අති සීඝ්‍රයෙන් තවත් ඉහළ ගියේය.   

වාරිමාර්ග කෘෂිකර්ම සහ විදුලිබල ව්‍යාපෘති සඳහා වන විට ණය ප්‍රමාණය ඉහළ ගොස් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 19648 විය. 1997 ජූනි මාසය වන විට ලෝක බැංකුව මගින් විවිධ අංශ යටතේ ණය මුදල් ප්‍රදානය කළ කළ අතර එය ඇමරිකානු ඩොලර් දශලක්ෂ එක්දහස් නමසීයයක් පමණ වූ බැව් ද වාර්තා විය. 2000 වසර වන විට එය රුපියල් දශලක්ෂ 676045 ක් වූ අතර 2004 වන විට රුපියල් දශලක්ෂ 1119090 ක් බවට පත්වී ඇත. මේ අයුරින් රජය දැන් මුහුණ දී සිටින විදේශ ණය පිළිබඳව පසුගිය මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.   

‘2020 වසර අගවන විට නොපිය වූ විදේශීය සහනදායි ණය ප්‍රමාණය 2019 වසර අගවන විට පැවැති රුපියල් බිලියන 2967.5 සිට රුපියල් බිලියන 2988.1 දක්වා සියයට 8 කින් වැඩි වූ අතර එය සමස්ත විදේශීය ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 2019 වසර අගවන විට පැවැති සියයට 44.6 සාපේක්ෂව 2020 වසර අගවන විට සියයට 49.4 ක් විය’ යනුවෙනි.   

 මේ අතර විවිධ ව්‍යාපෘති අතරමග නතර කිරීම නිසා ඩොලර් මිලියන 500 ක් ගෙවීමට සිදුවී ඇති බවක් පසුගිය ඉරිද‌ා ලංකාදීපය මගින් අනාවරණය කර තිබිණ.   

රටට බලපා ඇති ණය වීම පිළිබඳව පැවැති සෑම රජයක්ම බලයට පත්වීමෙන් පසු පෙන්වාදීම සිරිතය. ඒ සෑම අවස්ථාවකදීම පෙර පැවැති රජයන් මගින් ගත් ණය නිසා රට ණය කන්දකට යට වී ඇති බැව් ප්‍රකාශ කරති. එහෙත් බලයට පැමිණීමෙන් පසුව නැවත නැවත ණය ගැනීම් නිසා ණය කන්ද තව තවත් විශාල වීම ද නොවැළැක්විය හැකිය.   

අප රට පත්වී ඇති ණය බර පිළිබඳව ප්‍රථම වරට අනාවරණයක් සිදු කළ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේ දී අනාවරණය කළේ ණය බරින් රට බංකොලොත් වී ඇති බවය. ඔහු එම ප්‍රකාශය කළේ ද පෙර පැවැති රජය මගින් සිදු කළ ක්‍රියා මාර්ග නිසා ඒ තත්ත්වය ඇති වූ බවය. එද‌ා 1970 ජූනි මාසයේ දී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිදු කළ ප්‍රකාශය එවකට පැවැති දවස පුවත්පත වාර්තා කළේ මෙසේය. 

‘මුදල් ඇමැති භාණ්ඩාගාරයේ දොර ඇර පෙන්වයි. ණය බරින් රට බංකොලොත් ජයග්‍රාහී සමගි පෙරමුණු රජයට පරාජිත රජය බංකොලොත් භාණ්ඩාගාරයක් ඉතිරි කර ගොස් ඇතැයි ද ඒ සමගම රටේ ජනතාව අඳුරු අනාගතයකට යොමුකර එම රජය චුත වී ගොස් ඇතැයි ද නව මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 1969 - 70 වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් තුන්සිය හැත්තෑ හත්කෝටි පනස් ලක්ෂයක් වන අතර ආදායම් ප්‍රමාණය වී ඇත්තේ රුපියල් දෙසිය හැත්තෑකෝටි පනස්ලක්ෂයක් බැව් කී මුදල් ඇමැතිවරයා ආද‌ායමට වඩා වියදම් ප්‍රමාණය රුපියල් 107 කෝටියක් වීම උහුලන්නට බැරි බරක් යයි ද පැවැසීය.   

මෙම අතිවිශාල හිග මුදල පියවීම සඳහා පසුගිය රජය අය බදු මගින්වත් පියවරක් ගෙන නැත. ගෙන ඇති එකම පියවර විදේශීය බැංකු වලින් හා වෙනත් ආයතනවලින් ණය ආධාර ගෙන පරතරය පියවන්නට උත්සාහ දැරීම පමණක් බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.’ යනුවෙන් එහි සඳහන් විය. පනස් වසරකට පෙරත් අප රට මුහුණ දී තිබුණු ණය වීම මේ වන විට රටට කෙසේවත් ඉසිලිය නොහැකි තරමේ ණය කන්දක් බවට පත්වී තිබේ.   

ණය ලබා ගැනීමට විරුද්ධවීමට විරුද්ධ පාර්ශ්ව මගින් නිතර ප්‍රකාශ නිකුත් කිරීම ද සිරිතය. එහෙත් ණය ලබා ගැනීම ද නොකඩවා සිදුවන ක්‍රියාවලියක් බවට පත්වී ඇත.   

ශ්‍රී ලංකාව සංවර්ධන කාර්යයන් සඳහා ණය මුදලක් ඉල්ලීම නිසා මහත් ආනෝදා්ලනයක් ඇති වූ සිදුවීමක් 1929 වසරේ දී ඇතිවිය. එම ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. ණය ලබා ගැනීම සැලසුම් කර තිබුණේ එංගලන්තයේ ක්‍රවුන් ඒජන්ට් නම් සමාගමක් මගිනි. ණය මුදලේ ප්‍රමාණය වූයේ රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් පමණි.   

එවකට පැවැති ව්‍යවස්ථා සභාවට ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූ වහාම එයට මහත් විරුද්ධත්වයක් එල්ල විය. එම ණය මුදල ලබා ගැනීම නුසුදුසු කාර්යයක් ලෙස විරුද්ධත්වය පළ කළ පිරිසගේ අදහස විය. ඒ පිළිබඳ 1929 ඔක්තෝබර් 11 වනද‌ා එවකට පැවැති සරසවි සඳරැස පුවත්පත මගින් පළකර තිබූ ඒ පිළිබඳ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ මෙසේය.   

ආණ්ඩුව ගන්නට යන ණය මුදල   

අපේ ආණ්ඩුව එංගලන්ත ආණ්ඩුවෙන් රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් ණය මුදලක් ගැනීමට අදහස් කරන බැව් සැලව තිබේ. මේ ගැන සලකා බැලිය යුතුය. දැන් ආණ්ඩුව මුදල් අතින් ඇතිවී තිබෙන අමාරුව මෙසේ ණය ගැනීමෙන් මඟහරවා ගැනීමට හැකිවේ යැයි සිතීමට ඉඩක් නැත. හැකිතරම් සකසුරුවම්කම නොයෙක් අතින් ඇතිකරගෙන ක්‍රියා කිරීම ණය ගැනීමට වඩා හැකි හැම අතින්ම යහපත් බැව් පෙනේ. මහජන මන්ත්‍රීවරයන් නොයෙක් අයුරින් වියදම් කපා හරින ලද්දේය. වැඩි බදු ඇති නොකර ණය නොගෙන රටේ පාලනය ගෙන යාම සඳහා මෙතරම් විශාල ණය මුදලක් නොගෙන ආණ්ඩුව ගෙන යාමට බැරිකමක් තිබේ යැයි සිතන්නට ඉඩක් නැත.’ යනුවෙනි.

lankadeepa.lk
තිස්ස ජයවර්ධන


සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.