විශ්‍රාමික හමුදා නිලධාරීන් වෙනුවෙන් පහළ වූ අනුරගේ මහා කරුණාව
NPP/JVP නායක අනුර කුමාර දිසානායක විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙණුවෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ කතාවක් කිරීමට යෙදුණා.
කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්න පුළුවන් හැකියාව ජනතාවට උරුම කරපු සුවිශේෂ පිරිසක් හැම පාර්ලිමේන්තුවක ම සිටියා.
හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිසක් ජාතික ජන බලවේගයට එක්වීම නිසා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගෙන් එම පිරිස් වලට කරදර හිරිහැර සිදු වෙන බව "මහා කරුණාවෙන්" ප්‍රකාශ කරන්න අනුර කුමාර උත්සුක වුණා.
71 සහ 88-89 යුග වලදී කාකි ඇඳුමට සාප කිරීමෙන් පමණක් නොනැවතුණු රතු සහෝදරයින්, පොලිස් යුදහමුදා නාවික හමුදා සහ ගුවන් හමුදා වලට එරෙහිව යුධ ප්‍රකාශ කර සන්නද්ධ හමුදා කෙරෙහි ජනතාව තුළ තිබුණු ගෞරවය හා විශ්වාසය කෙළසා දැම්මා.
උතුරේ ත්‍රස්තවාදීන්ගෙන් අපගේ සන්නද්ධ හමුදාවලට මාරාන්තික ප්‍රහාර එල්ල වෙන සමයකදී දකුණේ ත්‍රස්තවාදයක් බිහි කර හමුදාවලට එරෙහිව අමානුෂික ප්‍රහාර එල්ල කරපු පිරිසක් අද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ දේශපාලනය කිරීමේ මූලික අයිතිවාසිකම ගැන "මානව දයාවෙන්" යුතුව කතා කිරීම විහිලුවක්.
ඇත්තෙන්ම මෙය පොදු ජනතා ප්‍රශ්නයක් නොව විශ්‍රාම ගිය සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට ජාතික ජන බලවේගයට එක්වීමට ඇති අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. වෙනත් වචන වලින් කිවහොත් තමා ගේ පිඟානට බෙදා ගැනීමට ඇති අයිතිය හා බාධාවන් පිළිබඳව අනුර කුමාර නගන අඳෝනාවක්.
යම් හෙයකින් මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන් රෝහණ විජේවීර ගේ පුත් උවිඳු විජේවීරට පමණක් උදව් කිරීමට තීරණය කළේ නම්, මානුෂික පැත්තෙන් සලකා බලා එවන් හමුදා නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට අනුර කුමාර ඉදිරිපත් වේවිද?
පසුගිය දිනක විශ්‍රාමික හමුදා නිලධාරියෙකුවූ බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු NPP රැළියකදී කතා කරමින් කියා සිටියේ අනුර කුමාර සමග සිටගත් විට ඔහුට ඇති උනේ තමා පිළිබඳවම ලැජ්ජාවක් කියා.
යුද්ධය දිනා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝධාර හමුදාවන්ගෙන් එක් සාමාජිකයෙක් (විශ්‍රාමික ද නැද්ද යන්න අදාල නැහැ)
දේශපාලන නළුවෙක් ඉදිරියේ තමාවත් තමාගේ හමුදා සගයින්වත් පාවා දෙමින් කළ ඒ කතාව ඇත්තෙන්ම තුච්ඡයි.
උතුරේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපේ හමුදාවන් දිවි පරදුවට තබා සටන් වැදි මොහොතක දකුණෙන් ත්‍රස්තවාදයක් දියත්කළ පිරිසක් දැන් සිල් රෙදි හැඳගෙන අටසිල් නොව දස සිල් ගත්තාක් මෙන් ක්‍රියාන්විතයේ සිටින හමුදා නිලධාරීන් ගැන නොව තමන්ට දේශපාලන වශයෙන් මුක්කු ගසන විශ්‍රාමික හමුදා නිලධාරීන් වෙනුවෙන් කඳුළු සැලීම දෛවයේ සරදමක් නොවිය හැකිද?
අනුර කුමාර දිසානායක ගේ මෙම කතාවේදී ආරම්භයේදීම ඔහු ජාතිවාදයක් ගැන කතා කරනවා.
දශක ගණනාවක් තිස්සේ අප විසින් ලියන ලද ලිපිවල හා කරන ලද දේශනාවල විශේෂයෙන්ම සඳහන් කරන්නට යෙදුනා ශ්‍රී ලංකාවේ අමන දේශපාලකයින් හැම පාර්ලිමේන්තුවකම දිගින් දිගටම මතුරන මන්ත්‍රයක් වූ "ජාතිවාදය" හුදු මෙම අමන රැළ විසින්ම ඔවුන්ගේ පැවැත්ම සඳහා වංචනිකව නිර්මාණය කරගත් මිථ්‍යාවක් බව.
මේ පිළිබඳව මා විසින් කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලද ඇතුළත් කර ලියන ලද ලිපියක් මගේ මිතුරකු විසින් අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් 5 දෙනෙක් වෙත යවා තිබුණා. එය නොකියවාම කුණු කූඩයට දමා ඇති බව සැළවුණා.
ජාතිවාදයක් ඇති වෙන්නේ කිසියම් රටක විවිධ ජාතීන් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයක් වෙනුවෙන් සටන් වදිනවා නම් පමණයි.
ඒකීය රාජ්‍යයක් තුළ පමණක් නොව ෆෙඩරල් රාජ්‍යයක් තුළවත් විවිධ ජාතීන් සිටිය නොහැක. සිටිය හැක්කේ විවිධ ජන කොටස් පමණයි.
ජාතියක සංයුතිය සහ ජනකොටසක සංයුතිය තේරුම් ගන්නට බැරි මරි මෝඩ මන්ත්‍රීවරුන් පමණක් නොව ජනාධිපතිවරුන් පවා සිටිබව සහ දැනටත් සිටින බව අප විසින් අමතක නොකළ යුතුයි.
ඉන්දියාවේ වත් නැති දෙමළ ජාතියක් එසේත් නැතිනම් ලෝකයේ කොහෙවත් නැති මුස්ලිම් ජාතියක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන බව පාර්ලිමේන්තු විවාදවලදී මැත දෙඩූ තක්කඩින් ඒ තුළින් උත්සාහ කළේ එම ජන වර්ග වලට නැති ජාතිකත්වයක් අවස්ථාවාදී ලෙස උරුම කර දීමටයි.
මේ නිසාම බෙදුම් වාදී ජන කොටස් දිගින් දිගටම "ජාතිය" කට ඇති අයිතියක් ලෙස භූගෝලීය ප්‍රදේශය (නිජබිම)ක් ඉල්ලා සිටියා.
මෙවන් අමන ප්‍රකාශවල ප්‍රතිඵලයක් මෙන්ම, සිංහල බෞද්ධ විරෝධි දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ සෘජු මැදිහත්වීම නිසා වසර 30ක අති බිහිසුණු දිග්ගැස්සුන යුද්ධයකට මුහුණ දීමට ශ්‍රී ලාංකික ජනතාවට සිදු වුණා.
එම කුමන්ත්‍රණ කරුවන් ම ඉතාමත් සූක්ෂම ලෙස ලෝකයට මුදාහැර ඇති විකෘති කරන ලද පණිවිඩය වූයේ
දකුණේ තරුණයින් මෙන්ම උතුරේ තරුණයින් ද ආයුධ අතට ගත්තේ "තරුණ අසහනය" නිසා කියායි. ආගම් වාදී හා බෙදුම්වාදී වෘකයින් තමන්ගේ ක්ෂුධාව සන්තර්පණය කර ගත්තේ ඒ ආකාරයටයි.
හෙට අලුත් ලොවක් බිහි කර දීමට වළිකන තරුණ නායකයෙක් ලෙස ඔටුනු පළන් අනුර කුමාර දිසානායක වැනි පුද්ගලයෙක් පාර්ලිමේන්තුව තුළදී කිසිම හිරිකිතයකින් තොරව ශ්‍රී ලංකාවේ පවතින ජාතිවාදයක් ගැන 13.11.2023 දින ප්‍රකාශ කරන්නට යෙදුණේ පළමු වතාවට නොවෙයි.
මෙයින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ජවිපෙ ප්‍රමුඛ ජා.ජන බළවේගය ඉදිරි ගමන යාම සඳහා සූදානම් කරගෙන ඇත්තේ මලකඩ සූරා ටින්කර් කර ආකර්ෂණීය වර්ණයක්ද ආලේප කර කට්ට ගෙවීගිය පරණ ටයර් 4ක් සවි කරන ලද රථයක් බවයි.
මේ වාහනයට ගොඩවෙන හැමදෙනාටම "දෙවියන්ගේම" පිහිටයි!
-තෙවැනි ඇස-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..