අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීම
ශ්‍රි ලංකාවේ බෞද්ධ ඉතිහාසය තුල ඇඹූ සුවිශිෂ්ටතම ශෛලමය ප්‍රතිමාවට මෙසේ සිවුරු පොරවන්නට යෑම එම ශිල්පියාටත් ප්‍රතිමාවටත් කළ නිගරුවකි. කලා ශිල්පියා ප්‍රතිමාවට දිය යුතු උපරිම වටිනාකම ලබාදී ඇති හෙයින් තවත් වෙනස්කම් කිරීම අවශ්‍ය නොවේ. බෞද්ධ ඉතිහාසයත්, සාහිත්‍යයත්, කලාවත් වෙනස් කරමින් මුදල් සඳහාම ඉතිහාසයේ වටිනාකම් හෑල්ලු කරන චීවරධාරීන් සහ අමන බෞද්ධ පිරිසක් වර්තමානය වන විට බිහිව ඇත.
සිදුවෙමින් පවතින මෙවැනි දේ ගැන ඇත්තේ අසීමිත කණගාටුවකි.
අවුකන බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය ගැන පොත් පත් ඇසුරින් සොයාගත් කරුණු අනුව කලකට පෙර මා විසින් ලියූ සටහනක් පහතින් දැක්වෙයි.
ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත
ප්‍රංශ සම්භවයක් සහිත Richard Lesley Brohier නැතහොත් ආර්. එල්. බ්‍රොaහියර් මහතා 1892 ඔක්තෝබර් 5 වන දින කොළඹදී උපත ලැබීය. ඔහු ද්විතීයික අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාවක් හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌විය. ශ්‍රී ලංකාවේ පළමු මිනින්දෝරුවා ලෙස සැලකෙන්නේත් එතුමාය.
රාජකාරි කටයුතු වලට අමතරව ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කොට ගවේශණය කිරීමයි.
මේ අත්දැකීම් මත, ඔහු විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර එම ග්‍රන්ථ පසුකාලීනව අභය හේවාවසම් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේය.
ඔහුගේ සංචාරයන් අතර තුර, ඔහු කළ ඉතාමත්ම වටිනා සොයාගැනීමක් වූයේ, වන ගතව, ජනශූන්‍ය ප්‍රදේශයක තිබූ අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමයි.
මිනින්දෝරු කටයුත්තක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගැනීමට බ්‍රොaහියර්ට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා ගම්වැසියන් ද සමඟින් කැලය කපමින් ඉදිරියට යන්නට විය. කලා වැවේ සිට සැතපුම් එකහමාරක් පමණ ගිය තැන ඔහුට දැක ගැනීමට හැකිවූයේ කලාකරුවකු විසින් මේ කුඩා දිවයින තුල බිහිකල තවත් විස්මය දනවන නිර්මාණයකි.
එය ගස් වැල් වලින් වැසීගිය තරණය කළ හැකි ගල් පර්වතයක් ලෙස මුලින් සිතුනත්, එය එසේ නොවන බව ඒ දෙස බලාසිටි බ්‍රොaහියර්ට වැටහුනි. එය හුදෙක්ම ගලක් නොව, ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයෙකු වූ බුදුන්වහන්සේගේ අසම සම කරුණාව, දයාව මුසු අධ්‍යාත්මය පිළිබිඹු වන අති සුන්දර කලා නිර්මාණයක් බව බෞද්ධයෙකු නොවූ ඔහු තේරුම් ගත්තේය. ප්‍රතිමාව දැකීමෙන් ඔහු තුල තිබූ ස්වයං අභිමානය පහව ගොස් විසල් ප්‍රතිමාව ඉදිරියේ තමා කුරුමිට්ටෙකු ලෙස ඔහුට හැඟුනි. ඒ බව ඔහුගේ "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි සඳහන් කර තිබේ.
අවුකන බුදුපිළිමය නැවත සොයා ගැනීමෙන් පසු එය වන්දනාමාන කිරීම සඳහා විවිධ පිරිස් පැමිණෙන්නට විය.
අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පසුව සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණ වලින් විවිධ කරුණු රැසක් සොයා ගැනුනි. මහාචාර්ය පරණවිතාන සූරීන්ට අනුව මේ බුදුපිළිමය පස්වන සියවසේ අග භාගයේ, ධාතුසේන රජ සමයේ ඉදිවන්නට ඇතැයි සැළකේ. මෙය කලාවැව ආසන්නයේ පිහිටීමත්, මහා වංශය වැනි ග්‍රන්ථ වල ඇති තොරතුරු අනුවත් මේ නිගමනයට ආවා විය හැකියි. නමුත් මේ අවට ඇති අතිපෞරාණික ලෙන්විහාර වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලට අනුව, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි විහාර සංකීර්ණයක් පළවන හෝ දෙවන සියවස් වල මෙහි තිබෙන්නට ඇතැයි සැලකේ.
'අව්කන' නැතහොත් 'අවුකන' නම බුදුපිළිමය නැවත සොයාගත් කාලයේ යොදන්නට ඇති බව විශ්වාස කෙරේ. මහා වංශයේ සඳහන් වන කාලවාපී විහාරය නැතහොත් කලාගුලු විහාරය මෙය බව සැලකේ. මහා වංශයෙහි බුද්ධ ප්‍රතිමාව සඳහන් වන්නේ 'කාලසේල සත්ථු පඨිමා' ලෙසයි.
පර්වත කොනක තිබූ නිසා (පබ්බතකෝන) පව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, කුඩා වැවක් මේ අසල තිබූ නිසා, වැව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, පටිමාඝරය විනාශවී ගිය පසු අව්වෙන් පීඩාවට ලක් වු නිසා අව්කන වූ බව, මේ නම යෙදීමට හේතුවූ බව සැලකෙන ජනප්‍රවාදයන්ය.
අඩි 46 කුත් අඟල් 6ක් උස අවුකන පිළිමවහන්සේ බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිළිව නිරූපනය වන අයුරින් නිමවා ඇති සුවිශේෂ නිර්මාණයකි. ඒනිසා මෙය විශ්මිත කලා නිර්මාණයක් ලෙස මෙන්ම, බුදුන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් සිත සනසාගත හැකි නිර්මාණයක්ද ලෙසද වැදගත් කමක් උසුලයි. අවුකන පිළිම වහන්සේගේ සිරසට වැටෙන ජල බිඳු නාසය දිගේ ගලාගෙන පැමිණ, සිරි පතුල් දෙක අතර ඇති සළකුනක් මතට වැටෙන ලෙස ලම්භකව, සමබර සෘජු පිළිමයක් ලෙස නිර්මාණය කර ඇත. එමගින් ප්‍රතිමාවේ නිර්මාණකරුවාගේ විශ්මිත හැකියාව මොනවට පැහැදිළි වෙයි.
මේ ප්‍රතිමාව නිර්මාණය කළ කලා ශිල්පියා "බරණ" නැමති ගල් වඩුවෙකි. විහාරස්ථානය ආසන්නයේ ඇති ගල්වඩුවාගම නැමති ග්‍රාමය ඔහුට උපහාරයක් ලෙස ලබා දුන් නින්දගමක් ලෙස සැලකේ.
එය අවුකන ආශ්‍රිතව බිහිවූ ජන කවියකින්ද පැහැදිළි වේ.
'අවුකන විහාරෙට අසුවුණ පටුනු ගම
නින්දෙට දන්දෙන්ට සැදුනා නියම ගම
දෙන්නට දෙයක් ගැන සිතවූ රජු මෙහෙම
පඬුරක් ලෙසින් දුන්නා ගල්වඩුව ගම'
බ්‍රොaහියර් මහතා විසින් අවුකන පිළිමය සොයාගත් ආකාරයත්, අබෞද්ධ, වෙනත් සංස්කෘතියක හැදී වැඩුනු ඔහු අවුකන පිළිමයෙහි ඇති භෞතික හා ආධ්‍යාත්මික රූපකායට ආකර්ශණය වූ අයුරුත්, එවැන්නක් ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවත් පාදක කොට ගෙන විමලරත්න කුමාරගම, මහගම සේකර වැනි කවීහු පසුකාලීනව කාව්‍ය රචනා කරන ලදී.
'පරණ හුරු දිගු මඬල ඉක්‌මී
මගේ කුදු බව පෙනෙන්නේ නැත
අරණ වැසි දිවි වලස් රාවෙන්
සිරුර සිත කිළි පොළන්නේ නැත
මරණයෙන් මිරිකා ගත්තත් හස
රිදුම දුක පළ කරන්නේ නැත
මරණ මිනිසුන් මැද ද හිමියනි
ඔබේ මදහස මැරෙන්නේ නැත'
මෙසේ ලියන ලද්දේ විමලරත්න කුමාරගම සූරීන් ය.
එම අවස්ථාව මහගමසේකර සූරීන්ගේ සක්වා ළිහිණි කාව්‍ය සංග්‍රහයේ දැක්වෙන්නේ මෙලෙසිනි.
"ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක් යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි
අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහට ම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි
කෙළෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත
ඔබේ පා මුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන'
මේ කවි පන්තියේ තෝරාගත් කවි කිහිපයක් ආචාර්ය පන්ඩිත් අමරදේවයන් විසින් තනුවක් යොදා ගීතයක් ලෙස ගායනය කරන ලදී. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්' ගීතය බිහිවූයේ ඒ අයුරිනි.
Janaka Boralessa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..