News Category
From Date
To Date
Maximum Number of Result

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීම

Nov 27, 2023 at 07:55 AM
|

ශ්‍රි ලංකාවේ බෞද්ධ ඉතිහාසය තුල ඇඹූ සුවිශිෂ්ටතම ශෛලමය ප්‍රතිමාවට මෙසේ සිවුරු පොරවන්නට යෑම එම ශිල්පියාටත් ප්‍රතිමාවටත් කළ නිගරුවකි. කලා ශිල්පියා ප්‍රතිමාවට දිය යුතු උපරිම වටිනාකම ලබාදී ඇති හෙයින් තවත් වෙනස්කම් කිරීම අවශ්‍ය නොවේ.  බෞද්ධ ඉතිහාසයත්, සාහිත්‍යයත්, කලාවත් වෙනස් කරමින් මුදල් සඳහාම ඉතිහාසයේ වටිනාකම් හෑල්ලු කරන චීවරධාරීන් සහ අමන බෞද්ධ පිරිසක් වර්තමානය වන විට බිහිව ඇත. 

සිදුවෙමින් පවතින මෙවැනි දේ ගැන ඇත්තේ අසීමිත කණගාටුවකි.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය ගැන පොත් පත් ඇසුරින් සොයාගත් කරුණු අනුව කලකට පෙර මා විසින් ලියූ සටහනක් පහතින් දැක්වෙයි. 

ඉහළ නිල්වන් අහස විනිවිද

නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ

මගේ නෙත සිත මෝහනය කර

මගේ කුදු බව පසක්‌ කොට ඇත

ප්‍රංශ සම්භවයක් සහිත Richard Lesley Brohier නැතහොත් ආර්. එල්. බ්‍රොaහියර් මහතා 1892 ඔක්තෝබර් 5 වන දින කොළඹදී උපත ලැබීය. ඔහු ද්විතීයික අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාවක් හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌විය. ශ්‍රී ලංකාවේ පළමු මිනින්දෝරුවා ලෙස සැලකෙන්නේත් එතුමාය.

රාජකාරි කටයුතු වලට අමතරව ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කොට ගවේශණය කිරීමයි.

මේ අත්දැකීම් මත, ඔහු විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර එම ග්‍රන්ථ පසුකාලීනව අභය හේවාවසම් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේය.

ඔහුගේ සංචාරයන් අතර තුර, ඔහු කළ ඉතාමත්ම වටිනා සොයාගැනීමක් වූයේ, වන ගතව, ජනශූන්‍ය ප්‍රදේශයක තිබූ අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමයි.

මිනින්දෝරු කටයුත්තක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගැනීමට බ්‍රොaහියර්ට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා ගම්වැසියන් ද සමඟින් කැලය කපමින් ඉදිරියට යන්නට විය. කලා වැවේ සිට සැතපුම් එකහමාරක් පමණ ගිය තැන ඔහුට දැක ගැනීමට හැකිවූයේ කලාකරුවකු විසින් මේ කුඩා දිවයින තුල බිහිකල තවත් විස්මය දනවන නිර්මාණයකි.

එය ගස් වැල් වලින් වැසීගිය තරණය කළ හැකි ගල් පර්වතයක් ලෙස මුලින් සිතුනත්, එය එසේ නොවන බව ඒ දෙස බලාසිටි බ්‍රොaහියර්ට වැටහුනි. එය හුදෙක්ම ගලක් නොව, ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයෙකු වූ බුදුන්වහන්සේගේ අසම සම කරුණාව, දයාව මුසු අධ්‍යාත්මය පිළිබිඹු වන අති සුන්දර කලා නිර්මාණයක් බව බෞද්ධයෙකු නොවූ ඔහු තේරුම් ගත්තේය. ප්‍රතිමාව දැකීමෙන් ඔහු තුල තිබූ ස්වයං අභිමානය පහව ගොස් විසල් ප්‍රතිමාව ඉදිරියේ තමා කුරුමිට්ටෙකු ලෙස ඔහුට හැඟුනි. ඒ බව ඔහුගේ "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි සඳහන් කර තිබේ.

අවුකන බුදුපිළිමය නැවත සොයා ගැනීමෙන් පසු එය වන්දනාමාන කිරීම සඳහා විවිධ පිරිස් පැමිණෙන්නට විය.

අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පසුව සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණ වලින් විවිධ කරුණු රැසක් සොයා ගැනුනි. මහාචාර්ය පරණවිතාන සූරීන්ට අනුව මේ බුදුපිළිමය පස්වන සියවසේ අග භාගයේ, ධාතුසේන රජ සමයේ ඉදිවන්නට ඇතැයි සැළකේ. මෙය කලාවැව ආසන්නයේ පිහිටීමත්, මහා වංශය වැනි ග්‍රන්ථ වල ඇති තොරතුරු අනුවත් මේ නිගමනයට ආවා විය හැකියි. නමුත් මේ අවට ඇති අතිපෞරාණික ලෙන්විහාර වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලට අනුව, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි විහාර සංකීර්ණයක් පළවන හෝ දෙවන සියවස් වල මෙහි තිබෙන්නට ඇතැයි සැලකේ.

'අව්කන' නැතහොත් 'අවුකන' නම බුදුපිළිමය නැවත සොයාගත් කාලයේ යොදන්නට ඇති බව විශ්වාස කෙරේ. මහා වංශයේ සඳහන් වන කාලවාපී විහාරය නැතහොත් කලාගුලු විහාරය මෙය බව සැලකේ. මහා වංශයෙහි බුද්ධ ප්‍රතිමාව සඳහන් වන්නේ 'කාලසේල සත්ථු පඨිමා' ලෙසයි. 

පර්වත කොනක තිබූ නිසා (පබ්බතකෝන) පව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, කුඩා වැවක් මේ අසල තිබූ නිසා, වැව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, පටිමාඝරය විනාශවී ගිය පසු අව්වෙන් පීඩාවට ලක් වු නිසා අව්කන වූ බව, මේ නම යෙදීමට හේතුවූ බව සැලකෙන ජනප්‍රවාදයන්ය.

අඩි 46 කුත් අඟල් 6ක් උස අවුකන පිළිමවහන්සේ බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිළිව නිරූපනය වන අයුරින් නිමවා ඇති සුවිශේෂ නිර්මාණයකි. ඒනිසා මෙය විශ්මිත කලා නිර්මාණයක් ලෙස මෙන්ම, බුදුන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් සිත සනසාගත හැකි නිර්මාණයක්ද ලෙසද වැදගත් කමක් උසුලයි. අවුකන පිළිම වහන්සේගේ සිරසට වැටෙන ජල බිඳු නාසය දිගේ ගලාගෙන පැමිණ, සිරි පතුල් දෙක අතර ඇති සළකුනක් මතට වැටෙන ලෙස ලම්භකව, සමබර සෘජු පිළිමයක් ලෙස නිර්මාණය කර ඇත. එමගින් ප්‍රතිමාවේ නිර්මාණකරුවාගේ විශ්මිත හැකියාව මොනවට පැහැදිළි වෙයි.

මේ ප්‍රතිමාව නිර්මාණය කළ කලා ශිල්පියා "බරණ" නැමති ගල් වඩුවෙකි. විහාරස්ථානය ආසන්නයේ ඇති ගල්වඩුවාගම නැමති ග්‍රාමය ඔහුට උපහාරයක් ලෙස ලබා දුන් නින්දගමක් ලෙස සැලකේ.

එය අවුකන ආශ්‍රිතව බිහිවූ ජන කවියකින්ද පැහැදිළි වේ.

'අවුකන විහාරෙට අසුවුණ පටුනු ගම

නින්දෙට දන්දෙන්ට සැදුනා නියම ගම

දෙන්නට දෙයක් ගැන සිතවූ රජු මෙහෙම

පඬුරක් ලෙසින් දුන්නා ගල්වඩුව ගම'

බ්‍රොaහියර් මහතා විසින් අවුකන පිළිමය සොයාගත් ආකාරයත්, අබෞද්ධ, වෙනත් සංස්කෘතියක හැදී වැඩුනු ඔහු අවුකන පිළිමයෙහි ඇති භෞතික හා ආධ්‍යාත්මික රූපකායට ආකර්ශණය වූ අයුරුත්, එවැන්නක් ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවත් පාදක කොට ගෙන විමලරත්න කුමාරගම, මහගම සේකර වැනි කවීහු පසුකාලීනව කාව්‍ය රචනා කරන ලදී.

'පරණ හුරු දිගු මඬල ඉක්‌මී

මගේ කුදු බව පෙනෙන්නේ නැත

අරණ වැසි දිවි වලස්‌ රාවෙන්

සිරුර සිත කිළි පොළන්නේ නැත

මරණයෙන් මිරිකා ගත්තත් හස

රිදුම දුක පළ කරන්නේ නැත

මරණ මිනිසුන් මැද ද හිමියනි

ඔබේ මදහස මැරෙන්නේ නැත'

මෙසේ ලියන ලද්දේ විමලරත්න කුමාරගම සූරීන් ය.

එම අවස්ථාව මහගමසේකර සූරීන්ගේ සක්වා ළිහිණි කාව්‍ය සංග්‍රහයේ දැක්වෙන්නේ මෙලෙසිනි.

"ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන

ඔබේ සිරි පා දොවන්නම්

හදේ මැළවෙන කැලෑ මල් ගෙන

ඔබේ සිරිපා පුදන්නම්


නො අදහා බුදු කෙනෙකු දෙවියකු

මානයෙන් වල්මත් ව සිටි මම

ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි

තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති

ගලින් කළ ඔබ හදින් වෑහෙන

මහා කරුණා ගුණය නොපෙනිණි


අහිංසක හදවත්හි උපදින

මෙලෙක්‌ සංකල්පනා සිතුවිලි

ගලින් කළ ඔබහට ම මිස ලොව

ගලින් කළ අයට නෑඟෙයි


කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර

බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආවෙමි පොළෝ තලයේ

අනෙක්‌ පිහිටක්‌ නොමැති වූ විට


ඉහළ නිල්වන් අහස විනිවිද

නැඟෙන ඔබගේ යෝද බුදු බඳ

මගේ නෙත සිත මෝහනය කර

මගේ කුදු බව පසක්‌ කොට ඇත


ඔබේ පා මුල බැගෑපත් ලෙස

වැටී අයදිමි අහෝ සාමිනි

ජීවිතේ යම් පලක්‌ ඇත්නම්

කිමැයි ඒ මට කියා දුන මැන'

මේ කවි පන්තියේ තෝරාගත් කවි කිහිපයක් ආචාර්ය පන්ඩිත් අමරදේවයන් විසින් තනුවක් යොදා ගීතයක් ලෙස ගායනය කරන ලදී. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්' ගීතය බිහිවූයේ ඒ අයුරිනි.

Janaka Boralessa

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.