News Category
From Date
To Date
Maximum Number of Result

ජාතියේ ව්‍යවස්ථාව

Nov 26, 2023 at 07:16 AM
|

සිංහල මිනිස්සු එකතු කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ. සමාජ - ආර්ථික කටයුතුවලට වගේ ම යුද්ධයක්, ආක්‍රමණයක් ඇතිවෙච්ච වෙලාවටත් මිනිස්සු එකතු කරන්න වෙනවා. ඉතිහාසය පුරා ම අපි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ අපේ මිනිස්සුන්ව එකතු කරලා තියෙනවා. අපේ මිනිස්සු ඒ අරමුණ වටේ එකතුවෙලා තියෙනවා.

මේ එකතු කිරීමට අවශ්‍ය මතවාදය මහාවිහාරය විසින් සපයලා තියෙනවා. ඒ මතවාදය සංග්‍රහ කරලා තියෙන්නේ මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථවල. මහාවංසය කියන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපේ මිනිස්සු කරපු කියපු දේවල් එකතු කරලා සංග්‍රහ කරපු ග්‍රන්ථයක්. ඇත්තෙන්ම මහාවංසය කියන්නේ සිංහල බෞද්ධ අපිට පූජනීය ග්‍රන්ථයක්. මහාවංසයේ මේ පූජනීය බව රැකගන්න තරමට තමයි අපේ මිනිස්සු එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කරනවා නම් විතරයි අපිට අපේ රට රැකගන්න පුළුවන් වෙන්නේ.

ජාතියේ හතුරෝ මේ කාරණය දන්නවා. ඉතින් ඒ හතුරෝ ඉවරයක් නැතුව මහාවංසයට පහරදෙනවා. මුලින් ම මේ වැඩේට යොදාගත්තේ NGOකාරයෝ. ඒත් ඒ සෙල්ලම සාර්ථක වුණේ නෑ. කොටි සංවිධානය ඉස්සරහට දාගෙන ක්‍රියාත්මක කරපු බටහිර අධිරාජ්‍යවාදී මෙහෙයුම පරාජයට පත් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වතාවෙත් අපේ මිනිස්සු එකතු කළේ මහාවිහාරය මුල් වෙලා මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථ ඔස්සේ ජනගත කරලා තියෙන මතවාදය විසින්.

2009 පරාජයෙන් පස්සේ අපේ හතුරෝ මුලින් ම කුළුගැන්නුවේ රාවණාවාදය. මේ ගැන හොඳ විස්තරයක් 'Ravanisation": The Revitalisation of Ravana among Sinhalese Buddhists in Post-War Sri Lanka කියන පොතේ තියෙනවා.

ඊ ළඟට මහා පරිමාණයෙන් ඉස්සරහට ගෙනාවේ යක්ඛවාදය. ඇත්තෙන්ම යක්ඛවාදය ප්‍රබන්ධ ක⁣ළේ මීට අවුරුදු සීයකට විතර කලින්. ඒක කුල සාධකය මුල් කරගෙන ගොතපු කතාවක්.

දඹදෙණිය යුගයේ අවසාන භාගයේ ඉඳලා ජයවර්ධනපුර යුගය දක්වා කාලය තුළ මේ රටේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච මිනිස්සුන්ගෙන් සැළැකිය යුතු පිරිසකට මුළුමනින්ම සිංහල වෙන්න අවශ්‍ය කාලය පෘතුගීසි ආක්‍රමණය හින්දා ලැබුණේ නෑ. ක්‍රම ක්‍රමයෙන් සිංහල බෞද්ධ බවට පත්වුනත් එහෙම අය අපේ දේවල් ගත්තේ ඔළුවෙන්. සම්පූර්ණයෙන් ම මේ සංස්කෘතියට කිඳා බැහැපු අපේ මිනිස්සු අදාළ මතවාද, වත් පිළිවෙත් වැළැඳගන්නේ ඇඟෙන්.

නිරිතදිගට සංක්‍රමණය වෙච්ච සමහර මිනිස්සු සිංහල බවට පත්වෙන අතර ම පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යටත්විජිත පාලන තුළ ලැබුණු අවස්ථා ප්‍රයෝජනයට ඇරැගෙන ධනයෙන්, අධ්‍යාපනයෙන්, සහ දේශපාලනයෙන් සමාජයේ "ඉහළට" ගියා. ඒත් සියම් නිකාය පිහිටුවීමෙන් පස්සේ පනවපු සීමා හින්දා මේ අයට ශාසනය තුළ බලවත් වෙන්න බැරිවුණා. (ඇත්තෙන්ම මේ සීමා වක්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ ජයවර්ධනපුර යුගයේ දී. තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට සංඝරාජ තනතුර ලැබුණේ නැත්තෙත් ඒ හින්දා. නිරිතදිග ප්‍රදේශවල 1425 දී විතර "සිංහල සංඝය" කියන කැරැල්ල ඇති කරන්නත් මේ තනතුර නොදීම හේතුවුණා). ඉතින් බුද්ධ ශාසනයේ ඉහළට යන්න බැරිවීම නිසා ඇතිවෙච්ච අසහනයක් නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල බලවත් වෙච්ච සමහර අය තුළ ඇතිවීම අපිට තේරුම්ගන්න පුළුවන්.

යක්ඛවාදය ඉපැදුණේ මේ අසහනයේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි මෙතැන තව රස කතාවක් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය නෙවෙයි දැන් ඒක කර ගහගෙන යන්නේ. දැන් ඒක උස්සගෙන යන්නේ ඒ ප්‍රදේශවල ම බලවත් වෙච්ච වෙනත් කුලයක පිරිසක්.

මෙතැන අපිට ඉගෙනගන්න පුළුවන් හොඳ පාඩමකුත් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය විවිධ පෙරමුණුවලින් රටේ ඉස්සරහට ආවා. මහා යතිවරයන්වහන්සේලා පවා ඒ අය අතරින් බිහිවුණා. කිසිම කුලභේදයක්, උඩරට - පහතරට භේදයක් නැතුව උන්වහන්සේලා ජාතියේ බුහුමනට ලක්වෙලා තියෙනවා. ඒත් ථෙරවාදයට, මහාවිහාරයට, මහාවංසයට පහරදෙන අයට එහෙම ජාතික බුහුමන් ලැබෙන්නේ නෑ. ඉතින් එහෙම දේවල් කරලා කොච්චර ආඩපාලි කිව්වත් වැඩක් වෙන්නේ නෑ. ජාතික බුහුමන් ලැබෙන්නේ ථෙරවාදය, මහාවිහාර සම්ප්‍රදාය, සහ මහාවංසය කියන ත්‍රිවිධ රත්නයට ගරු කරන අයට විතරයි.

මේ තියෙන කුලභේද පුළුවන් ඉක්මනින් අතුගෑවිලා යන්න ඕන කියන එකයි මගේ ප්‍රාර්ථනය. එහෙම වෙනවා නම් මේ බොරු ප්‍රබන්ධත් අවසන් වෙයි. ඒ වගේ ම, හැම දෙනාට ම වෙනසක් නැතුව ජාතියේ පොදු අරමුණ වටේ එකතුවෙන්න පුළුවන් නම්, ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ඒ මාර්ගයෙනුත් මේ භේද ඉක්මනින් ම තුරන්වෙලා යයි.

මහාවංසයට පහරදෙන තුන්වැනි පිරිස තමයි ජම්බුවාදියෝ. මේකට නම් එකතුවෙලා ඉන්නේ සුපිරි ම ගොන්නු සෙට් එකක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ සිංහල ඉගෙනගත්තේ නැති එවුන් දැන් සෙල්ලිපි පවා කියවනවා. උන් ලබාදෙන ආතල් එක රසවත් වුනත් මේකත් දිගටම කරගෙන යන්න ඉඩදෙන්න හොඳ නෑ.

මහාවංසය තමයි සිංහල ජාතියේ ව්‍යවස්ථාව. අපි ඒ පූජනීය ග්‍රන්ථය රැකගන්න ඕන. මේ නාඩගම්වලට ඉඩදීලා බලාගෙන හිටියොත් අපේ ජාතිය විසිරිලා යනවා. ආයෙත් රට අනතුරට පත්වෙච්ච වෙලාවක අපේ මිනිස්සු එකතු කරගන්න තියෙන මතවාදය අපිට අහිමිවෙනවා. ඉතින් තවත් පමාවෙන්න ඕන නෑ. අපි අපේ ජාතියේ ව්‍යවස්ථාව රැකගැනීම වෙනුවෙන් සටන් කරමු.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -


සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.