News Category
From Date
To Date
Maximum Number of Result

ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය - මෝදි ආගමනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම:

Apr 11, 2025 at 08:34 AM
|

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකානුවන් විසින් 90 දශකයේ මුල් භාගයේදී ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකය මත පැටවූ වෙළඳාම සහ ආයෝජන ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රතිපත්තියට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්තිය හෙවත් ඇමරිකාව ආර්ථික බලවතෙකු බවට පත්වීම සඳහා 50 දශකයේ යොදාගත් ආරක්ෂණවාදය නැමැති උපාය මාර්ගික ප‍්‍රවේශයයි. එනම් ආනයන බදු පැනිවීම මගින් ආනයන අධෛර්මත් කර දේශිය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීමය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක කළ සහ ඊට පෙර සිට ආරම්භ කළ ඇමරිකාව විසින් අනුගමනය කළ එම ආරක්ෂණවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ තම රටේ කර්මාන්ත පද්ධති ආරක්ෂා කිරීම සඳහා විශාල වශයෙන් ආනයන අධෛර්යමත් කිරීමේ බදු සහ බදු නොවන බාධක පනවනු ලැබීය. ඒ ආකරයට දෙවන ලෝක යුද්ධයට පසුව එම ප‍්‍රතිපත්තියට අනුකූලව ලෝකය හැඩගැස්වීම සඳහා ණය උපාංග යොදා ගැනීම මුල් කරගෙන ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල පිහිට වුවද, ලෝක වෙළඳ සංවිධානය පිහිටුවන්නේ 90 දශකයේදී ය. ඊට හේතුව ඊනියා නිදහස් වෙළඳාම ලෝකය මත පටවන්නේ ඇමරිකානු නිෂ්පාදන පද්ධතිය ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය යටතේ ශක්තිමත් කරගැනීමෙන් පසුව වීමය.

ඇමරිකාව තම නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ ලෝක වෙළෙඳ සංවිධානය හරහා ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන පද්ධති බිඳ වැටීටවීමට පෙර අනුගමනය කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය පිළිබඳව ඉතා විචිත‍්‍රවත් විද්වත් විග‍්‍රහයක් මහාචාර්ය හෝ ජුන් චැන්ග් විසින් තම ‘‘ඉනිමගට පයින් ගැසීම‘‘ නමැති කෘතිය මගින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. ඊට අනුව ඇමෙරිකාව සෙසු රටවලට ආනයන බදු පැනවීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කළ ආකාරය සහ ශක්තිමත් කළ ආකාරය පැහැදිලිවේ. ඇමරිකාව මහා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නේ එසේ ශක්තිමත් කළ නිෂ්පාදන පද්ධතියේ ශක්තිය සහ බලය යොදා ගනිමිණි. 

පසුකාලීනව ඇමරිකාවට සංක‍්‍රමණය වී පසුව ශ‍්‍රී ලංකාවට වින කැටීම සඳහා ආපසු පැමිණි බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයින් එම යටිතල පහසුකම් දැක ‘‘ගිණිකන වැටී” බරපතල න්‍යායාත්මක පටලැවිල්ලකට ගොදුරු විය. ඒ අනුව ඔවුන් කල්පනා කළේ ඇමෙරිකාව දියුණු වූයේ එම යටිතල පහසුකම් නිසා බවටය.  ඔවුන් ශ‍්‍රී  ලංකාව දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් හෙවත් අධිවේගී මාර්ග පූර්ව කොන්දේසියක් ලෙස සැලකූ අතර ණය මත පදනම් වූ එම ක‍්‍රියාවලිය තුළ කොමිස් ගැසීමේ මැණික් ඉල්ලමද පාදා ගනු ලැබීය. ඔවුන් යටිතල පහසුකම් සංවර්ධන සිහිනය තුළ ගිලී සිටිමින් මුදල් උපයන අතර තම හිතවාදී ආනයනකරුවන් පිනවීම සඳහා වෙළඳාම දිරිමත් කිරීමේ නාමයෙන් ආනයන බදු සහන ලබාදී බරපතළ බදු වංචාවලට ද මග පාදනු ලැබීය. එම ක‍්‍රියාවලිය තුළ දේශිය කර්මාන්ත පද්ධතිය ක‍්‍රමයෙන් බිඳ වැටුණු බව රහසක් නොවේ. 

නැවත වටයකින් ඩොනල්ට් ට‍්‍රම්ප්ගේ බදු ප‍්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමේදී තේරුම් ගත යුතු කරුණ වන්නේ ඉහත සඳහන් කළ ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තිය තුළ 1990 දශකයේ ආර්ථික අර්බුද සමය දක්වා ධන වෙළඳ ශේෂයක් පවත්වාගෙන යාමට හෙවත් ආනයන අදායම් වලට වඩා අපනයන ආදායම පවත්වාගෙන යාමට ඇමරිකාව සමත් විය. ඇමෙරිකාවේ නිෂ්පාදන පද්ධතියේ කඩාවැටීම ආරම්භ වන්නේ ‘‘වුල් වර්ත්” වැනි බිලියනපතියන්ගේ ඊනියා සුපර්මාකට් මාෆියාව විසින් සිල්ලර වෙළඳාම තුළ ආධිපත්‍ය අත්පත් කර ගැනීම තුළය. ඊනියා සුපර්මාකට් සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම මගින් බිලියනපතියන්ගේ සුපිරි වෙළඳසල් ජාල වලට සියයට 40% තරම් ඉහළ කොමිස් මුදල් ගෙවීමට සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට සිදු විය. එම තත්ත්වය තුළ 25% - 30%   පමණ ආයෝජනයට ප‍්‍රතිලාභ සහිත සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ජාලය බිඳ වැටුණු අතර චීනයේ නිෂ්පාදන වලට වෙළඳපළ විවෘත විය. නමුත් ගෝලීය බිලියනපතියන් එම මූලධාර්මික වරද වරද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවේ. එම තත්වය තුළ අදවන විට ඇමෙරිකාවේ වෙළඳ පරතරය ඩොලර් ටි‍්‍රලියන 3ක් පමණ මට්ටමට ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ආණ්ඩුවේ ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 37 ක් පමණ වන අතර එම ප‍්‍රමාණයෙන් 40%ක් මුදල් අච්චු ගැසීමෙන් ලබාගනී. එනම් ප්‍රෙට්රෝ ඩොලර් ආධිපත්‍යය යොදා ගනිමින් 

දැන් ඇමරිකාව එම වරද නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එම මූලධර්මික වරද නිවැරදි කිරීම මගින් නොවේ. එම වරද එසේම තිබියදී ආනයන අධෛර්යමත් කරන ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නාමිකව හඳුන්වාදීම මගින් වරද නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ මුවාවෙන් සිදු කෙරෙන වෙනත් මෙහෙයුමක් බව ඉතා පැහැදිළිය. ඒ තුළ සැඟවුණු අරමුණු ත‍්‍රිත්වයක් හඳුනාගත හැක. පළමුවැන්න චීනය මුල් කරගත් වෙළඳ යුද්ධයක් ආරම්භ කිරීම් මගින් ඇතිවන සංකූලතාව මගින් චීනයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමේ අවකාශය නිර්මාණය කිරීමය. දෙවැන්න ට‍්‍රම්ප් බලයට පත් කළ බිලියනපතියන්ගේ අවශ්‍යතාවයකි. එනම්, ලෝකය නැවත පිහිටුවීම හෙවත් ඍෑීෑඔ කිරීම සඳහා ගෝලීය වෙළඳපොළ තුළ මහා අර්බුදයක් නිර්මාණය කිරීම මගින් එම තත්ත්වය 90 දශකයේ සිදු කළ ආකාරයට ගෝලීය ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් බවට පරිවර්තනය කිරීමය.

තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ චීනයට එරෙහිව ගොඩනැගෙන යුදමය තත්ත්වයකදී ශ‍්‍රී ලංකාව වැනි රටවලට අදාළව ඉතා බරපතල උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයනවලින් 25%ක කොටසක් ඇමරිකාවට අයත් වේ. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 44% ක බද්ධක් පැනවීම මගින් අපනයන ප‍්‍රමාණයන් සහ ආදායම් බරපතළ ලෙස පහත වැටෙන බව ඉතා පැහැදිලිය. ඒ තුළ පළමුවෙන්ම අර්බුදයට ලක්වන්නේ ලක්ෂ 3ක පමණ රැකියා අවස්ථා නිර්මාණය කරන ඇඟලූම් කර්මාන්තය බවද ඉතා පැහැදිලිය. රබර් කිරි කර්මාන්තයේ නියැලෙන ලක්ෂ 2කට ආසන්න පිරිසකට ද ඊට මුහුණ දීමට සිදුවේ. රබර් නිෂ්පාදන සඳහා පණවා තිබෙන 12.5 ක සෙස් බදු සමග සමස්ත බද්ධ 56.5ක් බවට පත්වේ. 

ශ‍්‍රී ලංකාව දැනටමත් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය තුළ එම තත්ත්වය ආණ්ඩුව දේශපාලන වශයෙන් දණ ගැස්සවීම දක්වා වර්ධනය කිරීමේ ඉඩක් විවර වේ. ඒ සඳහා ඇමරිකානු තානාපතිනියගේ ශරීර ලක්ෂණ, මහජන සබඳතා කුසලතාවයන් මෙන්ම ආණ්ඩුවේ සාකච්ඡුාකරුවන්ගේ දුප්පත්කමද යොදාගන්නා බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් මෙම ඊනියා යුද්ධය තුළ සැඟවුණු තුන්වන අරමුණ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලන මෙහෙයුමට අදාළ වේ. එම ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවට අදාළව ගත්විට මෙම තීරු බදු උපාංගය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ද්විපාර්ශික ගිවිසුම් වලට තල්ලූ කිරීමේ හැකියාවක් ලැබේ. මේ වන විට ඩොලර් බිලියන 4.5 ක ණය ලබාදීම මගින් ඉන්දියානු රජය නිර්මාණය කරගත් අවකාශය තුළ වර්තමාන ආණ්ඩුව හැසිරෙන අසරණ සහ දුප්පත් ආකාරය අනුව ඒ සඳහා ප‍්‍රභල ඉඩක් තිබෙන බව පැහැදිලි වේ. 

ඒ අනුව වර්ධනය වන වෙළඳ යුද්ධය තුළ සාමය හෙවත් සටන් විරාමයක් සඳහා ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්පාර්ශික වෙළඳ ගිවිසුමකට නව අවස්ථාවක් නිර්මාණය වේ. ඒ තුළ දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් පරාධීනව පවත්වාගෙන යාම සඳහා යොදාගන්න මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට නව කොන්දේසි එකතු කිරීමේ හැකියාවක් ලැබේ. ඊට අමතරව ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස ..ීධත්‍්.. ගිවිසුමේ ඇමුණුව ‘බී”  සඳහා එකඟ වීමට ද බලපෑම් එල්ල වනු ඇත. මේවන විට ඉන්දියාව විසින් ණය උපාංග අඩුවක් ලෙස භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය ආරක්ෂක ගිවිසුමක් ඇතුළු ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය බලශක්ති ස සහ දත්ත සහ තොරතුරු ස්වෛරීත්වය පමණක් නොව භූ දේශපාලන ස්වාධීනත්වය පාවාදෙන බරපතළ ගිවිසුම් ත‍්‍රිත්වයක් සඳහා ඉන්දියානු අගමැතිට එකඟවීම තුළ තත්ත්වය වඩා බරපතළ වේ.

ඉන්දියානු අගමැතිවරයා ඉතා බරපතළ රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් සති අන්තය යොදා ගනිමින් හදිසියේ අත්සන් කිරීමට කටයුතු කිරීම තුළින් සහ ශ‍්‍රී ලංකාවේ රජය එම ගිවිසුම් වලට අදාළ කොන්දේසි එළිදරව් නොකිරීම තුළින් තත්වයේ බරපතළකම පිළිබඳව සැකයක් ඇති වේ. ඉන්දියානු මාධ්‍යවලට අනුව අත්සන් කරනු ලබන ආරක්ෂක හෙයත් මිලිටරි ගිවිසුම ඉන්දු ලංකා ගිවිසුමට පසුව අත්සන් කරනු ලබන ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කොන්දේසි අඩංගු ගිවිසුමකි. එහි විශේෂත්වයක් ලෙස ඉන්දියානු විචාරකයින් හුවා දක්වන්නේ එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ චීනයේ යුදමය බලය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ වීමය. එම ගිවිසුම් අතරින් ආරක්ෂක ගිවිසුම, බලශක්ති ඒකාබද්ධකරණ ගිවිසුම සහ දත්ත පද්ධති ඩිජිටල්කරණ සහයෝගිතා ගිවිසුම ඉතා බරපතළ වන්නේ ඉන්දියාව ඇමෙරිකාව සම`ග ආරක්ෂක ගිවිසුම් 4ක් අත්සන් කර ඇති තත්ත්වයක් තුළය.  


ඊට අමතරව ඉන්දියාව ූඹ්ෘ නමින් හඳුන්වන ඉන්දු පැසිෆික් කලාපයේ සාමාජිකයෙකුවීම තුළ තත්වය වඩාත් බරපතළ වේ. ඉන්දියාව ඇමෙරිකාව,  ඕස්ෙටි‍්‍රලියාව සහ ජපානය යන ඉන්දු පැසිෆික් කලාපයේ මහා බලවතුන් විසින් යුදමය මැදිහත්වීම් සඳහා ඇතිකර ගෙන තිබෙන එක`ගතාවය මත පිහිටුවන ූඹ්ෘ සංවිධානය ආසියාවේ ‘‘නේටෝව’’ ලෙස හැඳින්වේ. ඒ අතර ශ‍්‍රී ලංකාව, ඇමෙරිකාව සම`ග ්ක්‍ී් නමින්  ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති තත්වයක් යටතේ සහ ඇමෙරිකානු හමුදාවට ශ‍්‍රී ලංකාවේ කඳවුරු බැදීමට ඉඩ සළසන ීධත්‍් ගිවිසුමේ ඇමණුම ‘‘බී’’ සඳහා එක`ගවීමට බලකෙරෙන තත්වයක් යටතේ ශ‍්‍රී ලංකාව ූඹ්ෘ යුද සන්ධානයේ පාර්ශ්වකරුවෙකුවීම වැළැක්විය නොහැක. ඇමෙරිකාවේ හිටපු දෙවන රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ් 2023 දී ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා සම`ග සිදුකළ සාකච්ඡුාවේදී සඳහන් කරන්නේ ත‍්‍රිකුණාමලයේ ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ යුද සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු බවය. මෙවර ඉන්දියානු අගමැති සහ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර අත්සන් තැබෙන ගිවිසුම් 7ක් අතුරින් ත‍්‍රිකුණාමලය මුල්කරගත් සංවර්ධන ක‍්‍රියාවලියකට අදාල වීමද එහිදී සැළකිලිල්ලට ගත යුතුවේ. 


ඒ අනුව මෙම සමස්ත ක‍්‍රියාවලියේ අවසානය පිළිබඳව මැවෙන්නේ ඉතා භයානක පින්තූරයකි. එනම් ශ‍්‍රී ලංකාව ආර්ථික ඒකාබද්ධකරණ ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් හෙවත් ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත්වී ඒ තුළ ඇමෙරිකානු හමුදාවලට ඉඩ සළසමින් ඉන්දු පැසිෆික් කලාපයේ යුදමය මර්මස්ථානයක් බවට පත්වීමය. ඊට අමතරව දෙමළ බෙදුම්වාදී බලවේගවල, විශේෂයෙන්ම ඩයස්පෝරාවේ ප‍්‍රකාශනයක් වන ‘ටැමිල් ගාඩියනස්’ වෙබ් අඩවිය ඉන්දු - ශ‍්‍රී ලංකා නව ගිවිසුම් පිළිබඳව ඉතා උද්යෝගයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ විදුලි පද්ධතිය ඒකාබද්ධකරණය සඳහා යොදා ගන්නා කේබලය ඉන්දියාවේ මදුරෙයි නගරයේ සිට දෙමළ ඊළම හරහා උතුරු මැද පළාතට ගමන් කරන බවය. එසේම මෝදි ජනාධිපතිවරයා තම කතාවේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කිරීම සහ මැතිවරණයෙන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ඇතිකරන බලපෑම තුළ මෙම සමස්ත ක‍්‍රියාවලිය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය සම`ගද ගැට ගැසෙන බව ඉතා පැහැදිළිය. ඒ අනුව ඉන්දියවේ ඊනියා 29 වැනි ප‍්‍රාන්තය දිර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසද 30 වැනි ප‍්‍රාන්තය හෙවත් දෙමළ ඊළම බිහිකිරීමේ ක‍්‍රියාවලිය ඉන්දියාවේ ආශිර්වාදය සහිතව සිදුවිය හැකි බව සාධාරණ උපකල්පනයකි. 

වර්තමාන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයට මුල් වූ පක්ෂයේ නිර්මාතෘවරයා මීට වසර 35කට පෙර සඳහන් කරන්නේ එසේ සිදුවන බවය. ඔහුගේ පුරෝකථනයන්ට අනුව ආසියාවේ නේටෝව හෙවත්  ූඹ්ෘ සංවිධානය ද මේ වනවිට බිහිවී ඇත. එම පුරෝකථනයන්ට අනුව චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපයේ ගොඩනැගෙන යුදමය ආතතිය තුළ කඩාකප්පල්කාරී මෙහෙයුම් සඳහා ත‍්‍රස්තවාදී රාජ්‍යයක් හෙවත් ආසියාවේ ඊශ‍්‍රායලයක් අවශ්‍ය වේ. ඒ අනුව ඊළාම් රාජ්‍යය ආසියාවේ ඊශ‍්‍රායලය බවට යොදා ගන්නා අවස්ථාවේදී ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය ලෙස හැඳින්වෙන් ශ‍්‍රී ලංකාවේ සෙසු භූමිය පලස්තීනයක් බවට පත්විය හැකි බවද ඔහු විසින් පුරෝකථනය කරන්නට යෙදුනි.


වෛද්‍ය වසන්ත බණ්ඩාර 

ලේකම්

දෙශහිතෛෂි ජාතික ව්‍යාපාරය   


සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.