යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
ඉදිරි ආරක්ෂක වලල්ල අසල පිහිටි යුක් රේනයේ නගරයක් වන සුමි නගරයේ පැවැති යුක්රේන හමුදාවේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා පෙළ ගැසී සිටි යුක්රේන හමුදා වෙත රුසියානු මිශයිල මගින් පහර දී ඇති බව යුක්රේන නීති සම්පාදකවරියක් වන ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකා මරියානා බෙසුග්ලායා පැවසීය.
ඊයේ(13) නගර මධ්‍යයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් මිය ගොස් 80 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව සුමි හි වැඩබලන නගරාධිපති ආර්ටියන් කොබ්සාර් පැවසීය.
මියගිය අය යුක්රේන හමුදා නිලධාරීන් බව බෙසුග්ලායා පසුව ටෙලිග්‍රෑම් හි සටහනක් තබමින් අනාවරණය කළාය.
“යුක්රේනයේ ප්‍රධාන අණදෙන නිලධාරී ඇලෙක්සැන්ඩර් සිර්ස්කි වෙත සහ භෞමික ආරක්ෂක හමුදාවන්හි අණදෙන නිලධාරියා වෙත වෙන වෙනම කරන ආයාචනය: විශේෂයෙන් සිවිල් නගරවල සම්මාන ප්‍රදානෝත්සව සඳහා භට පිරිස් රැස් නොකරන්න.” ඇය ලිවීය.
යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ ‘ජනතා සේවකයා’ පක්ෂයේ සාමාජිකයෙකු වූ නීති සම්පාදිකාව, “රැස්වීම පිළිබඳ තොරතුරු රුසියානුවන්ට ලැබී තිබූ” බවට ද චෝදනා කළේය.
"නම් අඬ ගහන්න එපා. සම්මාන උත්සව පවත්වන්න එපා," ඇය හමුදාවෙන් ඉල්ලා සිටියාය.
යුක්රේන මාධ්‍යවේදිනියක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන නටාලියා මොසිචුක් මහත්මියද රුසියානු ප්‍රහාරය යුක්රේන හමුදා නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගත් බව තහවුරු කළාය. සම්මාන උළෙල සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇය දොස් පැවරූ සුමි හමුදා පරිපාලනයේ ප්‍රධානී ව්ලැඩිමීර් ආර්ටියුක් සහ සෙලෙන්ස්කි පක්ෂ නීති සම්පාදක මිහායිල් අනනචෙන්කෝ අත්අඩංගුවට ගන්නා ලෙසද ඇය ඉල්ලා සිටියාය. "සොල්දාදුවන්ට අමතරව, ඔවුන් එහි ළමුන් ඇතුළු සිවිල් වැසියන් රැස් කළා. අවජාතකයෝ සහ අප්‍රසන මිනිස්සු!" ඇය පැවසුවාය.
කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා සිය දෛනික ප්රකාශනයේ සුමි වෙත එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සඳහන් කළේ නැත.
36 හැවිරිදි බෙසුග්ලායා, පසුගිය පෙබරවාරි මාසයේ සෙලෙන්ස්කිගේ පක්ෂයෙන් ඉවත් වූ දා සිට යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරුන් වරින් වර විවේචනය කර ඇත. 2024 ජූලි මාසයේදී, රාජ්‍යයේ සතුරන් ලෙස සැලකෙන අර්ධ-නිල දත්ත සමුදායක් වන කුප්‍රකට යුක්රේන වෙබ් අඩවියක් වන මිරොට්වොරෙට්ස් විසින් ඇයව අසාදු ලේඛනගත කරන ලද්දේය.
Russian missile strikes Kiev troops during award ceremony in Sumy – Ukrainian MP
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..