News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...

Apr 16, 2025 at 01:41 PM
|

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු විටෙක විහිළු සැපවූයේ නැත. පොරොන්දු වූ පරිදි, ඔහු තම රටේ වෙළඳ ප්‍රතිපත්තියේ නාටකාකාර ලෙස ප්‍රතිසංස්කරණයක් දියත් කර ඇති අතර, ඔහු ප්‍රධාන හවුල්කරුවන් සමඟ ආනයන සහ අපනයන නැවත සමතුලිත කිරීමක් ලෙස ඔහු විසින් හඳුන්වන ක්‍රියාමාර්ගයට අවනත වීමට බල කිරීම සඳහා පුළුල් තීරුබදු හඳුන්වා දී ඇත. මෙම පියවර විසින් ජගත් වෙළඳපල චලනයට ලක් කර ඇති අතර එය ගෝලීය වෙළෙඳපොල තුල පසු බැස්මක් හෝ  අවපාතයක් පවා සිදු විය හැකි බවට අනතුරු ඇඟවීම් අවුලුවා ඇත. ආක්‍රමණශීලී, ඉහළ මට්ටමේ "ඔට්ටු" උපක්‍රම සඳහා ප්‍රසිද්ධ ට්‍රම්ප්,  හිතාමතා දියත් කළ උපායමාර්ගය නම්‍යශීලී වන්නේ ඔහුගේ කොන්දේසි මත පමණක් බවට සැකයක් ඉතිරි කර නැත. එහෙත් ට්‍රම්ප් අනුගතව සිටින උපක්‍රමය විසින් ඇති කරන ප්‍රතිඵලය අවිනිශ්චිතව පවතින අතර, බොහෝ විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ එක්සත් ජනපදය අනෙක් සියල්ලන් සමඟ දුක් විඳිනු ඇති බවත් එසේ  නැතහොත් ලෝකයේ අනෙක් රටවල් වටටත් වඩා දුක් විඳිනු ඇති බවයි.

මෙම ප්‍රවේශයෙන් ලැබෙන ඕනෑම වාසියක් යම් හෙයකින් සිදුවුවහොත් ඒවා දිගු කාලීන වනු ඇති බවට ආර්ථික විද්‍යාඥයින් බොහෝ දුරට එකඟ වෙති.ඇමරිකානුවන්ට කෙටි කාලීනව,  ඉහළ උද්ධමනය, අරගල කරන නිෂ්පාදකයින්, දුර්වල පාරිභෝගික බලය සහ පහත වැටෙන වෙළඳපල ප්‍රාග්ධනීකරණය අපේක්ෂා කළ හැකිය. නමුත් ට්‍රම්ප් එකඟතාව ගැන සැලකිලිමත් නොවේ. ඔහු දේශපාලන "පොර කුකුළෙකු" වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ හුදෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ නොව, ඔහුගේ දැක්ම අනුව ඇමරිකාව පරිහානියට ඇද දමමින් සිටින සමස්ත ගෝලීය පද්ධතිය මූලික වශයෙන් නැවත සකස් කිරීමයි.

ට්‍රම්ප්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට, ගතානුගතික චින්තකයෙකු වන මයිකල් ඇන්ටන් විසින් රචිත 2016 දී කුප්‍රකට "The Flight 93 Election" නම් රචනාව සිහිපත් කිරීම වැදගත් වේ. එහි දී,  මයිකල් ඇන්ටන්, ට්‍රම්ප්ගේ ඡන්දදායකයින් 9/11 දින පැහැරගත් ගුවන් යානයේ සිටි තම ජීවිත පූජා කරමින් ව්‍යසනය නැවැත්වීම සඳහා නියමු කුටියට ඇතුළු වූ මගීන් සමඟ සංසන්දනය කළේය. ඔහු යොදාගත් රූපකය පැහැදිලිය. ලිබරල් ගෝලීයවාදීන් විසින් පැහැර ගන්නා ලද ඇමරිකාව සියදිවි නසාගැනීමේ මාවතක ගමන් කළේය. මෙම රාමුව තුළ , බිඳවැටීම වළක්වා ගැනීම සඳහා අවසාන ප්‍රතිචාරය ට්‍රම්ප් විය.

වාර්තා වේ. එක්සත් ජනපද දේශීය දේශපාලනයට වරක් යෙදූ The Flight 93 Election හි තර්කනය දැන් මුළු ලෝකයටම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. ට්‍රම්ප් පරිපාලනයට අනුව වත්මන් ගෝලීය පිළිවෙල තිරසාර නොවන අතර එය ඇමරිකානු බලයට පවා භයානක පිලිවෙලක් ලෙස සලකයි. ඔවුන්ගේ මතය අනුව, පද්ධතිය දැන් බිඳ නොදැමුවහොත්, එක්සත් ජනපදයට ඉක්මනින් එය කිසිසේත් නිවැරදි කිරීමට නොහැකි වනු ඇත.

ඇමරිකාවේ වෙළඳපොළ බලය උපයෝගී කර ගනිමින් වෙළඳ ගනුදෙනු නැවත සාකච්ඡා කිරීම සඳහා රටවල් ශක්තිමත් කළ හැකි බව ට්‍රම්ප් විශ්වාස කරයි. සමහර රටවල් වලට මෙය සාර්ථක විය හැකිය. බොහෝ ජාතීන්ට එක්සත් ජනපදය සමඟ පූර්ණ වෙළඳ යුද්ධයක් දරාගත නොහැක. නමුත් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක දෙක වන චීනය සහ යුරෝපීය සංගමය - එතරම් පහසුවෙන් හිරිහැරයට ලක් නොවේ.

චීනය සම්බන්ධ කාරණය සැලකිල්ලට ගත් කල , ගෝලීය ආර්ථික බර සහ බලපෑම අතින් චීනය එක්සත් ජනපදය සමඟ සමාන මට්ටමක ආසන්නයේ පවතී. එය ආධිපත්‍යයක් නොවූවත්,  අමෙරිකා එක්සත් ජනපදය සම වයසේ මිතුරෙකු ලෙසත්, බහු ධ්‍රැවීය ලෝකයක අවශ්‍ය ධ්‍රැවයක් ලෙස චීනය සලකයි. එම ස්වයං ප්‍රතිරූපය එක්සත් ජනපද ඉල්ලීම්වලට යටත් වීම කිසි විටකත් සිදු නොවීමට බලපානු ලබයි. කුණාටුවට ඔරොත්තු දිය හැකි බවත් සමහර විට වොෂින්ටනය අභිබවා යා හැකි බවත් බීජිනය විශ්වාස කරයි. එය තම ප්‍රතිවාදියා අවතක්සේරු කරනවා විය හැකි නමුත් සටනකින් තොරව චීනය පසුබසින්නේ නැත.

මේ අතර, යුරෝපා සංගමය වෙනස් අභියෝගයක් ඉදිරිපත් කරයි. එහි වෙළඳ ප්‍රතිපත්තිය තනි සාමාජික රාජ්‍යයන් නොව යුරෝපීය කොමිසම විසින් පාලනය කරනු ලැබේ. මෙම මධ්‍යගතකරණය විශේෂයෙන් අර්බුදවලදී නම්‍යශීලීභාවය සීමා කරන අතර ප්‍රතිචාර කාලය මන්දගාමී කරයි. යුරෝපයේ ඉහළම අපනයනකරු වන ජර්මනිය වැනි රටවල් එක්සත් ජනපද තීරුබදු මගින් සෘජුවම බලපෑමට ලක් වන අතර, ඔවුන්ට තනිවම සාකච්ඡා කළ නොහැකි තත්වයකට මුහුණ පා සිටී. යුරෝපා සංගමය තුළ සම්බන්ධීකරණය සැමවිටම දුෂ්කර වී ඇති අතර, සැබෑ පීඩනයක් ඇති අවස්ථාවන්හිදී, ජාතික අවශ්‍යතා බොහෝ විට සාමූහික අවශ්‍යතා අභිබවා යයි.

එපමණක් නොව, යුරෝපා සංගමය මිලිටරිමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් එක්සත් ජනපදය මත රඳා පවතින අතර, එය දිගු කලක් තිස්සේ තමන්ව තහවුරු කර ගැනීමේ හැකියාව සංකීර්ණ කර ඇති යැපීමක් බවට පත්ව තිබේ. විශේෂයෙන් වෙළඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර යුරෝපය වැඩි වැඩියෙන් විරුද්ධවාදියෙකු ලෙස ට්‍රම්ප් සලකන අතර, එම කණ්ඩායම තවමත් එක්සත් ජනපදය අත්‍යවශ්‍ය සගයෙකු ලෙස දකී. ඇමරිකානු ආරක්ෂක කුඩය නොමැතිව අනාගතයක් බටහිර යුරෝපයට දැනට සිතාගත නොහැකිය. මෙම අසමතුලිතතාවය වොෂින්ටනයට චීනය සමඟ ගනුදෙනුවේදී නොමැති ලීවරයක් ලබා දෙයි.

පරස්පර විරෝධී ලෙස, බටහිර යුරෝපය දැන් විරෝධතා දැක්වීමේ වාචාලකම සහ අනුකූල වීමේ සහජ බුද්ධිය අතර සිරවී සිටී. චීනය මෙන් නොව, යුරෝපා සංගමය අවසානයේ නැමෙනු ඇතැයි ට්‍රම්ප් විශ්වාස කරන බව පෙනේ. සාම්ප්‍රදායිකව, එය එසේ කර ඇත. නමුත් මෙවර, යටත් වීම සැලකිය යුතු අභිලාෂයන්ගේ වියදමින් සහ කිසිදු පැහැදිලි විපාකයක් නොමැතිව සිදුවනු ඇත.

ඇමරිකා එක්සත් ජනපද-චීන ​​ගැටුම අපේක්ෂිත සාකච්ඡා මගින් මහජන විරෝධතා අවධියකට පිවිසෙමින් තිබියදී, ඇමරිකා එක්සත් ජනපද-යුරෝපා සංගම් සබඳතාවල ගමන් පථය වඩාත් අඳුරු පරාසයකට යොමු වෙමින් තිබේ. ට්‍රම්ප් ඉක්මනින්ම බ්‍රසල්ස් වෙතින් සම්පූර්ණ යටත් වීමක් අපේක්ෂා කරන බව පෙනේ.

මෙම අපේක්ෂාව වැරදි විය හැකිය. බටහිර යුරෝපීය ආණ්ඩු විශේෂයෙන් කර්මාන්ත හා කෘෂිකර්මාන්තයෙන් එල්ල වන විරෝධතා හේතුවෙන්  අභ්‍යන්තර ආර්ථික පීඩනයකට ලක්ව ඇත. ඒවා ඉහළ යන පිරිවැය සහ අහිමි වූ අපනයන වෙළඳපොළවල බර දරයි. එහෙත් එම නියෝගය වොෂින්ටනයෙන් නැවත ලියනු ලැබුවද, බ්‍රසල්ස් අත්ලාන්තික් සාගර සන්ධානයට සහ ලිබරල් ආර්ථික පිළිවෙලට දෘෂ්ටිවාදාත්මකව කැපවී සිටී.

ට්‍රම්ප්ගේ අභිලාෂයන් අති විශාල මෙන්ම ක්ෂණිකව ක්‍රියාත්මක වේ. ලෝක වෙළඳාම ප්‍රතිව්‍යුහගත කිරීම, යුක්රේනයේ ගැටුම සමථයකට පත් කිරීම සහ ඉරානය පාලනය කිරීම - සියල්ල එකවර සහ ඔහුගේ දෙවන ධුර කාලය තුළ සිදු කිරීම අපේක්ෂාවයි. බලා සිටීමට, සම්මුතියකට එළඹීමට හෝ ස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රික වේගය අනුගමනය කිරීමට ඔහුට අවශ්‍යතාවයක් තිබෙන බව නොපෙනේ. භූ දේශපාලනයට අදාළ වන The Flight 93 Election උපාය මාර්ගය මෙයයි. එනම් පද්ධතිය ඔබව කඩා වැට්ටවීමට පෙර බිඳ දමන්න.

ලෝකයේ සෙසු රටවල් මෙයින් කොපමණ ප්‍රමාණයක් ඉවසා සිටිනු ඇත්දැයි නිෂ්චය කිරීමට බලා සිටීමට සිදුවනු ඇත. චීනය පහසුවෙන් යටත් නොවනු ඇත. යුරෝපා සංගමය මැසිවිලි නැඟීමට, ප්‍රමාද කිරීමට සහ සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් ප්‍රමාණවත් තරම් පීඩනයක් එල්ල කළහොත්, යුරෝපා සංගමය අභ්‍යන්තරව සිදුවන පීඩනය යටතේ බෙදී යා හැකිය. පැහැදිලි දෙය නම්, ට්‍රම්ප් පාලනය යටතේ එක්සත් ජනපදය තවදුරටත් ලෝකය මෙහෙයවීමට උත්සාහ නොකරන නමුත් තමන්ගේම කොන්දේසි මත ලෝකය නැවත සැකසීමට උත්සාහ කිරීම විද්‍යාමාන වීමයි.

Fyodor Lukyanov: Here’s what Trump really wants from his trade war

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.