News Category
From Date
To Date
Maximum Number of Result

සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්

Apr 17, 2025 at 06:03 AM
|

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරය මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතී.

පොලීසිය සඳහන් කළේ අද (17) සිට එම නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවය.

ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම වූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මාර්ගයෙන් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ ලෝ වාසි ජනීජනයාගේ වන්දනාමානයට පාත්‍ර වෙයි. 

සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන් ය. 

මෑත කාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණි.

වසර 16කට පසු මෙවර සිරි දළදා වන්දනාව ආරම්භ වීමට එක් දිනක් පමණි.

ඒ අනුව, සිරි දළදා වන්දනාව ඇරඹෙන පළමු දිනයේ එනම්, අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පස්වරු 3 සිට 5:30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමේ භාග්‍ය උදා වෙයි.

අනතුරුව අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 වැනිදා දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාව ක්‍රියාත්මකය.

මෙවර සිරි දළදා වන්දනාවට ප්‍රවේශ මාර්ග තුනක් සලසා දී තිබේ.

ඒ, D.S. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම

රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම

රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම
 
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් හෙට සිට මහනුවර නගරයට රථ වාහන ඇතුළු වීම සීමා කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය.

ඒ අනුව පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන වාහන හා දෛනික කටයුතු සඳහා මහනුවර නගරයට පැමිණෙන වාහන සඳහා වෙන් වෙන් වශයෙන් රථ ගාල් ස්ථාපිත කර ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම එම රථ ගාල්වල සිට දළදා මාලිගය දක්වා පැමිණීමට සහන ගාස්තුවක් යටතේ විශේෂ බස් රථ සේවාවක්ද බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන සැදැහැවතුන්ගේ ගමන් පහසුව උදෙසා දින 10ක විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ක්‍රියාත්මක කෙරෙයි.

සිරි දළදා වන්දනා සමයේ අපේල් 21 සිට 25 දක්වා දින 05ක් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇති අතර එම පාසල් ලැයිස්තුව පහතින් දැක්වෙයි.

වසාතැබෙන පාසල් එක් එක් කලාප අනුව

මහනුවර අධ්‍යාපන කලාපය

ගුරුදෙණිය මහා විද්‍යාලය
විද්‍යාලෝක විද්‍යාලය, තැන්නෙකුඹුර
ධර්මරාජ විද්‍යාලය
ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය
මහාමයා බාලිකා විද්‍යාලය
බෙරවට්ස් විද්‍යාලය
බෙරවට්ස් ප්‍රාථමික විද්‍යාලය
අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලය
දඹවෙළ කනිෂ්ඨ විද්‍යාලය
ගෝතමී බාලිකා විද්‍යාලය
ශ්‍රී රාහුල ජාතික පාසල‍
ශා. අන්තෝනි පිරිමි විද්‍යාලය
ශා. අන්තෝනි බාලිකා විද්‍යාලය
චන්දානන්ද බාලිකා විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය
තක්ෂිලා විද්‍යාලය
හේමමාලි බාලිකා විද්‍යාලය
ශා. සිල්වෙස්තර විද්‍යාලය
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය
විවේකානන්ද විද්‍යාලය
පුෂ්පදාන බාලිකා විද්‍යාලය
යහපත් එඬේරාගේ කන්‍යාරාමය
හින්දු ජ්‍යෙෂ්ඨ විද්‍යාලය
මද්දුම බණ්ඩාර විද්‍යාලය
විහාරමහාදේවී බාලිකා විද්‍යාලය
උසස් බාලිකා විද්‍යාලය
ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය
සිද්ධිලෙබ්බේ මහා විද්‍යාලය
ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය
සීතාදේවී බාලිකා විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය
මහානාම මහා විද්‍යාලය
රණබිම රාජකීය විද්‍යාලය
සරසවි උයන මහා විද්‍යාලය
පේරාදෙණිය ම.ම.වි.
පේරාදෙණිය කනිෂ්ඨ ද්විතියික විද්‍යාලය
පේරාදෙණිය හිංදු විද්‍යාලය
ලුම්බිණි රාජකීය විද්‍යාලය
විමලබුද්ධි විද්‍යාලය
රාසිංදෙව් විද්‍යාලය
සෙංකඩගල වීරෝධාර විද්‍යාලය
ධර්මාශෝක විද්‍යාලය
සංඝමිත්තා විද්‍යාලය
කැප්පෙටිපොළ විද්‍යාලය
බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

වත්තේගම අධ්‍යාපන කලාපය

මහවැලි මහා විද්‍යාලය
මහනුවර ආදර්ශ විද්‍යාලය
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

දෙනුවර අධ්‍යාපන කලාපය

ඊරියගම පුෂ්පදාන විද්‍යාලය
ගන්නෝරුව කනිෂ්ඨ විද්‍යාලය
බදි-උද්-දීන් මහ්මූද් බාලිකා විදුහල

සම්බන්ධිත පුවත් | Related News

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.
හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.
ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (09) පෙ.ව. 9.00 ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.