News Category
From Date
To Date
Maximum Number of Result

වාරියපොළ සුමංගල නාහිමි දිනය අදයි..

Mar 2, 2025 at 08:42 AM
|

වාරියපොල ශ්‍රී සුමංගල හිමි  1815 මාර් තු 02 වන දින ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය ධජය  ඔසවා අදට වසර 210කි.

1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි. අදින් වසර දෙසීයකටත් පෙර එනම් 1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් වියග එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි.

1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරිම සි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.

1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණ. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්ෂවය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.

පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත දේශදෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.

සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.

 ‘‘දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංග්‍රීසින් විසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගීසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”

අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජධානියේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහෙ. දේශනුරාගයෙන් ජාත්ශල්‍යෙයන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.

මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.

කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරමාළසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංග්‍රීසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංග්‍රීසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගීසි අසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය. 

ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් ල ජාත්යාිනුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගීරනය සි සෙන්පති ඉදිරිට පැමිණියහග  ‘‘තොපිට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්රපශ්න කළහ. ඒ සමඟම ක්ෂණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.

ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්‍රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්රතමාන්විත ක්රි්යාවෙන් කෝපයට පත් ඉංගීර කරසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්රේුෂ්ඨ බුද්ධ පුත්ර්යාගෙන් සමාව අයැද සිටියේය. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.

අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේරත කමයෙන් ජාතිවාත්සල්යතයෙන් ආත්ම පරිත්යාිගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්රීෙ සුමංගල නාහිමිපාණෝ වර්ෂ 1831 අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ


සම්බන්ධිත පුවත් | Related News

මැයි 18,වෙනිදා අපි සමරන්නේ යුධ ජයග්‍රහණයක් නෙවෙයි රාජ්‍යය ගලවපු ජයග්‍රහණයක් . ‼️
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද?... වඩා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය ද? නැතිනම් බෞද්ධ සංස්කෘතිය ද? යන ප්‍රශ්න බොහෝ වාද විවාදයන්ට තුඩු දෙන ප්‍රශ්න බවට පත්වී තිබේ.
එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ සමයෙහි රෝහිණී ගංගාව දෙපස ශාඛ්‍ය වංශිකයන් හා කෝලිය වංශිකයන් අතර ජලය බෙදාගැනීම හා සම්බන්ධ මත ගැටුමක් ඇති වූ ආකාරය සූත්‍ර හා අටුවාගත කරුණුවලින් පැහැදිලි වේ.
අප්‍රිකාවේ landlocked country එකක් වශයෙන් පිහිටා ඇති බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ වර්තමානයේ ඇති විශ්මයජනක නැගී සිටීම ගැන කතාව කියද්දී ,එය මෙයට වසර හතළිහකට පෙර ඉතිහාසයේ පුනරාවර්තනයක් දැයි සැක හිතෙන තරමේ සිද්ධියකි..
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.