News Category
From Date
To Date
Maximum Number of Result

මෝඩි ආගමනය

Apr 5, 2025 at 09:50 AM
|

ඔබ මෙම තීරු ලිපිය කියවන විට මෙහි සඳහන් හා සඳහන්ව නොමැති බොහෝ දේ සිදු වී අවසන් ව තිබිය හැකි ය. අප ගිය වර සාකච්ඡා කළේ “මෘදු බලය” (Soft Power) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව ද මෙම මෘදු බලය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව අපට ඵලදායී විවරණයක නිරත විය හැක. 

අග්‍රාමාත්‍ය මෝඩි ලංකාවට පැමිණෙන්නේ දින දෙකකට ය. ඒ, 1971 අප්‍රේල් කැරැල්ල සිදු වූ අප්‍රේල් 05 වැනි දා සහ 6 වැනිදා ය. මේ දින දෙකේ දී ඔහු ඉන්දියාවට බලවත්ව වැදගත් වන ගිවිසුම් ගණනාවකට ශ්‍රී ලංකා පාලකයන්ගේ අත්සන ගස්සවා ගැනීමට නියමිත ය. ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර තිබෙන පරිදි එම ගිවිසුම් අතර, 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව අත්සන් තැබෙන වඩාත් වැදගත්ම (ඉන්දියාවට) ගිවිසුමකට ද අත්සන් තැබීමට සියල්ල සූදානම් ය. ඒ, දෙරට අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම ය. ඉන්දියානු මාධ්‍යය ට අනුව එය (ආරක්ෂක ගිවිසුම) චීනයේ නැගී එන යුද බලය ට එරෙහිව අත්සන් තැබෙන ගිවිසුම කි.  

ඉන්දියාව "QUAD" නැමැති ඉන්දු - ෆැසිපික් සාගර කලාපයට අදාළ “ආසියානු නේටෝ” වේ පාර්ශවකරුවෙ කි.  චීනයට එරෙහි ඉන්දියාව ඇමෙරිකා එ. ජනපදය සමඟ ආරක්ෂක/ මිලිටරි ගිවිසුම් ගණනාවකට අත්සන් තබා තිබේ. එබදු තත්ත්වයක් යටතේ අප (ශ්‍රී ලංකාව) ඉන්දියාව සමග ආරක්ෂක/මිලිටරි ගිවිසුමකට යාම යනු, නොදැනුවත්වම අප ද චීනයට එරෙහිව "QUAD"  හවුලේ අනියම් සාමාජිකයකු බවට පත්වීම යි. එමගින් අනාගත ලෝක බලවතුන් අතර ඇති විය හැකි යුදමය ගැටුමක දී නොදැනුවත්වම අප එහි එක් පාර්ශවයක ගේ කොටස්කරුවකු බවට පත් වේ. 

ජ.වි.පෙ තරම් වාමාංශික හෝ රැඩිකල් නැති, ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට කියා දුන් නැති, සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රභල ස්ථාවරය වූයේ ඉන්දියානු සාගර කලාපය නිරවි කලාපයක් විය යුතු බවයි. එමගින්, ශ්‍රී ලංකාව එක් හෝ වෙනත් ලෝක බලවතෙකුගේ මිලිටරි හවුල්කරුවකු බවට පත්වීම වැලකුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට අනුව, ක්‍රියාත්මක වීමේ අවකාශය ද එමගින් නිර්මාණය කෙරුණි. 

ජනාධිපති අනුර “මෝඩි ආගමනය” ගැන ප්‍රසිද්ධියේ කීවේ, අනුරාධපුරය  නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය ට විශාල ආධාර මුදලක් රැගෙන අගමැති මෝඩි පැමිණෙන බව ය. තව දුරටත් ඔහු රැස්ව සිටි උදවියගෙන් විමසා සිටියේ, මීට පෙර මෙබදු බලවත් රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණ තිබේද යන්න යි. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට උගැන් වූ පක්ෂයක වර්තමාන නායකයාට අත් වී තිබෙන්නේ කෙබදු අසරණ ඉරණමක් ද යන්න මේ ප්‍රකාශ තුළින්ම විද්‍යාමාන වේ. 

ඉහත කී මිලිටේරි ගිවිසුමට අමතරව තවත් ගිවිසුම් ගණනාවක් මේ සංචාරයේ දී අත්සන් කිරීමට නියමිත බව ද ඉන්දියානු මාධ්‍ය පවසයි. දැන ගැනීමට තිබෙන පරිදි, ඉන්දියාව හා ශ්‍රී ලංකාව බද්ධ කිරීමට අදාළ ගිවිසුම් මේ අතර වේ. තෙල් නලයෙන්, විදුලි කේබලයෙන්, රාමායන පාරෙන් (භෞතිකව යා කිරීම) දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කිරීමෙන් හා ඉන්දියානු මුදල් ඒකකය වූ ඉන්දියානු රුපියල, ශ්‍රි ලංකාව තුළ ශ්‍රී ලංකා රුපියල මෙන් සමාන ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් මේ ඒකාබද්ධතාව හෙවත් බද්ධ කිරීම සිදු කෙරේ. අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ඊට අදාළ ගිවිසුම් ය. මේ සියල්ල අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැලකිය හැකි ද? සිකීමය ට අත් වූ ඉරණම ශ්‍රී ලංකාව ට අත්වීම වැලකිය හැකිද? ජ.වි.පෙ. පාලනයක් යටතේ මේ මහා පාවාදීම සිදුවීම අප තේරුම්ගත යුත්තේ කවර අයුරින් ද?

අගමැති මෝඩි, අනුරාධපුරය සංවර්ධනයට ආධාර මුදලක් පිරිනමන්නේ, ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන්නේ, වස තැවරූ කේක් එකේ “අයිසින්” පාර ලස්සන කරන්නට ය. ජ.වි.පෙ නායක, ජනාධිපති අනුර ද එම “අයිසින්” පාර ඉමහත් උවමනාවෙන් ඉහළට ඔසවන්නේ, වස තැවරූ කේක් එක පිළිබඳ සාකච්ඡාව වළලා දැමීම පිණිස ය. 

ගියවර අප සාකච්ඡා කළ “මෘදු බලය”(Soft Power) පිළිබඳව ද මෙහිලා අවධානය යොමු කිරීම වැදගත් වේ. මෘදු බලය යනු හුඳෙක් බලපෑමේ හැකියාවක් පමණක් නොවේ. බලපෑම යන්න “දැඩි බලය (Hard Power) මගින් ද (1987 දී බලෙන් පරිප්පු දමා, ඉන්දීය හමුදාව ලංකාවට එවා, ඉන්දු - ලංකා ගිවිසුම ට අත්සන් ගස්සවා ගත් පරිදි) කළ හැකිය. මෘදු බලය යනු, බලපෑම් හැකියාවට අමතරව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද වේ. ඉන්දියානු මසාල ටෙලි නාට්‍යය අපේ රූපවාහිනී නාලිකාවල “ගොං දෙපැය”ක් පුරා විකාශය වන්නේ මේ මෘදු බලය ට අදාළ මෙහෙයුමේ කොටසක් ලෙස ය. මෝඩි අගමැතිවරයා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරණුයේ ත්, අනුරාධපුර නගරය සංවර්ධනය කිරීමට කීයක් හරි දෙන්නෙත්, මේ මෘදු බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන අපට අවබෝධ කර දෙමින් ය. මෘදු බලය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ සංස්කෘතිය නැමති කෙළිබිම මත ය. 

ඉන්දියාව අද ක්‍රියා  කරනුයේ Quadrilateral Security Dialogue (QSD) නැමැති “ආසියානු නේටෝවේ” සාමාජික රටක් ලෙස ය. මේ පිළිබඳව, මා විසින් රචනා කරන ලද “රාම රාවණ සහ විභීෂණ, නූතන කථාව” නම් කෘතියේ සඳහන් කර තිබෙනුයේ මෙසේ ය. 

''Quadrilateral Security Dialogue (QSD)  යනු ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් හතර එක් වී පිහිටුවා ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සන්ධානය ''QUAD'' යනු මෙය නිතර හැඳින්වෙන ජනප්‍රිය නාමය යි. .....2007 වසරේ දී පිහිටුවා ගන්නා ලද ''QUAD'' සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉන්දු - ෆැසිපික් සාගර කලාපය තුළ “චීනයේ ආර්ථික හා මිලිටරි බලයට” මුහුණ දෙමින් ඉන්දු - ඇමෙරිකානු ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම ය. ....එය එසේ නම් එවැනි සන්ධානයකට ආරක්ෂාව ඇතුළු බොහෝ කාරණා අතින් ඉන්දියන් සාගරයේ තීරණාත්මක හා උපාය මාර්ගික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. අද ලංකාව සම්බන්ධව තීන්දු ගනු ලබන්නේ මේ හවුලේ ඒකාබද්ධ මැදිහත් වීමෙනි.

එසේ නම් මෙම QUAD හවුලේ බලවත්ම සාමාජිකයාට වඩාත් වාසිදායක වන්නේ ශ්‍රී ලංකාව, තම හිත මිතුරු ඉන්දියාවේ 29 වැනි අර්ධ ප්‍රාන්ත කොලනිය වීමෙන් පසු එහි දුර්වල ආණ්ඩුකාරයා සහ ප්‍රභල හාම්පුතා සමඟ එක්ව ACSA හෝ SOFA අවශ්‍යතා ඉටු කර ගැනීම ද? නොඑසේනම්, ප්‍රතිවිරෝධතා බහුල ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ එවැනි සංවේදී තීරණ කරා ගමන් කිරීම ද? මේ පැණයට ලැබෙන පිළිතුර නම් ශ්‍රී ලංකාව, සිකීමය මෙන් ඉන්දියාවේ අර්ධ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමේ ඉන්දියානු භූ දේශපාලනික හා හින්දු ව්‍යාප්තවාදී වෑයම, හුදු ඉන්දියානු උවමනාවේම කොටසක් නොව, ඉන්දු ෆැසිපික් කලාපයේ QUAD දේශපාලන උපායමාර්ගයේ ම අත්හල යුතු නැති උපායමාර්ගික උවමනාවක් බව නොවේ ද?”

“සර්දාර් පනික්කාර් න්‍යාය යථාර්ථයක් බවට පත් කිරීම පිණිස ප්‍රධාන පූර්ව කොන්දේසි දෙකක් සපුරා ගත යුතු ය. පළමු වැන්න, කලාපයේ රටවල් තුළ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් ආරක්ෂක ගිවිසුම් සඳහා පෙළඹවීම ය. දෙවැන්න, ව්‍යාජ වෙළඳ සහ ආර්ථික ගිවිසුම් මගින් ඒ රටවල ආර්ථිකය බිඳ වැට්ටවීමේ සහ ඉන්දියාව මත පූර්ණ වශයෙන් යැපීමේ අන්ත පරාධීන තත්වයක් නිර්මාණය කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ශ්‍රී ලංකාව තුළ පිටිය සකසා දෙමින් තිබෙනුයේ මෙම ඉන්දියානු අභිලාෂය මුදුන් පත් කර ගැනීම පිණිස බව කුඩා දරුවකුට වුව වටහා ගත හැකි ය.” 

අහෝ! වත්මන් ජ.වි.පෙ. ඒ කුඩා දරුවාටත් වඩා දේශපාලන වශයෙන් ළදරුවෙකු වූයේ කෙසේ ද? පාවාදීමේ ගමනේ කෙළවර වු කලී දේශපාලන ළදරුවෙකු ගේ ඉරණමට ලක් වීම ද? ලාල් කාන්ත පවසන නව ලිබරල්වාදී රනිල්වත් නොකළ අන්දමේ පාවාදීමකට යාම වාම ලිබරල්වාදීන්ට සුළු හෝ ප්‍රශ්නයක් නොවන්නේ ද?  ස්වෛරී ශ්‍රී ලංකා රාජ්‍යය එහි සොහොන් පොළ කරා රැගෙන යන හේවිසි නාදය ඔබට නොඇසේ ද?  “පුනරුදය” යනු එය ද?

විමල් වීරවංශ

2025.04.06

(විමල් වීරවංශ මහතා විසින් ඉරිදා ලංකාදීපයට ලියූ "කඳු මුදුනේ සිට" තීරු ලිපියෙන් උපුටා ගන්නා ලදී...)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.