News Category
From Date
To Date
Maximum Number of Result

මෝඩි ආගමනය

Apr 5, 2025 at 09:50 AM
|

ඔබ මෙම තීරු ලිපිය කියවන විට මෙහි සඳහන් හා සඳහන්ව නොමැති බොහෝ දේ සිදු වී අවසන් ව තිබිය හැකි ය. අප ගිය වර සාකච්ඡා කළේ “මෘදු බලය” (Soft Power) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව ද මෙම මෘදු බලය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව අපට ඵලදායී විවරණයක නිරත විය හැක. 

අග්‍රාමාත්‍ය මෝඩි ලංකාවට පැමිණෙන්නේ දින දෙකකට ය. ඒ, 1971 අප්‍රේල් කැරැල්ල සිදු වූ අප්‍රේල් 05 වැනි දා සහ 6 වැනිදා ය. මේ දින දෙකේ දී ඔහු ඉන්දියාවට බලවත්ව වැදගත් වන ගිවිසුම් ගණනාවකට ශ්‍රී ලංකා පාලකයන්ගේ අත්සන ගස්සවා ගැනීමට නියමිත ය. ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර තිබෙන පරිදි එම ගිවිසුම් අතර, 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව අත්සන් තැබෙන වඩාත් වැදගත්ම (ඉන්දියාවට) ගිවිසුමකට ද අත්සන් තැබීමට සියල්ල සූදානම් ය. ඒ, දෙරට අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම ය. ඉන්දියානු මාධ්‍යය ට අනුව එය (ආරක්ෂක ගිවිසුම) චීනයේ නැගී එන යුද බලය ට එරෙහිව අත්සන් තැබෙන ගිවිසුම කි.  

ඉන්දියාව "QUAD" නැමැති ඉන්දු - ෆැසිපික් සාගර කලාපයට අදාළ “ආසියානු නේටෝ” වේ පාර්ශවකරුවෙ කි.  චීනයට එරෙහි ඉන්දියාව ඇමෙරිකා එ. ජනපදය සමඟ ආරක්ෂක/ මිලිටරි ගිවිසුම් ගණනාවකට අත්සන් තබා තිබේ. එබදු තත්ත්වයක් යටතේ අප (ශ්‍රී ලංකාව) ඉන්දියාව සමග ආරක්ෂක/මිලිටරි ගිවිසුමකට යාම යනු, නොදැනුවත්වම අප ද චීනයට එරෙහිව "QUAD"  හවුලේ අනියම් සාමාජිකයකු බවට පත්වීම යි. එමගින් අනාගත ලෝක බලවතුන් අතර ඇති විය හැකි යුදමය ගැටුමක දී නොදැනුවත්වම අප එහි එක් පාර්ශවයක ගේ කොටස්කරුවකු බවට පත් වේ. 

ජ.වි.පෙ තරම් වාමාංශික හෝ රැඩිකල් නැති, ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට කියා දුන් නැති, සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රභල ස්ථාවරය වූයේ ඉන්දියානු සාගර කලාපය නිරවි කලාපයක් විය යුතු බවයි. එමගින්, ශ්‍රී ලංකාව එක් හෝ වෙනත් ලෝක බලවතෙකුගේ මිලිටරි හවුල්කරුවකු බවට පත්වීම වැලකුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට අනුව, ක්‍රියාත්මක වීමේ අවකාශය ද එමගින් නිර්මාණය කෙරුණි. 

ජනාධිපති අනුර “මෝඩි ආගමනය” ගැන ප්‍රසිද්ධියේ කීවේ, අනුරාධපුරය  නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය ට විශාල ආධාර මුදලක් රැගෙන අගමැති මෝඩි පැමිණෙන බව ය. තව දුරටත් ඔහු රැස්ව සිටි උදවියගෙන් විමසා සිටියේ, මීට පෙර මෙබදු බලවත් රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණ තිබේද යන්න යි. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට උගැන් වූ පක්ෂයක වර්තමාන නායකයාට අත් වී තිබෙන්නේ කෙබදු අසරණ ඉරණමක් ද යන්න මේ ප්‍රකාශ තුළින්ම විද්‍යාමාන වේ. 

ඉහත කී මිලිටේරි ගිවිසුමට අමතරව තවත් ගිවිසුම් ගණනාවක් මේ සංචාරයේ දී අත්සන් කිරීමට නියමිත බව ද ඉන්දියානු මාධ්‍ය පවසයි. දැන ගැනීමට තිබෙන පරිදි, ඉන්දියාව හා ශ්‍රී ලංකාව බද්ධ කිරීමට අදාළ ගිවිසුම් මේ අතර වේ. තෙල් නලයෙන්, විදුලි කේබලයෙන්, රාමායන පාරෙන් (භෞතිකව යා කිරීම) දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කිරීමෙන් හා ඉන්දියානු මුදල් ඒකකය වූ ඉන්දියානු රුපියල, ශ්‍රි ලංකාව තුළ ශ්‍රී ලංකා රුපියල මෙන් සමාන ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් මේ ඒකාබද්ධතාව හෙවත් බද්ධ කිරීම සිදු කෙරේ. අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ඊට අදාළ ගිවිසුම් ය. මේ සියල්ල අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැලකිය හැකි ද? සිකීමය ට අත් වූ ඉරණම ශ්‍රී ලංකාව ට අත්වීම වැලකිය හැකිද? ජ.වි.පෙ. පාලනයක් යටතේ මේ මහා පාවාදීම සිදුවීම අප තේරුම්ගත යුත්තේ කවර අයුරින් ද?

අගමැති මෝඩි, අනුරාධපුරය සංවර්ධනයට ආධාර මුදලක් පිරිනමන්නේ, ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන්නේ, වස තැවරූ කේක් එකේ “අයිසින්” පාර ලස්සන කරන්නට ය. ජ.වි.පෙ නායක, ජනාධිපති අනුර ද එම “අයිසින්” පාර ඉමහත් උවමනාවෙන් ඉහළට ඔසවන්නේ, වස තැවරූ කේක් එක පිළිබඳ සාකච්ඡාව වළලා දැමීම පිණිස ය. 

ගියවර අප සාකච්ඡා කළ “මෘදු බලය”(Soft Power) පිළිබඳව ද මෙහිලා අවධානය යොමු කිරීම වැදගත් වේ. මෘදු බලය යනු හුඳෙක් බලපෑමේ හැකියාවක් පමණක් නොවේ. බලපෑම යන්න “දැඩි බලය (Hard Power) මගින් ද (1987 දී බලෙන් පරිප්පු දමා, ඉන්දීය හමුදාව ලංකාවට එවා, ඉන්දු - ලංකා ගිවිසුම ට අත්සන් ගස්සවා ගත් පරිදි) කළ හැකිය. මෘදු බලය යනු, බලපෑම් හැකියාවට අමතරව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද වේ. ඉන්දියානු මසාල ටෙලි නාට්‍යය අපේ රූපවාහිනී නාලිකාවල “ගොං දෙපැය”ක් පුරා විකාශය වන්නේ මේ මෘදු බලය ට අදාළ මෙහෙයුමේ කොටසක් ලෙස ය. මෝඩි අගමැතිවරයා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරණුයේ ත්, අනුරාධපුර නගරය සංවර්ධනය කිරීමට කීයක් හරි දෙන්නෙත්, මේ මෘදු බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන අපට අවබෝධ කර දෙමින් ය. මෘදු බලය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ සංස්කෘතිය නැමති කෙළිබිම මත ය. 

ඉන්දියාව අද ක්‍රියා  කරනුයේ Quadrilateral Security Dialogue (QSD) නැමැති “ආසියානු නේටෝවේ” සාමාජික රටක් ලෙස ය. මේ පිළිබඳව, මා විසින් රචනා කරන ලද “රාම රාවණ සහ විභීෂණ, නූතන කථාව” නම් කෘතියේ සඳහන් කර තිබෙනුයේ මෙසේ ය. 

''Quadrilateral Security Dialogue (QSD)  යනු ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් හතර එක් වී පිහිටුවා ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සන්ධානය ''QUAD'' යනු මෙය නිතර හැඳින්වෙන ජනප්‍රිය නාමය යි. .....2007 වසරේ දී පිහිටුවා ගන්නා ලද ''QUAD'' සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉන්දු - ෆැසිපික් සාගර කලාපය තුළ “චීනයේ ආර්ථික හා මිලිටරි බලයට” මුහුණ දෙමින් ඉන්දු - ඇමෙරිකානු ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම ය. ....එය එසේ නම් එවැනි සන්ධානයකට ආරක්ෂාව ඇතුළු බොහෝ කාරණා අතින් ඉන්දියන් සාගරයේ තීරණාත්මක හා උපාය මාර්ගික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. අද ලංකාව සම්බන්ධව තීන්දු ගනු ලබන්නේ මේ හවුලේ ඒකාබද්ධ මැදිහත් වීමෙනි.

එසේ නම් මෙම QUAD හවුලේ බලවත්ම සාමාජිකයාට වඩාත් වාසිදායක වන්නේ ශ්‍රී ලංකාව, තම හිත මිතුරු ඉන්දියාවේ 29 වැනි අර්ධ ප්‍රාන්ත කොලනිය වීමෙන් පසු එහි දුර්වල ආණ්ඩුකාරයා සහ ප්‍රභල හාම්පුතා සමඟ එක්ව ACSA හෝ SOFA අවශ්‍යතා ඉටු කර ගැනීම ද? නොඑසේනම්, ප්‍රතිවිරෝධතා බහුල ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ එවැනි සංවේදී තීරණ කරා ගමන් කිරීම ද? මේ පැණයට ලැබෙන පිළිතුර නම් ශ්‍රී ලංකාව, සිකීමය මෙන් ඉන්දියාවේ අර්ධ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමේ ඉන්දියානු භූ දේශපාලනික හා හින්දු ව්‍යාප්තවාදී වෑයම, හුදු ඉන්දියානු උවමනාවේම කොටසක් නොව, ඉන්දු ෆැසිපික් කලාපයේ QUAD දේශපාලන උපායමාර්ගයේ ම අත්හල යුතු නැති උපායමාර්ගික උවමනාවක් බව නොවේ ද?”

“සර්දාර් පනික්කාර් න්‍යාය යථාර්ථයක් බවට පත් කිරීම පිණිස ප්‍රධාන පූර්ව කොන්දේසි දෙකක් සපුරා ගත යුතු ය. පළමු වැන්න, කලාපයේ රටවල් තුළ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් ආරක්ෂක ගිවිසුම් සඳහා පෙළඹවීම ය. දෙවැන්න, ව්‍යාජ වෙළඳ සහ ආර්ථික ගිවිසුම් මගින් ඒ රටවල ආර්ථිකය බිඳ වැට්ටවීමේ සහ ඉන්දියාව මත පූර්ණ වශයෙන් යැපීමේ අන්ත පරාධීන තත්වයක් නිර්මාණය කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ශ්‍රී ලංකාව තුළ පිටිය සකසා දෙමින් තිබෙනුයේ මෙම ඉන්දියානු අභිලාෂය මුදුන් පත් කර ගැනීම පිණිස බව කුඩා දරුවකුට වුව වටහා ගත හැකි ය.” 

අහෝ! වත්මන් ජ.වි.පෙ. ඒ කුඩා දරුවාටත් වඩා දේශපාලන වශයෙන් ළදරුවෙකු වූයේ කෙසේ ද? පාවාදීමේ ගමනේ කෙළවර වු කලී දේශපාලන ළදරුවෙකු ගේ ඉරණමට ලක් වීම ද? ලාල් කාන්ත පවසන නව ලිබරල්වාදී රනිල්වත් නොකළ අන්දමේ පාවාදීමකට යාම වාම ලිබරල්වාදීන්ට සුළු හෝ ප්‍රශ්නයක් නොවන්නේ ද?  ස්වෛරී ශ්‍රී ලංකා රාජ්‍යය එහි සොහොන් පොළ කරා රැගෙන යන හේවිසි නාදය ඔබට නොඇසේ ද?  “පුනරුදය” යනු එය ද?

විමල් වීරවංශ

2025.04.06

(විමල් වීරවංශ මහතා විසින් ඉරිදා ලංකාදීපයට ලියූ "කඳු මුදුනේ සිට" තීරු ලිපියෙන් උපුටා ගන්නා ලදී...)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.