
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8.57 සිට පසුදා එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි ඉරිදා අපර භාග 8.57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටසේ එනම් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 3.21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිස, වැඩ අල්ලා, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටුකර ගැනීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 4.04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයන් ද කිරි සහ විලඳ පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 6.44ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 9.04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9.03ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින පූර්ව භාග 10.16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිසාව බලා පැළ සිටුවීම මැනවි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
