245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වර්ධනය වන වෙළඳ ගැටුමක් මධ්‍යයේ මෙම නවතම තීරුබදු ඉහළ නැංවීමේ අනතුරු ඇඟවීම කරලියට පැමිණ තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බීජිං විසින් පැනවූ බදු වලට එකට එක කිරීමේ නවතම තත්වය ලෙසට හේතු දක්වා ඇති බව පැවසේ.
“චීනය ඔවුන්ගේ පළිගැනීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයට කරනු ලබන ආනයනය කිරීම් සඳහා 245% දක්වා තීරු බදු පැනවීමට මුහුණ දෙනු ඇත.” ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, වැඩිවීම බලාත්මක වන්නේ කවදාද යන්න ලේඛනයේ පැහැදිලිව සඳහන්ව නැත.
වොෂින්ටනය පසුගිය මාස දෙක තුළ බීජිං මත ප්‍රධාන තීරු බදු වැඩි කිරීම් කිහිපයක් පනවා ඇති අතර, මුලිකව පැවැති 20% සිට තීරු බදු වැඩි කිරීමට කටයුතු කර ඇත.
බීජිං පරිපාලනය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කළ එකට එක ක්‍රියාමාර්ග වලට සියලුම ඇමරිකානු ආනයන සඳහා 125% දක්වා තීරු බදු ඉහළ නැංවීම, අමෙරිකාවේ තාක්ෂණික හා හමුදා කර්මාන්තවල භාවිතා කරන දුර්ලභ-පෘථිවි ලෝහ සහ චුම්බක ගෝලීය නැව්ගත කිරීම් අත්හිටුවීම සහ බෝයිං ජෙට් යානා සහ කොටස් ආනයනය නතර කරන ලෙස චීන ගුවන් සමාගම්වලට නියෝග කිරීමද ඇතුළත් වේ.
චීනය සමඟ ඇති මෙම ගැටුම ඇති වී ඇත්තේ රටවල් දුසිම් ගණනක් ඉලක්ක කරගත් පුළුල් එක්සත් ජනපද තීරුබදු ව්‍යාපාරයක් මධ්‍යයේ ය. කෙසේ වුවද ට්‍රම්ප්ට අනුව, මෙම පියවර එක්සත් ජනපද වෙළඳ හිඟය එහි වෙළඳ හවුල්කරුවන් සමඟ සමතුලිත කිරීමේ උත්සාහයක කොටසකි.
මූල්‍ය වෙලඳපොලවල ඇති වූ කැලඹීමෙන් පසුව, චීනය හැර, වෙළඳ සාකච්ඡා සඳහා ඉඩ සැලසීම වෙනුවෙන් එක්සත් ජනපද පරිපාලනය බොහෝ රටවලට පැනවූ ඉහළ තීරුබදු අත්හිටුවීය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පසුගිය 15 වනදා පැවසුවේ ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට විවෘත නමුත් බීජිනය පළමු පියවර ගත යුතු බවය.
චීනය එක්සත් ජනපද තීරුබදු "අතිශයින්ම පීඩනය යෙදීමට සහ පෞද්ගලික අවශ්‍යතා ලුහුබැඳීමට ආයුධයක්" සහ "ඒකපාර්ශ්වික ආර්ථික හිරිහැර කිරීමේ" ක්‍රියාවක් ලෙස විවේචනය කර ඇත. එලෙසම චීනය "තම නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලී පියවර ගැනීම" දිගටම කරගෙන යාමට ද පොරොන්දු වී තිබේ.
US threatens China with 245% tariff
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..