කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුම් අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සමග ඉන්දියාව යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බැවින්, කච්චතිව් සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම් නැවත විවෘත කිරීමට රජය අපේක්ෂා නොකරන බවද නීතිපතිවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම සම්බන්ධයෙන් පවතින ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කරන බවද ඔහු අධිකරණයට දැනුම් දී ඇති බව සදහන්.
මේ අතර, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඔවුන් දැනුවත් කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කර තිබේ.
ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම හේතුවෙන් ඇතැම් ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන බව ඉන්දීය රජය අධිකරණය හමුවේ පෙන්වා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සහ 1976 ගිවිසුම මඟින් දෙරටේ මුහුදු සීමා හා ධීවර කටයුතු සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතා අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ ගිවිසුම්වල ව්‍යවස්ථානුකූල හෝ නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් අවසන් තීන්දුවක් ලබාදී නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..