සිංහයෝ සහ හයීනාවෝ..
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ඇතැම්හු AI යොදාගෙන ඥානසාර හිමි ජම්පරය ඇඳ සිටින රූප නිර්මාණයකර ප්‍රසිද්ධ කර ඇත.එවැනි ප්‍රවෘත්තිවලට ලැබී ඇත්තේ සතුටින් ඉපිල ගිය ප්‍රතිචාර බව පෙනෙන්නට ඇත. එසේ ප්‍රතිචාර දක්වා ඇති බහුතරයක් බෞද්ධයන් බව ද පෙනෙන්නට ඇත.
උන්වහන්සේගේ ප්‍රකාශන ශෛලිය පිළිබඳ පිළිබඳව විවේචන තිබුණද ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් අභියෝගයක් එල්ල වූ බවක් පෙනෙන්නට නැත. සමාජ මාධ්‍යවල ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකුට උන්වහන්සේ පැවසුවේ කුමක්දැයි අවබෝධයක් ඇති බවක් ද පෙනෙන්නට නැත.
යමක් අසා හෝ කියවා හෝ අවබෝධ කර ගත නොහැකි, කිසිදු විචාර බුද්ධියක් නොමැති, නිවුස් හෙඩින්වලට රැවටෙන, බුදුරජාණන්වහන්සේට අපහාස කරන, ධර්මය ගර්හාවට ලක් කරන, භික්ෂූන් වහන්සේලාට ද්වේශ කරන සිංහල විරෝධී, බෞද්ධ විරෝධී,හිස් සිංහල-බෞද්ධයන් පිරිසක් මෙරට බිහිවීමට හේතු කාරණා කුමක් විය හැකිද?
මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වුවද ඥානසාර හිමි සිරගත වූ දින උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස තබන මේ සටහනින් ඒ ගැන සංක්ෂිප්ත අදහසක් පළ කරමි.
මගේ කල්පනාවේ හැටියට සිංහල බෞද්ධ විරෝධී, සිංහල බෞද්ධයන් පැටව් ගැසීමට හේතු වූ ප්‍රධාන කාරණා කිහිපයකි.
1. අධ්‍යාපනය: බුදුසමයේ වටිනාකම අවබෝධවන ආකාරයේ අධ්‍යාපනයක් මෙරට නැත. 2000 වසරෙන් පසු හතු පිපෙන්නා මෙන් බිහිවන අන්තර්ජාතික පාසල් මගින් මේ තත්වය උග්‍රකර ඇත. තවද මෙරට විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සිංහල බෞද්ධ විරෝධී උගතුන් බිහි කිරීමේ තිඹිරි ගෙයකි.
2. ජවිපෙ හා ඒ හා සමාන බලවේග: මෙකී කණ්ඩායම් 50 වසරක් උච්ඡේදවාදය පුනරැච්ඡාරණය කරමින් පංති පවත්වමින් තරැණ තරැණියන් පරම්පරා කිහිපයක්ම වෛරයෙන් මුසපත් කර බෞද්ධ සමාජ සංස්ථාව මාක්ස්වාදයේ දැක්වෙන වැඩවසම් ක්‍රමය නඩත්තු කරන ආයතන ලෙස හුවා දක්වමින් බෞද්ධ විරෝධීන් බවට පරිවර්තනය කළේය.
3. සිංහල බෞද්ධ විරෝධී ජනමාධ්‍ය: භික්ෂූන් වහන්සේලා, සිංහල නායකයන්, බෞද්ධ නායකයන් ගර්හාවට ලක් කරමින්, සිංහල බෞද්ධ විරෝධය වපුරමින් වසර 30කට ආසන්න කාලයක් අඛණ්ඩව ගෙනගිය මාධ්‍ය ප්‍රචාර නිසා අවිචාරවත්, හිස් පරපුරක් බිහි විය.
ඉහත කරුණු තුනේ දායකත්වයෙන් බිහි වූ පරපුර තමන් සිංහල වීම ගැන බෞද්ධ වීම ගැන ලැජ්ජාවන, මේ රටේ ඉපදීම ගැන ලැජ්ජාවන "කුඩු ගැසූ" මෙන් හැසිරෙන නන්නත්තාර වූ පිරිසකි. අද ඔවුහු සංඛ්‍යාත්මකව බෙහෙවින් වැඩි වී ඇති අතර මරු වසඟයෙන් මෙන් බෞද්ධ විරෝධී කටයුතුවල නියැලෙති. එවන් කටයුතුවලට උල් පන්දම් දෙති. ඉතිරිව සිටින ගිහි පැවිදි බෞද්ධ නායකයන්, බුද්ධිමතුන් එක්ව වහ වහා මීට පිළියමක් නොයෙදුවහොත් ඉදිරි වසර 30ක පමණ කාලය තුළ බෞද්ධ සමාජයෙන් 80-90% මේ කුලකයට ඇද වැටී මෙරට සිංහල-බෞද්ධ අනන්‍යතාව වියැකී යනු ඇත. ඥානසාර හිමියන්ගේ භාෂාවෙන් නම් "එතකොට රැක ගන්නේ උඹලගෙ අහවල් මගුලදැයි " ඇසිය යුතුය.
අප්‍රිකා සැවානා බිම්වල ජව සම්පන්නව සිටින සිංහයාගේ අහලකට ලං වීමට බිය වූ හයීනාවෝ, සිංහයා වියපත්ව දුර්වල වන විට කෑ ගසමින් උඩපනිමින් සිංහයා අනුභව කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිති.
සිංහල බෞද්ධයා මේ පසු කරන්නේ ඉතිහාසයේ අතිශයින් අසීරු අවස්ථාවකි.
(චන්න ජයසුමන මහතාගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව