News Category
From Date
To Date
Maximum Number of Result

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

Oct 8, 2026 at 06:09 AM
|

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමකින් යුතුව අද (07) පෙරවරුවේ අලුත් කඩේ උසාවි සංකීර්ණය වෙත ගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය පෑමට එක් රැස්වූ මහා සංඝරත්නයේ හා පොදු ජනතාවගේ නිහඬ විරෝධතාවයට එක්වෙමින් වීරවංශ මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස ප්‍රකාශ කළ අතර අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් පුනරුද ආණ්ඩුව මේ ගලවා දැමුවේ හුදු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර නොව, මුළු මහත් සකල ලෝකවාසී මහා සංඝරත්නයේම “බුද්ධ චීවරය” බව ප්‍රකාශ කළේය.

අතීතයේ මේ රට පාලනය ඉංග්‍රීසි යටත් විජිත සමයේ පවා මහරැජිණගේ නීතිය හමුවේ වැරදිකරුවන් වූ අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට රැජිනගේ නීතිය යටතේ දඬුවම් ලබා දෙද්දී බුද්ධ චීවරය ඉවත් කරන්නට උත්සාහ දැරුවද, මහා සංඝරත්නයේ විරෝධය හමුවේ එම උත්සාහයන් පවා අකුලාගත් අවස්ථා ඉතිහාසයෙන් ගෙනහැර පාමින් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ අනුර කුමාර දිසානායකගේ නිවට පාලනය ඊටත් එහා ගොස් මේ රටේ බෞද්ධයාගේ පරම අයිතිය හා බෞද්ධ සම්ප්‍රදාය විනාශ කරන්නට කටයුතු කරමින් සිටින බවයි...

“1942 උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ, මේ රටේ හිටපු ඉතාම කීර්තිමත්, සටන්කාමී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කරපු ප්‍රකාශයක් පදනම් කොටගෙන, අත්අඩංගුවට අරගෙන සිරගත කළා. උන්වහන්සේ තමන්ගේ බුද්ධ චීවරය ගලවන එකට විරුද්ධ වුණා. ඒක පිළිගත්තා බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය.” 

අද මේ රටේ දේශපාලන පක්ෂ කිසිවක් නැති බවත් ඇත්තේ “ගිහි හා පැවිදි” යන පක්ෂ දෙක පමණක් බවත් පෙන්වා දුන් වීරවංශ මහතා ඒ මේ අනුර කුමාර දිසානායකගේ දුෂ්ඨ මාලිමා පාලනය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ටත් වඩා එහාට ගොස් මේ රටේ බුදු දහමට නිගරු කිරීමට හා බුදු දහම පාගා දැමීමට එරෙහි ජාතික සටන මේ රටේ පොදු ජනතාව එකට එකතු වී පරාජය කළ යුතු අවස්ථාව එළැඹ ඇති බව පෙන්වා දුන්නේය...

එය මේ රටේ ජීවත් වන සකල ලංකාවාසී ජනතාවගේ යුතුකම බව පෙන්වා දුන් වීරවංශ මහතා අවසානයේ කීවේ හිරගෙවල් දහසකට දැම්මත් ඒ යුතුකම හා වගකීම දිවි හිමියෙන් ඉටු කරන්නට කැපවෙන බවය..

එහිදී වීරවංශ මහතා මාධ්‍ය ඉදිරියේ කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය...

"මේ රටේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තියෙද්දි පවා මහා සංඝරත්නය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දී, දඬුවම් ලබන මහා සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේ නමක් වුණත් නිසි ගෞරවය ලැබෙන ආකාරයටයි ඒක කළේ. 

1942 උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ, මේ රටේ හිටපු ඉතාම කීර්තිමත්, සටන්කාමී ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කරපු ප්‍රකාශයක් පදනම් කොටගෙන, අත්අඩංගුවට අරගෙන සිරගත කළා. උන්වහන්සේ තමන්ගේ බුද්ධ චීවරය ගලවන එකට විරුද්ධ වුණා. ඒක පිළිගත්තා බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය. 

අද මේ පාලනය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයටත් වඩා එහාට ගිහිල්ලා මේ රටේ භික්ෂූන් වහන්සේට උරුම අයිතිවාසික සම්ප්‍රදාය කෙලෙසලා, බුද්ධ නීතිය යටත් කරලා, මේ රටේ මේ රටේ බෞද්ධයා, මේ රටේ බුදු දහම නතු කරගන්න, යටත් කරගන්න වෙර දරන පාපතර ගමනක යන්නේ. 

අද මේ රටේ තියෙන්නේ පාර්ශ්ව දෙකයි, පක්ෂ දෙකයි. ගිහි පැවිදි කියන පක්ෂ දෙක විතරයි.  ඒ හැර තියෙන වෙන පක්ෂ නැහැ. ඔය ස ජ බ, පොහොට්ටු‍ව, ඔය අරවා මේවා මොකවත් නැහැ. ගිහි - පැවිදි කියන පක්ෂ දෙක විතරයි. මේ රටේ බෞද්ධයා මේ අවස්ථාවේදී, මේ තීරණාත්මක මොහොතේදී, තමන්ගේ යුතුකම හා වගකීම ඉටු කරන්න පෙරමුණ ගන්න ඕන. පක්ෂ භේද කිසිවක් නොසලකා හැරලා.

මේ ගහන්නේ තේරවාදී, පිරිසිදු බුදු දහම, රැකගත්තු මාතෘභූමියේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටයි මේ ගහන්නේ. ගලබඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නෙවෙයි මේ, ගැලෙව්වේ. මුළුමහත් මහා සංඝරත්නයේ සිවුර. ඒ නිසා ඒ පාපතර ක්‍රියාවට එරෙහිව, මේ රටේ ගිහි පැවිදි සියලුම පාර්ශ්ව එකාවන්ව පෙළ ගැහෙන්න ඕන. යටත්විජිත ඉංග්‍රීසීන්ගේ යටත්විජිත පාලනයට එහා ගිහිල්ලා, මේ රටේ බුදු දහමට ගහන නිවට අනුරු කුමාරගේ පාපතර පාලනයට එරෙහිව නැගිටින්න ඕන, සටන් කරන්න ඕන. 

ඒක අපේ යුතුකමක්, වගකීමක්. හිරගෙවල් දහසකට දැම්මත්, ඒ යුතුකම, වගකීම දිවිහිමියෙන් අපි ඉටු කරන්න කැපවෙනවා."


සම්බන්ධිත පුවත් | Related News

අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
තුන්හුලස් වැනි එකක් සහ ටින් එකක් වැනි ආණ්ඩුවට කඩේයන නාලිකා දෙකක් ඇති බවත්, මේ දිනවල එම නාලිකාවල ඇත්තේ ජාතික පුවත් නොව ජාත්‍යන්තර පුවත් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ වහතා පවසයි.
රට කරවන අයට සහ රට අල්ලා ගැනීමට බලා සිටිමින් යටි උගුල් අටවන අයටත් දීමට ඇති පනිවුඩය නම් ඥානසාර හිමිගේ සිවුර ගලවා වීරයා මැරුවා යැයි පැවසීමට හැකි වුවත්, මේ රටේ වීරයන් හදන්නේ මහා සංඝරත්නය මිස අන් කිසිවෙකු නොවන බව මතක තබාගත යුතු බවත් මහා සංඝතරත්නය පවසති.
පොලිස් නිලධාරීන් සහ උසස් පොලිස් ප්‍රධානීන් පත්කිරීමේදී තෑගි බෝග හා වෙනත් වාසි තකා කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ප්‍රධාන පුවත්

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.