News Category
From Date
To Date
Maximum Number of Result

දුදස්සනට දොට්ට යෑම..

Oct 5, 2026 at 01:17 PM
|

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.

“බුදු හාමුදුරුවෝ අයිති මොන නිකායට ද?” කියලා අහන අඥානයොත් ඉන්නවා. ශාසනික කාර්යයන් වෙනුවෙන් නිකායාදී සංවිධාන හදාගෙන ඉන්න ස්වාමින්වහන්සේලා බුදුවරු නෙවෙයි කියලා මේ ගොන්නු දන්නේ නෑ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියන්නේ අපේ ස්වාමින්වහන්සේලා පාර්ශ්වයක් විසින් ඉතාමත් විධිමත් විදිහට ඇති කරගත්ත සංඝ සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදී සහ විමධ්‍යගත සංඝ සභා ක්‍රමවේදයකට මේ නිකායේ පාලන කටයුතු සිද්දවෙනවා. සංවිධානයේ වගකීම් සහ කාර්යයන් ඉටු කිරීම සඳහා මේ නිකායේ ප්‍රධාන නිලතල සහ පාලන මණ්ඩල ඇති කරගෙන තියෙනවා.

ඉතින් මේ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මහ නායක ස්වාමින්වහන්සේ නමක් පත් කරගන්නවා. වර්තමානයේ දී, අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද මකුලෑවේ විමල ස්වාමින්වහන්සේ මහ නායක තනතුර දරනවා. ඊට අමතරව, නිකායේ නායක කාර්යයන් ඉටුකිරීම වෙනුවෙන් අනුනායක ස්වාමින්වහන්සේලාත් පත් කරනවා. මහ නායක ස්වාමින්වහන්සේ සහ අනුනායක ස්වාමින්වහන්සේලාගේ එකතුවෙන් මහ නායක - අනුනායක මණ්ඩලයකුත් ක්‍රියාත්මක වෙනවා. නිකායේ ප්‍රතිපත්තිමය, විනයානුකූල සහ වැදගත් තීරණ ගැනීම වෙනුවෙන් කාරක මහා සංඝ සභාවකුත් ක්‍රියාත්මක වෙනවා.

අනිත් නිකායවල වගේ ම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් විංශද්වර්ගික කාරක සභාවක් පත් කරගන්නවා. අබ්හාන කර්මය (නැවත කැඳැවීම, නැවත සංඝ සමාජයට භාරගැනීම, පිරිසිදුභාවයට පත් කර උසස් කිරීම) වගේ විනය කටයුතු සිදුකිරීම වෙනුවෙන් ජ්‍යෙෂඨ ස්වාමින්වහන්සේලා 20 නමකගේ සහභාගීත්වයෙන් තමයි මේ “විංශද්වර්ගික සංඝ සභා” පත් කෙරෙන්නේ.

නිකායේ දෛනික පරිපාලන, ලිපිලේඛන සහ සන්නිවේදන කටයුතු භාරව ක්‍රියා කරන මහා ලේඛකාධිකාරී ස්වාමින්වහන්සේ නමකුත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට ඉන්නවා. මේ කටයුතුවලට උදව් කරන නියෝජ්‍ය ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේලාත් පත් කරගන්නවා. නිකායේ මූල්‍ය සහ දේපොළ කටයුතු භාර භාණ්ඩාගාරික ස්වාමින්වහන්සේ නමකුත් පත් කරගන්නවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කටයුතු ප්‍රාදේශීය මෙහෙයවීම වෙනුවෙන් ප්‍රාදේශීය සංඝ සභා පිහිටුවා ගැනීමත් සිද්ද කරනවා. මේ ප්‍රාදේශීය කටයුතු මෙහෙයවීම වෙනුවෙන් ප්‍රාදේශීය නායක හිමිවරුත් පත් කරගන්නවා.

මෙහෙම හදාගන්න නිකාය සංවිධානයකට මූලස්ථානයක් තියෙනවා. පරිපාලන මධ්‍යස්ථාන තියෙනවා. මේ හැම කාර්යයකට ම නිකායට අයිති පන්සල්වල ස්වාමින්වහන්සේලා විවිධාකාරයෙන් දායකවෙනවා. මේ ස්වාමින්වහන්සේලාගෙන් තමයි නිකායේ සාමාජිකත්වය හැදිලා තියෙන්නේ.

ඉතින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියන්නේ ඉතාමත් විධිමත් විදිහට ඇති කරගෙන, පවත්වාගෙන යන සංඝ සංවිධානයක්. මෙහෙම සංවිධානයක සාමාජිකත්වය දරන භික්‍ෂූන්වහන්සේ නමකට සංවිධානයේ මූලික පිළිගැනීම් හෙළා දකිමින්, ඒවාට ගර්හා කරමින්, මූලික එකඟතා කඩ කරමින් කටයුතු කරන්න පුළුවන්කමක් නෑ.

මේක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. දේශපාලන පක්‍ෂ ඇතුළු අනෙකුත් සියලු සංවිධාන, ආයතන, සමිති සමාගම් හැම එකකට ම මේ කාරණය අදාළයි. මොකක් හරි මාධ්‍ය ආයතනයක වැඩ කරන මාධ්‍යවේදියෙක්ට තමන්ගේ ආයතනය විවේචනය කරන්න පුළුවන් ද? දුදස්සනගේ බහුභූත උඩදාන මාධ්‍යවේදීන්ට මේ කාරණය ගැන හිතලා බලන්න පුළුවන්.

අපිට මේ කාරණය ශ්‍රී ලංකාවේ කතෝලික සභාව (The Catholic Church in Sri Lanka) ආශ්‍රයෙනුත් විමර්ශනය කරමු.

“ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය” (Catholic Bishops' Conference of Sri Lanka) පදනම් කරගෙන තමයි ශ්‍රී ලංකා කතෝලික සභාව ඇති කරගෙන තියෙන්නේ. පාප්වහන්සේ මුල් කරගත්ත ලෝක කතෝලික පාලනයට සම්බන්ධ හින්දා මේ සංවිධානය පොදුවේ “රෝමානු කතෝලික සභාව” කියලත් හඳුන්වනවා. අපේ රටේ කතෝලික සභාව භූගෝලීය වශයෙන් පදවි (Dioceses) 12 කට බෙදලා තියෙනවා. මේ පදවි 12 ට කොළඹ අගරදගුරු පදවියත් ඇතුළත්. මේ පදවිවිල පාලනයට සහායක රදගුරුතුමන්ලා, අනු නායක පූජකතුමන්ලා, විවිධ විෂයයන් භාර අනුනායක පූජකතුමන්ලා පත් කරගන්නවා. කලාප, කොට්ඨාශ, මීසම් මට්ටම්වලිනුත් කතෝලික සභාව සංවිධානගත වෙලා තියෙනවා. ඒ මට්ටම්වල වගකීම් දරන පූජකතුමන්ලාත් ඉන්නවා.

කතෝලික සභාවට සම්බන්ධ ජේසුයිට්, ෆ්‍රැන්සිස්කන්, දොමිනිකන්, බෙනඩික්ටයින් වගේ පිරිමි පැවතුම් නිකායනුත් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය වගේ කන්‍යා සොහොයුරියන්ගේ නිකායනුත් තියෙනවා. බිම් මට්ටමේ කටයුතුවලට දායකවෙන ගිහි ජනතාවත් ඒ අයගේ සංවිධානත් ක්‍රියාත්මක වෙනවා.

අභ්‍යන්තර පාලනය, ඇදහිලි, වන්දනා ක්‍රම, විනය සහ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පාලනය කිරීම වෙනුවෙන් සම්පාදන කරලා තියෙන “කතෝලික නීතිය” (Canon Law) අනුව කතෝලික සභාවේ සියලු කටයුතු මෙහෙයවනවා.

කතෝලිකයන්ගේ මූලික විශ්වාස “අපොස්තුළුවරුන්ගේ ඇදැහීම් ප්‍රකාශය” (Apostles' Creed) සහ “නිසෙයානු ඇදහීම් ප්‍රකාශය” (Nicene Creed) තුළින් ප්‍රකාශ කෙරෙනවා. අපොස්තුළුවරුන්ගේ ප්‍රකාශය අනුව, කතෝලිකයෝ මුළු මහත් විශ්වයේ ම මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්න බව පිළි ඇරැගෙන උන්වහන්සේව විශ්වාස කරනවා. කිසිම සැකයකින් තොරව යේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය, කන්‍යා උපත, කුරුසියේ මරණය, උත්ථානය සහ ස්වර්ගාරෝපණය පිළිගන්නවා. ඒ වගේ ම, කතෝලිකයෝ ත්‍රිත්වයට අයිති ශුද්ධෝත්මයාණන්වහන්සේ (Holy Spirit) පිළිගන්නවා. ඊට අමතරව, කතෝලිකයෝ “සභාවේ ඒකීයභාවය” (Oneness of the Church) පිළිගන්නවා. මරණින් මතු ජීවිතය, පව්වලට සමාව ලැබීම, ලෝක අවසානයේ දී සිද්දවෙනවා කියන උත්ථානය සහ සාදාතනික ජීවිතය හැම කතෝලිකයෙක් ම පිළිගන්නවා. මේ මූලික විශ්වාස පිළිගන්නේ නැති, ඒවා ප්‍රතික්‍ෂේප කරන කෙනෙක්ට කතෝලික පූජකයෙක් (Catholic Priest) වෙන්න බෑ.

මේ කාරණය, බෞද්ධයෝ වගේ වෙස් වළාගෙන ඉන්න දුදස්සනලා, මිවනපලානේලා වගේ ප්‍රතිරූපකයෝ එක්ක සන්සන්දනය කරලා බලන්න.

කතෝලික පූජක ලෝගුවක් දාගත්ත ප්‍රතිරූප‍කයෙක් “යේයුස්වහන්සේ ඉපැදුණේ මීවනපලානේ” කියලා කිව්වොත් මොකකින් මොකක් වෙයි ද? එහෙම ප්‍රතිරූපකයෙක් “මරණින් පස්සේ ජීවිතයක් නෑ”, “පව්වලට සමාව ලැබෙනවා කියන එක බොරුවක්”, “කුරුසියේ මරණයට පත්වෙච්ච යේසුස්වහන්සේ නැවත උත්ථානය වුණා කියන්නේ සුරංගනා කතාවක්” වගේ ප්‍රකාශ කළොත් මොකකින් මොකක් වෙයි ද? මෙහෙම කාරණයක් මුල් කරගෙන ආරවුලක් ඇතිවුණොත් අපේ රටේ ආණ්ඩුව, පොලිසිය සහ අධිකරණය මොන විදිහට කටයුතු කරයි ද?

යම් යම් කරුණු කාරණා ගැන ගැඹුරු ප්‍රශ්න තියෙනවා නම් ඒවා සභාව ඇතුළේ සාකච්ඡා කරන්න, සංවාදයට ලක් කරන්න කතෝලික පූජකවරුන්ට පුළුවන්. හැබැයි ඒ සීමාව ඉක්මවලා හතර වටේ කියවා කියවා යන්න ඉඩක් එතුමන්ලාට නෑ.

පොදු එකඟතාවලට පටහැනි කතා කියලා කතෝලික සභාවෙන් පිටමං කරපු අය ගැන වාර්තාවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තිස්ස බාලසූරිය පියතුමාට අත්වෙච්ච ඉරණම පෙන්නන්න පුළුවන්.

1952 දී (වයස අවුරුදු 28 දී) තමයි, තිස්ස බාලසූරිය තරුණයා කතෝලික පූජකයෙක් බවට පත්වෙලා තියෙන්නේ. ඒත් එතුමා, 1990 දී ලියපු “Mary and Human Redemption” (මරියතුමිය සහ මානව විමුක්තිය) කියන පොතෙන් මරියතුමිය ගැන විකල්ප අදහස් ඉදිරිපත් කළා. මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව චෝදනා එල්ලවුණා. මේ ගැන කරපු විමර්ශනයකින් පස්සේ, 1997 ජනවාරි මාසයේ දී, තිස්ස බාලසූරිය පියතුමා ආගමික තහනමකට ලක් කරලා කතෝලික සභාවෙන් නෙරපන්න වතිකානුවේ ශුද්ධොත්පාද සභාව (The Holy See) කටයුතු කළා.

ඊට පස්සේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් ම පවත්වලා එකඟතා ඇති කරගෙන 1998 ජනවාරි මාසයේ දී, තිස්ස බාලසූරිය පියතුමා නැවතත් කතෝලික සභාවට බඳවාගත්තා. මේ කාරණයට අදාළව 6 වැනි පාවුළු පාප්වහන්සේ විසින් සකස් කරපු “දෙවිඳුන්ගේ සෙනඟගේ ඇදහීම් ප්‍රකාශය” (Creed of the People of God)  අත්සන් කරලා පිළිගත්ත හින්දා තමයි තිස්ස බාලසූරිය පියතුමා නැවතත් කතෝලික සභාවට ඇතුළත් කරගත්තේ. තමන් ලියපු පොතේ අඩංගු යම් යම් අදහස් නිසාත්, ඒ අදහස් මුල් කරගෙන ඇතිවෙච්ච සිදුවීම් මාලාව නිසාත් කතෝලික සභාවට සහ කතෝලික භක්තිකයන්ට සිද්දවෙච්ච සිත් තැවුල්, අසමගිය සහ යම් ව්‍යාකූලතාවයන් පිළිබඳව තිස්ස බාලසූරිය පියතුමා තමන්ගේ කණගාටුව පළ කළා. මෙන්න මේ විදිහට, වතිකානුව ඉදිරිපත් කරපු ප්‍රකාශයට අත්සන් කිරීමෙන් සහ කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පස්සේ තමයි 1998 ජනවාරි 15 වැනි දා වතිකානුව විසින් උන්වහන්සේ මත පනවා තිබුණු ආගමික තහනම නිල වශයෙන් ඉවත් කළේ.

දුදස්සනගේ “අයිතිවාසිකම්” ගැන කියවන අපේ අඥානයෝ මේ කරුණු කාරණා දන්නේ නෑ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.
දුදස්සනගේ මොළේ පැතැළියි. පහුගිය දවස්වල දුදස්සන මෙහෙම කතාවක් කියනවා ඇහුණා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසා ඇත්තේ, Brexit ජනමත විචාරණයෙන් දශකයකට පසුව යුරෝපා සංගමය සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව ඔහුගේ රජය සලකා බලමින් සිටින බැවින්, අවසානයේදී එක්සත් රාජධානියට යුරෝපා සංගමයට යළි එක්වීමට හැකි විය හැකි බවයි.

ප්‍රධාන පුවත්

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව

කොට්ටාව - ගාල්ල මාර්ගය කිලෝමිටර් 95 සඳහා මහින්ද රාජපක්ෂට ගිය වියදම රුලියල් බිලියන 70ක් බවත්, කොළඹ - කටුනායක කිලෝමීටර් 25.8 සඳහා මහින්දට ගිය වියදම රුපියල් බිලියන 45ක් බවත් මේ දෙකේම එකතුව වන කිලෝමීටර් 120ක් සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 115ක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ

'අනුර නමින් ඩෙල්සි ඇවිත්' යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ දේශනයක් එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේ දී පැවැත්විණි.

"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආණ්ඩුව සහ රාජ්‍යය යනු දෙකක් බවත්, වත්මන් මාලිමා ආණ්ඩුව රාජ්‍ය මෙහෙයවීමට සහ එහි බලය අත්පත් කරගැනීමට වැරදි ක්‍රමවේදයන් භාවිත කරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..

බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.

බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..

ක්‍රිෂ් (Krrish Group of India) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ලබන ඔක්තෝබර් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිටුපස ඇති නීතිමය සහ දේශපාලන පසුබිම පිළිබඳව 'කාරිගේ චැනල් එක' (Kaarige Channel Eka) යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.

දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..

මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත සිංහල ගොවීන්ගේ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක්, එම වගාබිම්වලින් වහාම ඉවත් වන ලෙසට පොලිසිය සහ මහවැලි නිලධාරීන් ඉදිරිපිටදීම තර්ජනය කර ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට..

අධිකරණ වරෙන්තු ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.