News Category
From Date
To Date
Maximum Number of Result

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

Oct 9, 2026 at 05:14 AM
|

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ  අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහා කළේ ඊයේ (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය.

මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පණවන නිත්‍ය නියෝග මගිනුයි

මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.එම නිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.

බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.

ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්‍රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි. අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.

මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි. 

බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.

ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා.හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි. 

නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව අපේ හාමුදුරුවනේ, මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී "නීතිය යනු පාලකයාගේ කැමැත්තය" කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.

නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි. 

භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති.  හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි”  ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ මහා නායක හිමිවරුන් වෙනුවෙන් මෙහි වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කෘතඥතා පූර්වක ආශිර්වාදය පළ කළහ.

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේ,  අතිපූජ්‍ය කොන්ගස්තැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ යන ත්‍රයි නිකායික මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. 

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සම්බන්ධිත පුවත් | Related News

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.