News Category
From Date
To Date
Maximum Number of Result

හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල

Oct 8, 2026 at 05:58 AM
|

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී මෙම අදහස් පල කලේය.

"වසර 2300ක හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා. ඇයි අපි එහෙම කියන්නේ? ඒ තමයි ලංකා ඉතිහාසයේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවලා, ගිහි වෙස් ගන්වලා ප්‍රදර්ශනය කරපු දවස බවට පත්වීමයි. ශාසනික සම්ප්‍රදාය ගැන මෙලෝ හසරක අවබෝධයක් නොතිබුණු සුදු අධිරාජ්‍යවාදීන් පවා කවම කවරදාවත් සිවුරට අත තියන්න උත්සාහ කළේ නෑ. නමුත් නිරාගමික, ගෝත්‍රික, මාලිමා ආණ්ඩුව ඒ දේ කළා. වසර පහකට වැරදිලා බලය ලැබුණු ජනාධිපති අනුරට කිසිම අයිතියක් නෑ වසර 2300ක ශාසනික ඉතිහාසය වෙනස් කරන්න කටයුතු කරන්න.

මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වය, උන්වහන්සේට තිබෙන ගෞරවය උදුරා ගන්න අසමත් වෙලා තිබෙනවා. අද ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට වැඩම කළාම පක්ෂ භේදයෙන් තොරව සියලුම නීතීඥයින් ගිහිල්ලා උන්වහන්සේට වැන්දා. ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට වැන්දා. එයින් පෙන්නුවා තොපි අපේ හාමුදුරුවන්ගේ සිවුර උදුරා ගත්තත් උන්වහන්සේගේ භික්ෂුත්වයවත්, උන්වහන්සේට අපේ හිත්වල තියෙන ගෞරවයවත් උදුරා ගන්න මාලිමාවට බෑයි කියන පණිවිඩයයි අද අධිකරණ භූමියේදී රටට ලබා දුන්නේ.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ ඉඳන්ම බෞද්ධයාට රිද්දුවා. ඒකේ උච්චස්ථානය තමයි ඊයේ දවසේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ව ගිහි වෙස් ගන්වලා රටපුරා ප්‍රසිද්ධ කිරීමට, ප්‍රදර්ශනය කිරීමට මාලිමා ආණ්ඩුව කටයුතු කිරීම. එදා දොන් ජුවන් ධර්මපාල රජතුමා පෘතුගාලයේ රජතුමාගෙන් රූකඩයක් වුණු අයුරින්ම අද අනුර දිසානායක ජනාධිපතිවරයා ජෙරම්, මැල්කම්, දෙබෑයන්ගේ රූකඩයක් බවට පත්වෙලා බෞද්ධයන් රිදවීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙන බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙලා හමාරයි.

මාලිමා ආණ්ඩුව ඥානසාර ස්වාමීන් වහන්සේව ගිහි ඇඳුමෙන් රටට ප්‍රදර්ශනය කිරීම, උසාවියට ගෙන ඒම නීති විරෝධී, ශාසනික විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඥානසාර හිමියන් උසාවියට ගෙන එන විට ගිහි ඇඳුමෙන් ගෙන ඒම නීති විරෝධී වන්නේ ඇයි? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග 550 මම කියවන්නම්. "උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදු වී සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය."

වරදකරු කිරීමට පෙර ඥානසාර හිමියන් අඳින්න පුරුදු වූ ඇඳුම තමයි කහ සිවුර. මාලිමා ආණ්ඩුව බලයට පත්වන තෙක්ම සිරගතව ඉඳලා ඥානසාර හාමුදුරුවෝ වරින් වර උසාවියට ගෙනාවත් කවදාවත් කිසිම ආණ්ඩුවක් කහ සිවුරට අත තිබ්බේ නැත්තේ ඒක රටේ නීතියේ කොටසක් වන නිසා. ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව පමණක් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා අධිකරණයට ඉදිරිපත් කළේ වෙන මොකටවත් නෙවෙයි, තමන්ගේ බෞද්ධ විරෝධය ප්‍රදර්ශනය කරලා තමන්ට සල්ලි දෙන බලවේග සතුටු කරන්නයි කියන එක අපි සාධාරණ නිගමනයකට එළඹිලා තියෙනවා.

ඇත්තෙන්ම මේක මේ හදිසියේ කඩාපාත් වුණු, නිලධාරීන් නොදන්නා නීතියක් නෙවෙයි. 1894 අප්‍රේල් මාසේ 18 වෙනිදා එවකට යටත් විජිත ලේකම් නොයෙල් වෝකර් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ ලංකා ඉතිහාසයේ පළවෙනි බන්ධනාගාර රීති වලත්, බන්ධනාගාර නිත්‍ය නියෝග වලත් 223 වන වගන්තිය විදිහට මේක සඳහන් වෙනවා. ඒ 223 වෙනි වගන්තියේ කියන්නේ, "සිරදඬුවම් විඳින සිරකරුවන් උසාවියට ගෙන එන විට ඔවුන්ගේ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටීමට අවස්ථාව දිය යුතුය." 1947 දී තීන්දු වුණු රජු එදිරිව ස්ටීවන් කියන නඩුවේදී ඩයස් විනිසුරුතුමා සිරකරුවන්ව බන්ධනාගාර ඇඳුමෙන් අධිකරණයට ගෙනාවම එය 223 වගන්තියේ උල්ලංඝනයක් වෙනවාය කියලා එසේ නොකළ යුතු බවට නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේක නව නීති වාර්තා නැත්නම් NLR වලත් ඇතුළත් කර තිබෙන නඩු තීන්දුවක්.

වසර සීයයකට අධික කාලයක් පුරාවට බන්ධනාගාර නිලධාරීන් දැන සිටි නිත්‍ය නියෝගයක් ලෙසත්, උසාවි නියෝගයක් ලෙසත් බන්ධනාගාර නිලධාරීන් අනුගමනය කරමින් සිටි ඒ නීතිමය ක්‍රමවේදය උල්ලංඝනය කරලා ඥානසාර හිමිට සුදු ඇඳුම් අන්දන්න, සිවුර ගලවන්න බලපෑම් කරපු ජගතා කවුද කියන එක දැන් හොයාගැනීම ජාතියේ ලොකුම වගකීම බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඊළඟ මාධ්‍ය හමුවේදී ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර නීති විරෝධීව ගලවපු, බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවපු ජගතා කවුද කියන එක රටට පැහැදිලි කරයි කියලා සමස්ත ජාතියම ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.

අපේ රජවරු හිස නැමුවා එකම තැන රහත් ධජය නැත්නම් කහ සිවුර විතරමයි. රජවරු වැඳවැටුණු කහ සිවුර ගලවන්න ජාතියක් ජන්මයක් නැති ගෝත්‍රික මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. මාලිමාවට ඡන්දය දුන්නු අයගෙන් අපි අහනවා ඔබ පැතූ ලස්සන රට මේකද?

ඊළඟට අපි බලමු මේ පහත් ක්‍රියාව, මේ තිරස්චීන ක්‍රියාව ශාසනික විරෝධී වන්නේ කොහොමද? පාරාජිකා පාලියේ සඳහන් වන ආකාරයට භික්ෂුන් වහන්සේ නමක්ගේ භික්ෂුත්වය අහිමි වන්නේ කාරණා හතරකින් එකක් හෝ සිදුවුනොත් පමණයි. මොනවද ඒ කාරණා හතර? ලිංගික සේවනයේ යෙදීම, සොරකම් කිරීම, මිනීමැරීම, තමන්ට නැති ධ්‍යාන සෘද්ධි බලයන් තමන්ට තිබෙන බවට පවසා ජනතාව රැවටීම. එතකොට මෙන්න මේ වරදවල් හතරෙන් එකක් හෝ කළ අයෙක් කළ බවට උසාවියේ ඔප්පු වුනහම භික්ෂුත්වය එනයින්ම නැත්නම් ඉප්සෝ ෆැක්ටෝ (Ipso facto) අහෝසි වෙනවා. එතකොට ඒ අයට ගිහි ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ. ඒ නිසා තමයි ස්ත්‍රී දූෂණයක්, ලිංගික අතවරයක්, සොරකමක්, මිනීමැරීමක් සම්බන්ධයෙන් චෝදනාවන්ට වැරදිකරු වුණු භික්ෂූන් ජම්පරේ නැත්නම් සිරකරු ඇඳුම ඇන්දවීම ගැන කවුරුවත් කවදාවත් ප්‍රශ්න කරලා නැත්තේ. ඥානසාර හාමුදුරුවෝ සතර පාරාජිකාවන්ගෙන් එක පාරාජිකාවකටවත් වැරදිකරු වෙලා නෑ. එහෙමනම් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම ශාසනික නීතියේ උල්ලංඝනය කිරීමක්. නලින්ද ජයතිස්ස ඇමතිතුමා කියන ආකාරයට භික්ෂුන් වහන්සේලා හැටතුන් නමක් හිරේ නෑ, පට්ටපල් බොරු. ඒ අය සොරකමක් හෝ ලිංගික අතවරයක් හෝ මිනීමැරුමක් හෝ කළ බවට අධිකරණයේ තීන්දු වෙනකොටම සිවුරක් දරා සිටියත් ඉබේම භික්ෂුත්වය අහෝසි වෙනවා. ඒකයි බුද්ධ නීතිය. එහෙමයි විනය පිටකයේ තියෙන්නේ. එහෙමනම් ඒ අයට සිර ඇඳුම් ඇන්දවීම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ, මේ දක්වා කවදාකවත් විරෝධයක් ආවේ නැත්තේ ඒකයි.

හැබැයි පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුර ගලවනවද නැද්ද කියලා මේ ගෝත්‍රික, නිරාගමික මාලිමා ආණ්ඩුවට තීරණය කරන්න බෑ. ඒක තීරණය කිරීමේ එකම බලය තියෙන්නේ උන්වහන්සේ අයත් වන සංඝ සභාවට පමණමයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලාට සිවුරෙන් සිරදඬුවම් විඳීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. බන්ධනාගාර නිත්‍ය නියෝග 226 වැනි වගන්තියෙන් කියන්නේ, "සුළු වැඩ සහිත සිරදඬුවම් විඳින භික්ෂුන් වහන්සේලාට සිවුර දරාගෙන සිටිමින්ම සිරදඬුවම් විඳිය හැකි බවයි." නමුත් ඒක පාරාජිකා නොවුණු භික්ෂුවක් ලෙස නිවැරදි විය යුතුයි. නැතිනම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් කියන බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිළිබඳ නව වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ දක්වා නිත්‍ය නියෝගවල මොනවා තිබුණත් පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේ නමක්ගේ සිවුරට අත තියන්න කිසිම ආණ්ඩුවක් කටයුතු නොකළේ. ඒ නිසා මේ මාලිමා ආණ්ඩුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උතුම්ම වගන්තියක් ලෙස හඳුන්වා තිබෙන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්. ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි බවට සඳහන් වන නව වන වගන්තිය උල්ලංඝනය කිරීමක්.

මාලිමා ආණ්ඩුව මේ සිදු කළ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ශාසනික විරෝධී ක්‍රියාවට එරෙහිව අපි නඩු දෙකක් පැවරීමට බලාපොරොත්තු වෙනවා. පළමු නඩුවෙන් අපි ඉල්ලන්නේ බන්ධනාගාර නිත්‍ය නියෝග උල්ලංඝනය කරමින් ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි ඇඳුමෙන් අධිකරණයට ගෙන ඒමේ තීන්දුව අහෝසි කරන රිට් නියෝගයක් ලබාදෙන ලෙසයි. දෙවෙනි නියෝගයෙන් අපි ඉල්ලන්නේ පාරාජිකා නොවුණු භික්ෂුන් වහන්සේලාට සිවුර දරමින් සිරදඬුවම් විඳීමට බන්ධනාගාර නිත්‍ය නියෝග වලින් බාධාවක් තිබෙනවා නම් එවැනි නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි වගන්තිය උල්ලංඝනය කරන එකක් බැවින් එය අහෝසි කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසයි. මේ නඩු දෙකම ඉදිරි සති දෙක ඇතුළත පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඥානසාර ස්වාමීන් වහන්සේ සමගත්, ඒ වගේම උන්වහන්සේ අයත් වන කෝට්ටේ සංඝ සභාවේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ වන මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සමගත් මේ පිළිබඳව අපි සාකච්ඡා කරලයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ අධිකරණ කටයුතු ආරම්භ කරලා මාලිමා ආණ්ඩුවේ බෞද්ධ විරෝධිත්වය හෙළිදරව් කරන්න අපි කටයුතු කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

රට කරවන අයට සහ රට අල්ලා ගැනීමට බලා සිටිමින් යටි උගුල් අටවන අයටත් දීමට ඇති පනිවුඩය නම් ඥානසාර හිමිගේ සිවුර ගලවා වීරයා මැරුවා යැයි පැවසීමට හැකි වුවත්, මේ රටේ වීරයන් හදන්නේ මහා සංඝරත්නය මිස අන් කිසිවෙකු නොවන බව මතක තබාගත යුතු බවත් මහා සංඝතරත්නය පවසති.
පොලිස් නිලධාරීන් සහ උසස් පොලිස් ප්‍රධානීන් පත්කිරීමේදී තෑගි බෝග හා වෙනත් වාසි තකා කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.