ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ "හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලනවා" වෙනුවට පෙන්වා දෙන සැබෑ අර්ථය තේරුම් ගැනීම වැදගත් බවයි. අතීතයේදී මඩිහේ පඤ්ඤාසීහ නායක හිමියන් අතිශය ශාන්ත ලෙස මෙම ජාතික ප්‍රශ්න පෙන්වා දුන් අවස්ථාවලදී පවා සමාජය ඊට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වූ බව මතක් කළ උන්වහන්සේ, පුද්ගලයෙකුගේ උත්පත්තියෙන් ලැබුණු හඬ පදනම් කරගෙන එල්ල වන ප්‍රකාශ අවතක්සේරු නොකළ යුතු බව ප්‍රකාශ කළහ.
මේ වන විටත් මහානායක හිමිවරුන් ඇතුළු සංඝ සභාවන් රැසක් මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇති අතර, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් වන බව උන්වහන්සේ පැවසූහ. මහානායක හිමියන්ගේ ලිපිය කෙරෙහි රජයේ අවධානය යොමු වනු ඇතැයි උන්වහන්සේ විශ්වාසය පළ කරති.
එමෙන්ම, සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ගිණුම් ඔස්සේ තමන් වහන්සේ ඉලක්ක කරගනිමින් "ඊළඟට ජම්පරය අන්දවන්නේ ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට" යැයි කියමින් මඩ ප්‍රචාර පතුරුවන බවත්, එලෙස අවලාද නගන පිරිස් කෙරෙහි තමන් වහන්සේ කරුණාවෙන් හා උපේක්ෂාවෙන් පසුවන බැවින් ඔවුන්ගේ ජීවනෝපායන්ට බාධා නොකරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
අවසාන වශයෙන්, ඥානසාර හිමියන් වෙනුවෙන් රට පුරා බෝධි පූජා පවත්වා ආශිර්වාද එක්කරන ලෙසත්, මෙම සිදුවීමේ ගැඹුරු යථාර්ථය වටහාගෙන සංවේදීව කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් හා ජාතික සංවිධානවලින් ඉල්ලා සිටියහ.
මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශප්‍රධාන පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා