ගිජුලිහිණියෝ ඉවතට - ජනතාව බලයට..
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
උතුරු ඉරාකයේ අර්බිල් (Erbil) ගුවන් කඳවුරේ රැඳිලා හිටිය ඇමෙරිකානු භටයන් සහ යුද උපකරණ මුළුමනින් ම ඉවත් කරගැනීමෙන් තමයි මේ සෘජු ආක්‍රමණික ක්‍රියාව මුළුමනින් ම අවසන් කෙරුණේ. මේ විදිහට ඇමෙරිකානු හමුදා මුළුමනින් ම ඉවත්වෙලා යෑම සැමැරීම වෙනුවෙන් ඉරාක ආණ්ඩුව ඒ දවස (සැප්තැම්බර් 30 වැනි දා) ස්වෛරීත්වය ලබාගත් දිනයක් සහ ජාතික නිවාඩු දිනයක් විදිහට නම් කළා.
ඇත්තෙන්ම, මේ විශේෂ දිනයේ වැදගත්කම ලෝකයට ප්‍රකාශ කළේ ඉරාක ආණ්ඩුව විසින් නම් නෙවෙයි. ඉරාකයේ ක්‍රියාත්මක වෙන “ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය” (Popular Mobilization Forces, PMF) තමයි මේ දිනයේ වැදගත්කම ලෝකයට ම පෙන්නන්න මුල්වුණේ. ඒ වෙනුවෙන්, PMF සංවිධානය මෙහෙයවපු ජනතා පෙළපාළි බැග්ඩෑග් අගනුවර ඇතුළු ඉරාකයේ හැම නගරයක ම වගේ පැවැත්වුණා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වෙන අප්‍රාජිතා නෆ්ස් නෙෆෙස් (Aprajita Nafs Nefes) ලියපු මේ සටහනින් ඒ අභිමානවත් ජනතා නැගී සිටීම ඉතාමත් හොඳින් විස්තර කරනවා.
අපි ඒ සටහන කියවමු.
=== === === === ===
බැග්ඩෑඩ් අගනුවර පවත්වපු පෙළපාලිය උත්සවයක් නම් නෙවෙයි. ඒක ඉතාමත් පැහැදිළි තීන්දුවක්. අවුරුදු 23 ක ආක්‍රමණයකට පස්සේ, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය (PMF) අගනුවර වීදී දිගේ ගමන් කළේ තවත් එක සටන්කාමී කණ්ඩායමක් විදියට නම් නෙවෙයි. ඒ අය ගමන් කළේ අධිරාජ්‍යවාදී හමුදාත් තුරන් කරපු ඉතාමත් ශක්තිමත් හමුදාවක් විදිහටයි.
ගිජුලිහිණියන් හඳුනාගන්න
--- --- --- --- ---
පෙන්ටගනය තමන්ගේ බලහත්කාරය “සහජ අධිෂ්ඨානයේ මෙහෙයුම” (Operation Inherent Resolve) කියලා නම් කරලා තිබුණා. ඒත් ඉරාක මිනිස්සු ඒකට කිව්වේ ආක්‍රමණය කියලා. මේ ආක්‍රමණය වෙනුවෙන් ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වියදම් කළා. ඉරාකයේ සිවිල් මිනිස්සු ලක්‍ෂ දෙකකට වඩා මරලා දැම්මා. රට ම විනාශ කරලා දැම්මා. බොරුවක් උඩ ක්‍රියාත්මක කරපු ඒ ආක්‍රමණයෙන් ඇමෙරිකානු සොල්දාදුවෝ 4,500 කට වඩා පරලොව ගියා. “අපායට ගිය ඉතාමත් මිල අධික චාරිකාවක්” (a very expensive excursion into hell) කියලයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ඇමෙරිකානු ආක්‍රමණය හැඳින්නුවේ. ඔහු ඒ එක්ක ම මේ බලහත්කාරකම “ජයග්‍රහණයක්” විදිහටත් උඩ දැම්මා. හැබැයි අවතැන්වෙච්ච ඉරාකයේ ලක්‍ෂ ගණනක මිනිස්සු ගැන, යුරේනියම් අපද්‍රව්‍ය ගැන, ආබාධිතයෝ විදිහට උපදින දරුවෝ ගැන, තමන්ගේ ම ආක්‍රමණය විසින් බිහි කරපු ISIS ඇටවිල්ල ගැන ට්‍රම්ප් වචනයක්වත් කිව්වේ නෑ.
පෙළපාලියක් - තීන්දුවක්
--- --- --- --- ---
2026 සැප්තැම්බර් 30 වැනි දා, ඉරාක ආරක්‍ෂක හමුදාවත් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකායේ බල ඇණිත් බැග්ඩෑඩ් සහ නජාෆ් නගරවල පෙළපාලි ගියා. ඒ අය ඇමෙරිකානු කඳවුරුවලට පහරදෙන්න පාවිච්චි කරපු ඩ්‍රෝන යානාවල ආදර්ශ ප්‍රදර්ශනය කළා. මේ පෙළපාලිවලට එකතුවෙච්ච ජනතාව “ඇමෙරිකාවට මරණය” කියලා හඬ නැගුවා. ඒ ජනතාව විසින් ඝාතනයට ලක්වෙච්ච ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලී කුමේනිගේ ඡායාරූපත් මේ පෙළපාලිවල ඇරැගෙන ගියා. ඉරාකයේ ක්‍රියාත්මක ප්‍රබල ෂියා සන්නද්ධ කණ්ඩායමක් වන “යුක්තිගරුක සමූහය” (Asaib Ahl al-Haq) සංවිධානයේ සහ හිස්බුල්ලා සංවිධානයේ කොඩිත් මේ පෙළපාලිවල ඇරැගෙන ගියා. හැබැයි මේක “හවුල්කාරයන්ගේ සැමරුමක්” නම් නෙවෙයි. මේක පැහැදිළිව ම ඇමෙරිකානු බලයේ අවසානය ලෝකයට ම පෙන්නපු අවමංගල්‍යයක්.
“වඩාත් සාමාන්‍ය ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවක් කරා සිද්ද කරන සංක්‍රමණයක්” විදිහටයි පෙන්ටගනය තමන්ගේ ඉවත්වීම හැඳින්නුවේ. ඒත් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය (PMF) මේ ඉවත්වීමේ ඇත්ත ලෝකයට ම පෙන්නලා දුන්නා. “අපි ආක්‍රමණිකයා පන්නලා දැම්මා” කියලා ඒ අය අභිමානයෙන් කියා හිටියා.
නීතියක් බවට පත් කරපු ජයග්‍රහණයක්
--- --- --- --- ---
ඇමෙරිකාව අකුළගෙන ගිය දවසේ ම ඉරාක කැබිනට් මණ්ඩලය විසින් මතභේදයට ලක්වෙලා තිබුණු නීතියක් අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ නීතිය සම්මත වුණොත්, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය ආණ්ඩුවේ හමුදාවටයි පොලීසියටයි සමාන ජාතික ආරක්‍ෂක බලකායක් විදිහට ස්ථිර විදිහට ම නීත්‍යානුකූල වෙනවා. මේ පනතින් ඉරාකයේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ලවෙන බවත් ඉරානයේ බලපෑම ස්ථාපිත කරන බවත් ඇමෙරිකාව කියනවා. ගිජුලිහිණියෝ හොඳට ම බයවෙලා. මේ නීතියෙන් ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය නීත්‍යානුකූල හමුදාවක් විදියට පිළිගන්නවා. ඒ වගේ ම, ඒකට රාජ්‍යය මට්ටමේ පිළිගැනීමකුත් ලැබෙනවා.
බටහිර හංගන ඇත්ත
--- --- --- --- ---
ඇමෙරිකාව ඉරාකයෙන් අකුළගෙන ගියේ “ජයග්‍රහණය කරලා” නෙවෙයි. තවදුරටත් ඉන්න බැරි තරමට ම ප්‍රතිරෝධය බලවත්වෙච්ච හින්දයි උන් අකුළගෙන ගියේ. ගතවෙච්ච මාස කීපය ඇතුළත ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය සහ අනෙක් සන්නද්ධ කණ්ඩාම් ඇමෙරිකානු කඳවුරුවලට ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර 1,000 කට වඩා එල්ල කළා. ඇමෙරිකානු හමුදා එළවලා දාන්න ඉරාක පාර්ලිමේන්තුවත් ඡන්දය දුන්නා. ඉරාක ජනතාව ස්වෛරීභාවය ඉල්ලුවා. ඉතින් අකුළගෙන යනවා ඇරෙන්න ගිජුලිහිණියන්ට තවත් විකල්පයක් ඉතුරුවෙලා තිබුණේ නෑ.
ඉරාකය දැන් “අස්ථාවරයි” කියලා ඇමෙරිකාව ලෝකයට ම කියයි. ඒ වගේ ම, ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය “තර්ජනයක්” කියලත් ඉරානය තමන්ගේ “බලපෑම වැඩි කරගනිමින් ඉන්නවා" කියලත් උන් කියයි. ඇමෙරිකාව පුහුණු කරපු ඉරාක හමුදාව බිඳ වැටිලා, 2014 අවුරුද්දේ ISIS හමුදා බැග්ඩෑඩ් නගරයට තර්ජන එල්ල කරද්දි, අයතුල්ලා අලී අල්-සිස්තානි නිකුත් කරපු ෆත්වාවකට ප්‍රතිචාරයක් විදිහට ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය පිහිටුවපු බව ඇමෙරිකාව කියන එකක් නෑ. තමන් කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉඳිද්දි ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය විසින් ISIS හමුදා පරාජයට පත් කරපු බවත් ඇමෙරිකාව කියන එකක් නෑ. ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය මේ වෙද්දිත් ඉරාක රාජ්‍යයට ඒකාබද්ධ වෙලා ඉන්න බවත්, දැන් ඒ බව නීත්‍යානුකූලව ම පිළිගන්න බවත් ඇමෙරිකාව කියන එකක් නෑ.
අධිරාජ්‍යය පසුබහිනවා. ප්‍රතිරෝධය ආණ්ඩු කරනවා.
--- --- --- --- ---
2026 සැප්තැම්බර් 30 වැනි දා, බැග්ඩෑඩ් නගරයේ පවත්වපු පෙළපාලියෙන් සනිටුහින් කළේ තවත් යුද්ධයක කෙළවරක් නම් නෙවෙයි. ඒ තමයි අලුත් යුගයක ආරම්භය. ජනතාවාදී බලමුළුගැන්වීම් බලකාය කාගෙවත් “ඒජන්තයෙක්” නෙවෙයි. ඒ, සන්නද්ධ වෙලා ඉන්න ඉරාක ජනතාවමයි. ඉතිහාසයේ බලවත් ම හමුදාවටත් වඩා වැඩි දරාගැනීමේ ශක්තියක් තමන්ට තියෙන බව මේ ජනතා බලකාය විසින් ඔප්පු කරලා ඉවරයි.
ගිජුලිහිණියෝ තාමත් වටේ කැරැකෙනවා. හැබැයි දශක ගණනාවකට පස්සේ මුල් ම වතාවට, දැන් උන් වටේ යන්නේ හුඟක් දුර ඉඳලා!
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්
ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..
ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..
බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..
"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..