News Category
From Date
To Date
Maximum Number of Result

“ලෝකයට සහ විශේෂයෙන් එක්සත් ජනපදයේ ජනතාවට කැරිබියන් කලාපයේ සහ දකුණු ඇමරිකානු කලාපයේ කිසිම ආකාරයක යුද්ධයක් අවශ්‍ය නැහැ.” වෙනිසියුලා ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගි වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් රටේ නීතියට අනුව කටයුතු ලෙසයි. තැන් තැන් වල අසන ප්‍රශ්න වලට පිලිතුරු දීමට තමන් සූදානම් නැති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

අද(21) පිලිපීනයේ මැනිලා අගනුවර වීදි බැස දූෂණයට විරෝධය පළ කරමින් 50,000 කට ආසන්න පිරිසක් විරෝධතා හැක්වූ බව එරටින් ලැබෙන වාර්තා වලින් පැවසේ. විරෝධතාකරුවන් සහ නිලධාරීන් අතර ඇති වූ ගැටුම්වලින් විරෝධතා රැලිය කඩකප්පල් වූ බවද එම වාර්තා පවසයි.

කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව, ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දෙමුහුන් යුධ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් සිටියදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ යූ ටියුබ් නාලිකාව වසා දමා ඇති බව වාර්තාවේ.

පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය විසින් කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට ආසන්නව රඳවා තබා ඇති හමුදාව විසින් වෙනිසියුලානු ධීවර යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර වෙනිසියුලානු ධීවරයන් මරා දමා යාත්‍රාව රඳවා තබා ගෙන තිබේ. එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව කියුබානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා ‘ප්‍රත්‍යක්ෂ, කාලානුරූපී සහ ආපසු හැරවිය නොහැකි පියවර’ ඉල්ලා සිටින ප්‍රකාශයක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී අති බහුතරයක් ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.

නේපාලයේ හිටපු අගවිනිසුරුවරිය වන සුශිලා කාර්කි මහත්මිය මේ වන විට අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කර ඇත. Gen Z නම් කණ්ඩායම විසින් දියත් කළ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස්, 1,300 කට වැඩි පිරිසක් තුවාල ලබා, දහස් ගණනක් සිරකරුවන්ට පලා යාමට ඉඩ සැලසීමෙන් පසුව සුශිලා කාර්කි එරට අන්තර්කාලීන අගමැතිවරිය ලෙස පත්ව තිබේ.

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.