ජපානය ඊනියා 'පැවැත්මට තර්ජනයක් වන තත්වයක්' මුවාවෙන් වරක් ආක්‍රමණශීලීත්වය දියත් කළ ඓතිහාසික වැරැද්ද නැවත නොකළ යුතුයි- චීන විදේශ අමාත්‍ය අමාත්‍ය වැන්ග් යී
දෙසැම්බර් 12 සිට 16 දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ජෝර්දානය යන රටවල සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
එහිදී අදහස් දක්වමින් තමා සංචාරය කළ රටවල් තුනම එක් චීනයක් මූලධර්මයට කැපවීම සහ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදී චීනයට ස්ථිර සහයෝගයක් ලබා දෙන බව අවධාරණය කර ඇති බවත්, එය රටවල් කිහිපයක විකෘති ක්‍රියාවන්ට වඩා තියුණු වෙනසක් බවත් පැවසීය. සංචාරය අතරතුර, තායිවාන් ප්‍රශ්නයේ ඓතිහාසික කරුණු සහ නීතිමය තත්වය පිළිබඳව රටවල් තුනට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා , තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපන් නායකයින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත් පැවසීය. එක් චීනයක් මූලධර්මයට අනුගත වීම, එහි ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට සහාය වීම සහ ජාතිය නැවත එක්සත් කිරීම සඳහා චීනය ගන්නා උත්සාහයට සහාය දීම සම්බන්ධයෙන් අරාබි රාජ්‍යයන් තුනට වැන්ග් ප්‍රශංසා කළේය.
මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී අන්‍යෝන්‍ය සහයෝගය චීනය සහ අරාබි රාජ්‍යයන් අතර මිත්‍රත්වයේ ඓතිහාසික පදනම සහ දේශපාලන සාරය නිර්මාණය කරන බව අමාත්‍යය වැන්ග් අවධාරණය කළේය. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ නීත්‍යානුකූල ස්ථාවරයට අරාබි රාජ්‍යයන් දක්වන සහයෝගය ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම ආරක්ෂා කරන බවත්, එක් චීනයක් යන මූලධර්මය ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
"2025 වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා ප්‍රතිරෝධක යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරනු ලැබුවා. ඊනියා 'පැවැත්මට තර්ජනාත්මක තත්වයක්' මුවාවෙන්, ජපන් මිලිටරිවාදීන් ආක්‍රමණශීලී යුද්ධ දියත් කරනු ලැබුවා. මෙම ඓතිහාසික වැරැද්ද ජපානය නැවත නොකළ යුතුයි. සාමය අගය කරන ලොව පුරා තිබෙන සියලුම රටවල් මිලිටරිවාදයේ සහ ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනයට එරෙහිව ඉතා සුපරීක්ෂාකාරී විය යුතු අතර, යටත් විජිත ආක්‍රමණය සහ ආක්‍රමණ උත්කර්ෂයට නංවන ඕනෑම ප්‍රකාශයකට හෝ ක්‍රියාවකට අධිෂ්ඨානශීලීව එරෙහිවීම කළ යුතුයි." වැන්ග් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්