බංග්ලාදේශය යළි ඇවිළෙයි..
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය.
එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ.
2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය.
ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්.
ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම විරෝධතා ආරම්භ කර කිබේ.
අනතුරුව ඔවුන් බංග්ලාදේශ ප්‍රධානම පුවත්පත් වන 'ද ඩේලි ස්ටාර්' සහ 'ප්‍රෝතොම් අලි' කාර්යාලවලට දැඩි ලෙස හානිකර, ඉන් එක් ගොඩනැගිල්ලකට ගිනිතබා තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර, ගිනිනිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන ඇත.
32 හැවිරිදි හාඩි, ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අතර, අසල්වැසි ඉන්දියාව ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කළ අයෙකු බව සඳහන්.
බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්, හාඩිගේ මරණය "සිට රටට ආපසු හැරවිය නොහැකි පාඩුවක්" ලෙස හඳුන්වා තිබේ.
මෙම වෙඩිතැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත්, කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ මැතිවරණය අඩපණ කිරීමත් ඔහු පවසයි.
එමෙන්ම අන්තර්කාලීන රජය හෙට (20) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.
කෙසේ නමුත් මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්