ඕස්ට්‍රේලියාවේ හනුක්කා උත්සවයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් පිය පුතු දෙපලක්
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින් ඉලක්ක කර එල්ල වූ මාරාන්තික ප්‍රහාරයේ පිටුපස සිටින සැකකරුවන් ලෙස පියෙකු සහ පුතෙකු හඳුනාගෙන ඇති බව ක්වීන්ස්ලන්ත පොලිස් සේවය පවසයි.
ඊයේ(14) ප්‍රහාරකයින් දෙදෙනා හනුක්කා මාසයේ පළමු දිනය සැමරීම සඳහා සිඩ්නි නගරයේ තදාසන්න ප්‍රදේශයේ රැස්ව සිටි ජනතාවට වෙඩි තැබූ අතර, අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ත්වත් විශාල පිරිසක්ට තුවාල සිදු කර තිබේ. ක්වීන්ස්ලන්ත පොලිස් සේවය පැවසුවේ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන බවයි.
මේ වන විට ක්වීන්ස්ලන්ත පොලිස් සේවය සැකකරුවන් සජිඩ් අක්‍රම් සහ ඔහුගේ පුත් නවීඩ් අක්‍රම් ලෙස හඳුනා ගෙන තිබෙන බවද වාර්තා වේ. නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් වාර්තාකරුවන්ට පැවසුවේ සජිඩ් අක්‍රම් එම ස්ථානයේදීම මිය ගිය බවත්, ඔහුගේ පුතා “තුවාල ලද නමුත් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ” සිටින බවත් ඔහු රෝහල් ගත කර සිටින බවත්ය. සජිඩ් අක්‍රම් නීත්‍යානුකූලව ගිනි අවි හයක් හිමිකරගෙන සිටි බවත් ඔහු මාධ්‍ය වෙත පැවසීය.
“මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව බලධාරීන් හට එතරම් දැනුමක් නොතිබුණි.” ලැන්යොන් පැවසීය.
ඕස්ට්‍රේලියාවේ මහජන විකාශන ආයතනයක් වන ABC පුවත් සේවය වාර්තා කළේ, ත්‍රස්ත විරෝධී විමර්ශකයින් විශ්වාස කරන්නේ අක්‍රම්වරු ඉස්ලාමීය රාජ්‍යයට (IS, කලින් ISIS/ISIL) පක්ෂපාතීත්වය ප්‍රතිඥා දී ඇති බවයි. කණ්ඩායමේ ධජය ඔවුන්ගේ මෝටර් රථයෙන් සොයාගත් බවද ක්වීන්ස්ලන්ත පොලිස් සේවය පවසයි.
ඕස්ට්‍රේලියාවේ දේශීය බුද්ධි ඒජන්සිය වන ASIO, IS හිතවාදියෙකු වන අයිසැක් එල් මටාරි සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් නවීඩ් අක්‍රම් වසර හයකට පෙර විමර්ශනයට ලක් කර තිබේ. ඔහු ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් 2019 දී අත්අඩංගුවට ගෙන පසුව සිර දඬුවම් නියම කරන ලද පුද්ගලයෙකි.
ඇSඓO ප්‍රධානී මයික් බර්ගස් , සැකකරුවන්ගෙන් එක් අයෙකු ආයතනය දැනුවත්ව සිටි නමුත් "ක්ෂණික තර්ජනාත්මක දෘෂ්ටිකෝණයකින් නොවේ" යනුවෙන් පැවසුවේය.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් වෙඩි තැබීම "අපේ ජාතියේ හදවතට පහර දුන් යුදෙව් විරෝධී සහ ත්‍රස්තවාදයේ නපුරු ක්‍රියාවක්" ලෙස හෙළා දුටුවේය.
"යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහර දීම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහර දීමක්" බව ඔහු තවදුරටත් පැවසීය.
ගාසා තීරයේ සිදුවන ගැටුම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අසාධාරණ ලෙස විවේචනය කිරීම සහ යුදෙව් විරෝධයට එරෙහිව ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල නිලධාරීන් සහ යුදෙව් කණ්ඩායම් මීට පෙර ඕස්ට්‍රේලියාවට චෝදනා කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..