News Category
From Date
To Date
Maximum Number of Result

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.

77 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද 4 වෙනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරිණි.

දෙරණ රූපවාහිනි නාලිකාවේ BIG FOCUS වැඩසටහනට එක් වු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට තිබෙන ජනතා විශ්වාසය තබා ගැනීමට නම් අනුර දිසානායක මහතාටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ළමයින් වඩාගැනීම, බදා ගැනීම වැනි තාවකාලික

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ශක්තිමත්ව හා එක්සත්ව නැගී සිටින ලෙසත්, නිදහස පිළිබඳ නවීන දැක්මක් හැඩගැස්වීමට සහභාගී වන ලෙසත්, මෙම නව පුනර්ජීවන යුගයේ සාමූහික ආරම්භයට දායක වන ලෙසත් ආරාධනා කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල , පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

කොළඔ පරම විඤාර්ථ බෞද්ධ සමිතිය විසින් වසර සියයකටත් වඩා ඉහත දී බෞද්ධ පාසලක් පවත්වාගෙන යාමට භූමිය වෙන්කරවා තිබෙන අතර එහි මේ දක්වා බෞද්ධ පාසැලක් පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මිලාද් මුස්ලිම් ලෙස නම් කළ විදුහලක් පවත්වාගෙන යාමට පවරාදීම හේතුවෙන් දේශප්‍රේමී ජාතික බලවේගය ඇතුළු සංවිධාන කිහිපයක් අද(03) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ පහතින්...

පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස නීතීඥ සුපුන් විජේරත්න පත් කර තිබේ.

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.