News Category
From Date
To Date
Maximum Number of Result

රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම දෛනික ආහාර වේල් සඳහා වැඩිකරන ලද රුපියල් 2,000 ක මුදල අද, 2025 පෙබරවාරි 5 වන දින සිට ගෙවීම ආරම්භ කළහ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් මෑතක දී කළ නිර්දේශවලට එරෙහිව විරෝධය දක්වන මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන මාධ්‍යවේදින්ගේ ඝාතන සහ පැහැරගැනීම් ගැන සොයා බලන බවට මැතිවරණ වේදිකාවේ දී ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අද ඉල්ලා සිටියේය.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ඒ ඒ ජනපතිවරයාගේ කැමැත්ත මත පත්කර ගන්නා බවත් එය රාජ්‍ය සේවයට අදාළ තනතුරක් නොවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධ‍ානයට අයත් බලහත්කාරයෙන් හෝ ස්වෛච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩ‍ායම වෙත විශේෂ ලිපියක් යොමුකරන TGTE (දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) අගමැති විශ්වනාදන් රුද්‍රකුමාරන් සඳහන් කරන්නේ, කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ශ්‍රී ලංකා හමුදාවට භාරවූ LTTE සාමාජිකයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකරන ලෙසයි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන නොයැම පිළිබඳව කතාබහක් නිර්මාණය වී තිබේ.

බහාලුම් මගඩිය - හොරාගේ අම්මාගෙන් පේන අහන කමිටුව වැඩක් නැහැ... ස්වාධීන කමිටුවක් පත් කළ යුතුයි - ජාතික සංවිධාන කියයි

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද සිතාසි නිකුත් කළේය.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.