News Category
From Date
To Date
Maximum Number of Result

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ඩී. හේවාපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි. කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. ඉදිරි සතියේදී පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ. දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත.

කොකාකෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ විකිණීම තහනම් කර එම සිසිල් බීම තොග ආපසු කැඳවා ඇති බව වාර්තා වේ.

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

2011 දී සමුපකාර අරමුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.