
ඉන්දියාවේ එකඟතාව නැතිව ගිවිසුම් දෙන්න බෑ..- ඩිජිටල් අමාත්‍යංශය ලිඛිතව දන්වලා..
ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම් ලබා දෙන්න නොහැකි යයි ලිපියක් මගින් දන්වා ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
“පසුගිය අප්‍රේල් 5 දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් හතේ පිටපත් ඉල්ලා අදාළ අමාත්‍යාංශ වලට ලිපි දැම්මා.
බලශක්ති අමාත්‍යාංශය විසින් තෙල් ටැංකි සංවර්ධනය පිළිබඳ ගිවිසුම වගේම විදුලි රැහැන් වලින් ඉන්දියාවට සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය විසින් නැගෙනහිර පලාත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා.
නමුත් ඩිජිටල් අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ලබා දෙන්න විධියක් නෑ කියලා ලිපියක් එවනවා.
එතකොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව නමින් තිබෙන රටවල් දෙකක් එක්ක ද? ඇත්තටම ඉන්දියාවට ගිවිසුම් සඟවන්න ඕනි නම් සඟවන්න ඕනි ඒ අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඉන්දියාව ඇතුලේ දේවල් කරන තෙල් නල ගිවිසුම සහ විදුලි රැහැන් ගිවිසුම.
ඩිජිටල් ගිවිසුම ඒ අයට බලපෑමක් නෑ. ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය ආයතන එකිනෙකට පරස්පරව කටයුතු කිරීමයි. ඒ නිසා ඉන්දියානු ගිවිසුම් සම්බන්ධයෙන් බොරු කියන්න ඕනි නම් කතා වෙලා එක බොරුවක් කියන්න යැයි අපි ආණ්ඩුවට කියනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
