ඉන්දියාවේ එකඟතාව නැතිව ගිවිසුම් දෙන්න බෑ..- ඩිජිටල් අමාත්‍යංශය ලිඛිතව දන්වලා..
ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම් ලබා දෙන්න නොහැකි යයි ලිපියක් මගින් දන්වා ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
“පසුගිය අප්‍රේල් 5 දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් හතේ පිටපත් ඉල්ලා අදාළ අමාත්‍යාංශ වලට ලිපි දැම්මා.
බලශක්ති අමාත්‍යාංශය විසින් තෙල් ටැංකි සංවර්ධනය පිළිබඳ ගිවිසුම වගේම විදුලි රැහැන් වලින් ඉන්දියාවට සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය විසින් නැගෙනහිර පලාත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා.
නමුත් ඩිජිටල් අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ලබා දෙන්න විධියක් නෑ කියලා ලිපියක් එවනවා.
එතකොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව නමින් තිබෙන රටවල් දෙකක් එක්ක ද? ඇත්තටම ඉන්දියාවට ගිවිසුම් සඟවන්න ඕනි නම් සඟවන්න ඕනි ඒ අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඉන්දියාව ඇතුලේ දේවල් කරන තෙල් නල ගිවිසුම සහ විදුලි රැහැන් ගිවිසුම.
ඩිජිටල් ගිවිසුම ඒ අයට බලපෑමක් නෑ. ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය ආයතන එකිනෙකට පරස්පරව කටයුතු කිරීමයි. ඒ නිසා ඉන්දියානු ගිවිසුම් සම්බන්ධයෙන් බොරු කියන්න ඕනි නම් කතා වෙලා එක බොරුවක් කියන්න යැයි අපි ආණ්ඩුවට කියනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර