News Category
From Date
To Date
Maximum Number of Result

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුර රජය මගින් දුන් නිවස සම්බන්ධයෙන් දුන්නායැයි කියන නඩු තීන්දුව සම්බන්ධ කරගනිමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස සම්බන්ධයෙන්ද ජනතාව නොමග යවමින් සිටින බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාව සිය 77 වන නිදහස් දිනය සමරන මේ මොහොතේදී, සෑම පුරවැසියෙකුම ජාතිය මුහුණ දෙන තර්ජන සහ අවදානම් පිළිබඳව දැනුවත් විය යුතුය. ශ්‍රී ලංකාව තම ඉහළම ප්‍රමුඛතාවය ලෙස, එහි අතීත සහ මෑත කාලීන අත්දැකීම් වලින් ඉගෙන ගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුය.

කිසිම දාක මෙරට නිදහස් උත්සවය සදහා සහභාගී නොවූ අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අද නිදහස් දිනය සමරනවා යැයි ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා සදහන් කරයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධ‍යෙන් තමන් සතුටට පත්වන බවයි.

සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මියන්මාරයේ සිට රොහින්ග්‍යාවරුන් ලෙස හඳුන්වන පිරිසෙහි අඛණ්ඩව සිදු විය හැකි බවට පුරෝකථනය කෙරෙන නීතිවිරෝධී සමුද්‍රීය පැමිණීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් සහ මිනිස් ජාවාරමට සම්බන්ධ දේශීය නියෝජිතයන් පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන 36ක අත්සනින් යුතුව ආරක්ෂක විදේශ කටයුතු විදේශ රැකියා සහ ංසචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් යොමුකිරීමට කටයුතු කර ඇත.

හමුදා ඔත්තුසේවා ප්‍රමුඛ සන්නද්ධ හමුදා යොදාගනිමින් පොලීසියේ හා රාජ්‍ය නීති අංශයේ ද ආවරණය ඇතිව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් පසුගිය කාලයේ සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇතිදැ'යි යන සැකය ත්‍රීවෘ කරමින්, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකුට එරෙහිව තවදුරටත් නීතිමඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස්කර යැවිය හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතුය යි නීතිපති පාරින්ද රණසිංහ පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බව වාර්තා වේ.

මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.