News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ සහ ලෝකය පුරාම ඉවුම් පිහුම් සදහා භාවිතා කරනු ලබන නොන්ස්ටික් පෑන් මගින් සිදුවන පරිසර විනාශය මෙන්ම ඒ හරහා හරහා පැමිණෙන ලෙඩ රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ද පැවති මොරටුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය චන්ද හතළිස් හයක් සහ සමගි ජන බලවේගය ඡන්ද පනස් එකක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වසර තිහකට පසුව ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය රුවන් විජේමුණි මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත

පසුගිය පාලන කාලයන්හිදී රාජ්‍ය ආයතනවල තීරක මට්ටමේ නිලධාරීන් ලෙස කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන 112ක් ඉදිරියට ගෙන යෑමට රජය මේ වන විට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර එම නිලධාරීන් සම්බන්ධයෙන් නීති සහාය ලබා දීමට නීතිඥ සංචිතයක් නිර්මාණය කිරීමට විපක්ෂයේ දේශපාලන නායකයන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අද සිට බලපැවැත්වෙන ආකාරයට ලිහිල් කරනු ලැබූ මෝටර් රථ ආනයනයේදී කොන්දේසි 09ක් පැනවීමට රජය කටයුතු කර ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යංශය විසින් ඊයේ ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම කොන්දේසි ප්‍රකාශයට පත්කර ඇත.

සිදුව ඇතැයි කියන බහාලුම් මගඩිය ජාතික ජනබලවේගයේ ජනවරමට පටහැනි බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසනත් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදීය.

බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී ඊයේ (31)පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ප්‍රධාන පුවත්

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.