ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි මහතා අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් සමගින් අරුණ පුවත්පතට දේශපාලන ලිපියක් යොමුකර ඇත. කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි. ඔහු පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බව බව ඔහුසදහන් කරයි අරුණ පුවත්පතේ පළ කල එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න
රංගිරි ශ්‍රී ලංකා රෑපවාහිනියේ නින්නාද වැඩසටහනට එක් වූ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර මහතා ලංකාවේ දේශපාලන මහා පිංතූරයේ යටිපොළ සම්බන්ධයෙන් විග්‍රහයක නිරත විය. එහිදි ඔහු සදහන් කර සිටියේ මේ සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් නිවැරදිව විග්‍රහ කර ගැනීම මගින් පමණක් අර්බුදයට විසදුම් සොයා ගත හැකි බවත් එසේ නොවුනහොත් කලාපීය භූ දේශපාලනඋවමනාවන්හි ගොදුරක් වීමේ අවධානම පවතින බවත්ය.
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..