News Category
From Date
To Date
Maximum Number of Result

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව යි.

පශ්චාත් යථාර්ථ දේශපාලනය නමින් සිද්ධාන්තයක් වර්තමානයේ ලෝක දේශපාලනය තුළ ඇති බවත්, එහිදී පෙර පැමිණෙන්නේ කරුණු නොව හැඟීම් බවත්, සමාජ ජාලා තුළින් පුද්ගලයන්ගේ මනෝමූලික ස්වභාවයන් පාලනය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) අවසර ලබා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙනු ලබන්නේ කාටද යන්න පිළිබඳව අද (03දා) කොළඹදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි නිදහස් පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 45 ක් මේ වනවිට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.


ප්‍රධාන පුවත්

"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වත්මන් පාලනය රට හමුදා සහ සංවර්ධන ජයග්‍රහණ අත්කර දුන් නායකයින්ගෙන් පළිගනිමින්, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසන ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..

යේමනයේ හූති (අන්සාර් අල්ලාහ්) ව්‍යාපාරය රතු මුහුදු වෙරළ තීරය ඔස්සේ සිය හමුදා වේගයෙන් ඉදිරියට මෙහෙයවමින් උපායමාර්ගික නගරයක් වන අල්-මකා (මෝකා) සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි පෙරිම්/මයුන් දූපතේ පාලනය අත්පත් කරගෙන තිබේ.

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.