විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.
කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පවසයි.
ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ.
ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.
ඒකක 30 - 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත් වේ.
මේ අතර ඒකක 61 - 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ.
ඒකක 121 - 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2220කට සීමා වේ.
ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2220 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.
කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත.
විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කර්මාන්තවල ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?