News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සගවන්න හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට විශාලතම ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ සමාගම සහ එහි පර්යන්තය වන Litro Terminals (Pvt) Ltd පෞද්ගලික අංශයේ කොටස් බෙදාහැර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීම පිළිබඳව පැන නැගී ඇති මහජන විරෝධතා පිළිබඳව ලංකාලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රජය විසින් කොළඹ දී ලබාදුන් නිවස ලිඛිතව ආපසු ඉල්ලා සිටියහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නිවසින් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

යුරෝපීය සංගමය සැමවිටම වොෂින්ටනයෙන් ලබා දෙන දේශපාලන ඉඟි ලබාගෙන ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටියදීත් එය දිගටම කරගෙන යනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් News1st වාර්තා කරයි

දෙහිවල පිහිටි සිංහල බෞද්ධ පාසලක් දෙමළ මාධ්‍ය මුස්ලිම් පාසලක් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තාවේ. එහි සිද්ධිය සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇති වූ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක්තරා ලිපියක මෙසේ සදහන් වේ.

වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.