News Category
From Date
To Date
Maximum Number of Result

මාස තුනකින් පමණ මහපොළ ශිෂ්‍යාධාර ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසන්නේ ඇතැම් විශ්වවිද්‍යාලවලට මාස 3ට වැඩි කාලයක් ශිෂ්‍යාධාර ලැබී නොමැති බවයි. මේ අතර පසුගිය සමයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි පැවසෙන්නෙ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපනය සංචාරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගේ සොහොන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලෝර් හි පිහිටා ඇති බවත්, ඔහුගේ පරම්පරාව ඔහුව අනුස්මරණය කරන බවත් ඉතිහාසය හදාරන සිසුහු දනිති.

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත්කිරීම සඳහා නම් ලැයිස්තුවක් රජය විසින් අවසන් කරමින් සිටින බව වාර්තා වේ.

මේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු නොයෙක් ද්‍රව්‍ය මිල ඉහළ යෑමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් (02) පෙරවරුවේ කඹුරුපිටිය නගරයේදී පැවැත් වුණා.

කඩිනමින් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ගොවි අරගලයක් ආරම්භ කරන බවට, ගොවි සංවිධාන නියෝජිතයින් නැවතත් අනතුරු අඟවනවා.

දේශපාලන දඩයම් කරන ආණ්ඩුවලට වැඩි ආයුෂ නැති බවත් එයට හොදම උදාහරණය පසුගිය යහපාලන ආණ්ඩුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා විජේරාමයට පැමිණ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවය සවිස්තරාත්මක විස්තරය පහත වීඩියෝවෙන්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.