ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
ඇය විසින් අනාවරණය කරන කරුණු පහළින්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එන නව ලෝක යුධ වාතාවරණයකදි ශ්‍රී ලංකාවට එන අභියෝගය..!!
සාම්ප්‍රදායික යුධ ක්‍රමය අවසන්. දැන් රාජ්‍ය නායකයන්ගේ විඥානය විනාශ කරන බුද්ධිමය යුධය අරඹා ඇත.
ලෝකය මේ මොහොතේ මුළුමනින්ම අවධානය යොමු කර ඇති ඉරානය සහ ඊශ්‍රායල් අතර ඇතිවූ ගැටුම, ගාසා යුද්ධය, සහ දැන් ඉන්දියානු සාගරයේ සිදුවන අමුතු සිදුවීම් දෙස සමීපව නිරීක්ෂණය කළ විට මේවා එකිනෙකට වෙන්වූ ගැටුම් මෙන් පෙනෙයි. නමුත් මේවා හුදකලා සිදුවීම් නොවෙයි. මෙය ලෝකය තුළ දැන් ක්‍රියාත්මක වන නව යුධ උපක්‍රම මාලාවකි.
ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන්, යුධ හමුදා නායකයන්, බුද්ධිමය සැලසුම්කරුවන් ඉලක්ක කරමින් සිදු කළ ප්‍රහාර මගින් දැක්වෙන්නේ “බුද්ධිමය නායකත්ව විනාශය” ලෙස හැඳින්විය හැකි නව යුධ ක්‍රමයක්ය. මෙය සම්ප්‍රදායික යුධයක් නොවෙයි.
මෙය රාජ්‍යයක පැවැත්ම තීරණය කරන තීරණාත්මක මර්මස්ථාන සහ නායකත්ව විඥානය විනාශ කිරීමේ වැඩපිළිවෙළකි.
මෙම ක්‍රමවේදය යටතේ රාජ්‍යය තුළ සිටින උසස් මට්ටමේ නායකයන්, ආචාර්යවරු, බුද්ධිමතුන්, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්, ආර්ථික විශේෂඥයන් සහ රටක මූලික නීති පද්ධතිය සෘජුවම ඉලක්ක කරයි. මේවා විනාශ වීමෙන් රාජ්‍යය තුළ විශාල නායක හිඟයක්, තීරණ ගැනීමේ අසම්පූර්ණතාවයක් සහ ආරක්ෂක අසමතුලිතතාවයක් මතුවෙයි.
ගාසා ගැටුමෙ දෙවැනි මට්ටමේ දි එය පැහැදිළිය. එය සාම්ප්‍රදායික යුද්ධයක් පමණක්ම නොවේ. එය රටක ජනතාව විනාශ කරමින් මනෝවිද්‍යාත්මක ලෙස රටක ආරක්ෂක සහ ව්‍යුහමය බිඳ දැමීමක් වේ. ජනතාවම විනාශ කර එමගින් විරෝධය අහෝසි කිරීම මේ ක්‍රමවේදයෙහි දෙවැනි අතුරුඵලයයි.
මෙම මට්ටමෙන් ඉන්දියානු සාගරයද දැන් ක්‍රියාත්මක වීමේ ලකුණු පෙන්වයි. අහසෙහි හා සාගරයෙහි සිදුවන ගුවන් අනතුරු, නාවික හමුදා චලනයන්, අභිරහස් නෞකා චලන යන මේවා වහාම අවධානය යොමු කළ යුතු බරපතල කරුණුය.
මෙය ප්‍රකාශ කළ යුධයක් නොවෙයි. මෙය “ප්‍රකාශ නොකළ බහුමුඛී යුධ ක්‍රමවේදය” වේ. රාජ්‍යයන්ට මතුපිටින් පවතින පෙනුමක් තිබුණද, අභ්‍යන්තරයෙන් ජනතාවගෙ මානසිකත්වය, නීතිය, ආණ්ඩු ක්‍රමය, නායකත්වය, ආර්ථිකය සහ සංස්කෘතිය ව්‍යුහාත්මකව විනාශ කරමින් එම රාජ්‍යය පාලනය කළ හැකිය.
ශ්‍රී ලංකාව මේ සියල්ල තුළ දැඩිව සම්බන්ධිතය. ශ්‍රී ලංකාව පිහිටන්නේ ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථානික සංග්‍රාම කලාපය තුළයි.
• ආර්ථිකව දුර්වලවී ඇත.
• විදේශ ණය සහ විදේශ බලපෑම් යටතේ ඇත.
• නීතිමය ස්වෛරීභාවය කඩාවැටී ඇත.
• විදේශ සංස්කෘතික හා න්‍යායමය ආක්‍රමණයන් විහිදී ඇත.
• ආණ්ඩු ක්‍රමය තුළ නායක හිඟය පැවතියි.
මෙවැනි පසුබිමකදී ශ්‍රී ලංකාවට මෙම නව යුධ ක්‍රමයෙහි ගමන තවදුරටත් ඉතා භයානක වේගයකින් පැමිණෙනු ඇත.
ජාතික ආරක්ෂාව දැන් යුධ භූමියක් තුළ පිහිටයි.
• නායකත්ව බුද්ධිය ආරක්ෂා කරන්න.
• නීති පද්ධතිය ස්වෛරීභාවයෙන් රැක ගන්න.
• ආණ්ඩු ක්‍රම ව්‍යුහය සංවර්ධනය කරන්න.
• සංස්කෘතික හා බුද්ධිමය ආක්‍රමණවලට එරෙහිව සටන් කරන්න.
• ආරක්ෂක සහ ආර්ථික ස්වයංපෝෂණය ගොඩනගන්න.
අද ලෝකයෙහි නව යුධය පවතින්නේ විනිවිද දසුනෙන් සඟවාගෙනය. අපි දැන් ඉන්නෙ ඒ සැඟවුණු සිතියමේ අරයේය.
- ජිහාන් හමීඩ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..