News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විවිධ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) අරමුදල් සැපයූ ආකාරය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලද අතර එය වසර ගණනාවක් පුරා “විහිලුවක්” ලෙස සලකනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට “ද්විමය ලිංග භාෂාවෙන්” වැළකී සිටින්නේ කෙසේද යන්න ඉගැන්වීමට වෙන් කර ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා කැඳවා තිබේ.

මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.

අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය. එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ස්වාධීනව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දිය යුතු බව කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.

අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

යුක්රේනයේ නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් වන අභිලාෂය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය රුසියාව පිළිගන්නා බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් දී කී අශිෂ්ඨ වචනයක් පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.