News Category
From Date
To Date
Maximum Number of Result

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තාවේ.

යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා මසකට රුපියල් 56,000ක වැටුපක්, රුපියල් 125,000ක ගමනාගමන දීමනාවක් ඇතුළුව රුපියල් 275,000ක පමණ වැටුප් සහ දීමනා ලබාගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

තම පාර්ශවයට එල්ල කෙරෙන චෝදනා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අතර, සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නිර්දේශය ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට සම්බන්ධ නොවන බව පවසයි.

77 වැනි නිදහස් දිනය සැමරුවද සත්‍ය වශයෙන්ම රට නිදහස් වී ඇත්දැයි යන්න ගැටලුවක් බවත්, රට බංකොලොත් වී ගත් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

USAID, ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකානු නියෝජිත ජූලි චුන්ග්, IREX සහ MEND වැඩසටහන් මගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට “ද්විමය-ලිංගික භාෂාව” වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා ඩොලර් මිලියන 8 ක් වෙන් කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.