News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

Jun 14, 2025 at 11:25 AM
|

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි. ඊශ්‍රායල ප්‍රහාර "නිර්ලජ්ජිත ආක්‍රමණයක්" ලෙස ටෙහෙරානය හෙළා දුටු අතර "ප්‍රති ප්‍රහාර මගින් කුඩු පට්ටම් කරන බවට" ඊශ්‍රායල  ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සපථ කළේය.

මෙම ප්‍රහාර එල්ල වූයේ හෙට(13) ඕමානයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපදය සහ ඉරානය අතර හයවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡාවලට දින කිහිපයකට පෙරය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා මර්මස්ථාන වලට බෝම්බ හෙළයි

ඊයේ(13) අලුයම, ඉරානයේ නටාන්ස් හි යුරේනියම් වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළුව ඉරානය පුරා ඉලක්ක වලට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 200 කින් පමණ පහර දුන්හ. ෆෝඩෝ සහ ඉස්ෆහාන් හි න්‍යෂ්ටික ස්ථානවලට මෙන්ම හමාදාන් සහ ටැබ්‍රිස් නගර අසල හමුදා ගුවන් තොටුපළවලට ද ප්‍රහාර එල්ල වූ බව වාර්තා විය.

එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයාට අනුව, ප්‍රහාරවලින් පුද්ගලයින් 80 ක් පමණ මිය ගොස් 320 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි, ඉරාන සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අභ්‍යවකාශ අංශයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර්-අලි හජිසාදී ඇතුළු ඉහළ හමුදා නායකයින්ගේ මරණ සම්බන්ධයෙන් ටෙහෙරානය තහවුරු කළේය. ප්‍රවීණ න්‍යෂ්ටික විද්‍යාඥයින් කිහිප දෙනෙකු ද ප්‍රහාරයෙන් මිය ගියහ. කෙසේ වුවද නටාන්ස් යුරේනියම් වැඩිදියුනු කිරීමේ මධ්‍යස්ථානයට "මතුපිටින් පමණක් හානි සිදුවිය" යනුවෙන් ඉරානය පැවසීය.

නෙතන්යාහු 'පූර්ව අනතුරු අඟවන' ප්‍රහාරය සාධාරණීකරණය කරයි

ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා "ඔපරේෂන් රයිසින් ලයන්" ලෙස නම් කරන ලද මෙම ප්‍රහාරවල අරමුණ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. "අපි ඉරානයේ න්‍යෂ්ටික අවිකරණ වැඩසටහනේ හදවතට පහර දුන්නා,"අගමැති බෙන්ජමින් ගුවන් ප්‍රහාරවලින් පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලබාගෙන තිබෙන සංවර්ධනීය තත්වය හේතුවෙන් තත්වය "ආපසු හැරවිය නොහැකි ස්ථානයකට ළඟා වී ඇති" බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් පැවසීය. ටෙහෙරානය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ එහි වැඩසටහන සාමකාමී ඉලක්ක පමණක් අනුගමනය කරන බවත් එය න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවත්ය.

ඉරානයෙන් ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාර 

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි මෙම ප්‍රහාර  අසාධාරණ ප්‍රහාර ලෙස හෙළා දුටු අතර ඊශ්‍රායලය සිවිල් වැසියන් ඝාතනය කළ බවටද චෝදනා කළේය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ මෙම ප්‍රහාර "යුද ප්‍රකාශයක් ලෙස සලකන" බවයි.

ඉරාන හමුදාව තම භූමියට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පැය කිහිපයකට පසු ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ අතර, පසුව බැලස්ටික් මිසයිල ප්‍රහාරද එල්ල කරනු ලැබීය. සමහර මිසයිල ඊශ්‍රායල ආරක්ෂක වළලු බිඳ දමා ටෙල් අවිව් වෙත පතිත විය. ඊශ්‍රායල මාධ්‍යවලට අනුව අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇත.

ඊශ්‍රායලය දවස පුරාම  ඉරානයේ විවිධ ස්ථාන වලට තව තවත් ප්‍රහාර එල්ල කළේය.

ට්‍රම්ප්ගෙන් 'විශිෂ්ට' ඊශ්‍රායල මෙහෙයුමට ප්‍රශංසා හිමි වෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායල ප්‍රහාරවලට ඇති ඇමරිකානු සම්බන්ධය ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ සැලසුම් කළ මෙහෙයුම පිළිබඳව තමා දැන සිටි බවත් එම ප්‍රහාර වලින් අත්පත් කරගත් "විශිෂ්ට" ප්‍රතිඵල අගය කළ බවත්ය. ට්‍රම්ප් ඉදිරිපත් කළ "දින 60ක අවසාන නිවේදනය" යටතේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහු ඉරානය විවේචනය කළේය.

රුසියාව ගැටුම් අවම කරන ලෙස ඉල්ලා සිටී

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(13 පස්වරුවේ නෙතන්යාහු සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් කතා කළේය. ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලයේ ප්‍රහාර නීති විරෝධී බව ඔහු හෙළා දුටු අතර ඉරානයේ සිවිල් වැසියන්ගේ මරණ වෙනුවෙන් ශෝකය පළ කළේය.

ක්‍රෙම්ලිනයට අනුව, රුසියාව “ගැටුම උත්සන්නවීම අවම කිරීමට ” උත්සාහ කරන බව පුටින් අවධාරණය කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සමඟ ගොඩ නැගෙන ආතතීන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් විසඳා ගත යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

න්‍යෂ්ටික සාකච්ඡා අනතුරේ

හෙට(15) පැවැත්වීමට නියමිතව තිබූ න්‍යෂ්ඨික අවි හරණය සම්බන්ධයෙන් ඕමානයේ මැදිහත්වීමෙන් එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල හයවන වටයට ඉරානය සහභාගී වීම අත්හිටුවා තිබේ. ට්‍රම්ප් මීට පෙර ටෙහෙරානය සාකච්ඡා “මන්දගාමීව ගමන් කරන” බවට චෝදනා කළ අතර එහි න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විසුරුවා හැරිය යුතු බවටද අවධාරණය කළේය.

ටෙහෙරානය ට්‍රම්ප්ගේ ඉල්ලීම් පිළිගත නොහැකි යැයි ප්‍රතික්ෂේප කළ අතර, සිවිල් අරමුණු සඳහා න්‍යෂ්ටික පර්යේෂණ දිගටම කරගෙන යන බව දැඩිව පැවසූහ.

Unprecedented escalation between Israel and Iran: What we know so far

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.