News Category
From Date
To Date
Maximum Number of Result

2025 දී ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් (LAC) හි ප්‍රගතිශීලී ආණ්ඩු නීති විරෝධී කර, අවතැන් කර, දක්ෂිණාංශික බලවේග විසින් රජයන්ට පහර දීම සඳහා මත්ද්‍රව්‍ය ආශ්‍රිත අර්බුද අල්ලාගෙන , ප්‍රතිගාමී පසුබෑමක් ඇති කරමින් සහ නව, නව ලිබරල් පරිපාලන රජයන් බලයට පත් කර ඇත.

මේ වන විට මොඩියුලවල විවිධ කොටස් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා.

වෙනිසියුලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාපරාධී මැදිහත්වීමට එරෙහිව පැහැදිලිම ශක්තිමත්ම සහ නිවැරදිම වචන යොදා ගනිමින් මෙම ප්‍රකාශය කරන්නේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගෙනි. ඔහු ලංකාවේ අනුර දිසානායක ජයග්‍රහණයද සුබ වාදීව විග්‍රහ කල ඇමෙරිකන් ට්‍රම්ප් නියෝජනය කරන රිපුබ්ලිකන් පක්ෂයට වඩා වෙනස් අදහස් දරන්නෙකු ලෙස ප්‍රසිද්ධය. ඇමෙරිකාවේ වාමාංශික අදහස් ඇති නායකයන්ගේ අවසන් කණ්ඩායමේ ප්‍රබලයෙකි.

මේ තියෙන්නෙ තොරතුරු තාක්ශණ පොතේ ජෙනරාල් තුමියගෙ පනිවිඩය..

මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට එරෙහිව ආරම්භයේදීම සටන් කළේ සුළු පිරිසක් පමණයි.

වෙනිසියුලාවට එල්ල වූ එක්සත් ජනපද සාපරාධී ප්‍රහාර සහ ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක, උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස්, වොෂින්ටනයේ හමුදා මෙහෙයුම පාලන තන්ත්‍ර වෙනසක් සහ වෙනිසියුලාවේ ස්වාභාවික සම්පත් පාලනය කිරීමට උත්සාහ කරන බව නැවත අවධාරණය කළේය. වෙනිසියුලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ජනාධිපති අනුප්‍රාප්තික රේඛාවට අනුව, ජනාධිපති මධුරෝ නොමැති විට රොඩ්‍රිගස් ජාතියේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නව ප්‍රවේශයකින් ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNEPA) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආදී ජාත්‍යන්තර සංවිධාන එකතුවක් මගින් එම නව ප්‍රවේශය සාධාරනීකරණය කිරීම සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා ලේඛන රාශියක් නිකුත් කර ඇත. ඒ අතුරින් ප්‍රධාන වන්නේ පිටු 139කින් සමන්විත "ලිංගික අධ්‍යාපනය ບໍ່ ວາລະຫົດ ໑໑ ວົ າ (International Technical Guidance on Sexuality Education) අත් පොතයි.

පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණය ආණ්ඩුව හකුලාගෙන තිබුනද, එක කාලච්ඡේදයක කාලය විනාඩි 40 සිට 45ට වැඩි කිරීමෙන් දවසක කාලච්ඡේද ගණන 7ක් බවට පත්කර ඇති බවත්, එමගින් සතියක දී කාලච්ඡේද 5ක් අඩුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩමහතා සිට මුහුණු පොතේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.