News Category
From Date
To Date
Maximum Number of Result

ලිංගික අධ්‍යාපනය නමින් දරුවන්ට කුණුහරුප ඉගැන්වීම: රහසිගත ජාත්‍යන්තර මෙහෙයුම

Jan 3, 2026 at 09:14 AM
|

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නව ප්‍රවේශයකින් ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNEPA) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආදී ජාත්‍යන්තර සංවිධාන එකතුවක් මගින් එම නව ප්‍රවේශය සාධාරනීකරණය කිරීම සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා ලේඛන රාශියක් නිකුත් කර ඇත. ඒ අතුරින් ප්‍රධාන වන්නේ පිටු 139කින් සමන්විත "ලිංගික අධ්‍යාපනය ບໍ່ ວາລະຫົດ ໑໑ ວົ າ (International Technical Guidance on Sexuality Education) අත් පොතයි.

එම අත් පොත මගින් 2030 දී ලෝකයේ රටවල් වල ලිංගිකත්වයට අදාළ අධ්‍යාපනය කෙසේ විය යුතු දැයි නිරදේශ ලබාදී ඇත. ජාත්‍යන්තර උපදේශකයින් කිහිප දෙනෙකු විසින් සකස් කර ඇති එම ලේඛනයේ ප්‍රකාශිතමූලික අරමුණ එඩ්ස් (HIV/AIDS) රෝගය හා ලිංගාශ්‍රිත රෝග ප්‍රචලිත වීම වැළැක්වීම මෙන්ම බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම් වැලැක්වීම සහ ලිංගික දිශානතිය මත ඇතිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ය.

මෙම ලේඛනය. අදාල අරමුණු ඉටු කර ගැනීම මුල් කර ගෙන පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ 2009 දී, බටහිර මතවාද අනුව බලහත්කාරයෙන් තොරව ආරක්ෂිතව සහ දැනුම්වත්ව ලිංගික ක්‍රියාවල යෙදීම දිරිගැන්වීම මගින් එඩ්ස් සහ සමාජ රෝග ප්‍රචලිත වීම වැළැක්විය හැකි බවට මතයක් ගොඩ නැගීම සඳහා ය. ඊට අදාළව දැනුම සහ කුසලතාවය දරුවන්ට ලබාදීම එම ක්‍රියාවලියේ මූලික අරමුණ බව සඳහන් විය. ඒ අනුව ඊට අදාළ ලිංගිකත්ව අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද සඳහා උපාංග පොදු වැසිකිලි තුළදී ලබාගත හැකි ආකාරයට ලබාදීම ආදී ක්‍රියාමාර්ග මේ වන විට වසර 15කට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇත. නමුත් එම ක්‍රියාමාර්ග මගින් බටහිර රටවල් වල එඩ්ස් සහ සමාජ රෝග පාලනය කිරීම වෙනුවට තවදුරටත් වර්ධනය කෙරෙමින් තිබෙන බවට පැහැදිලි සාක්ෂි ඇත. ඊට අමතරව ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තිමය පදනමක් සහිත සංස්කෘතීන් තුළ එනම් ලිංගික ආශාවන් සහ හැඟීම් පාලනය කිරීම සඳහා දැනුම කුසලතාවය සහ ආචාර ධර්ම දිරිගැත්වෙන අධ්‍යාපන පද්ධතීන් සහිත රටවල් ලිංගාශ්‍රිත රෝග පාලනයට අදාළව බටහිර රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවද ඉතා පැහැදිලි වී ඔප්පු වී ඇත. ඒ අනුව තම රටවල අසාර්ථක වූ උපාය මාර්ගික ප්‍රවේශයක් නව සංශෝධන සහිතව අප වැනි රටවල් මත පැටවීමට උත්සාහ කරන්නේ කුමක් නිසාද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ.

මෙම නව සංශෝධන වලින් විශේෂයෙන්ම ලිංගික දිශානතිය එනම් පිරිමි සහ ගැහැණු යන ස්වාභාවික ලිංගික බෙදීමට වඩා වෙනස් ලිංගික හැසිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. එවැනි දරුවන් සමාජයෙන් පිටමත් කිරීම වැළැක්වීම, ඔවුන්ට සමානව සැලකීම, ඔවුන් පොදු සමාජයේ කොටසක් ලෙස පිළිගැනීම සහ ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ආදී මතු පිටින් යහපත් බව පෙනෙන අතුරු අරමුණු ඉටු කර ගැනීම මෙම මාර්ගෝපදේශකයන්ගේ මූලික අරමුණක් ලෙස දැක්වේ. නමුත් ඊට අදාළ ඊනියා අධ්‍යාපන ක්‍රියාවලිය මගින් සමලිංගික හැසිරීම් දරුවන් අතර ප්‍රචලිත කිරීම කතෘවරුන්ගේ සැගවුණු මුලික අරමුණක් බව ලේඛනය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ. එහිදී ලිංගික අධ්‍යාපනය වෙනුවට Sexuality හෙවත් ලිංගිකත්ව අධ්‍යාපනය යනුවෙන් නව අර්ථ කථනයක් යොදාගනු ලබන්නේ ලිංගික දිශානතිය නැමති සංකල්පය හෙවත් LQBTQIA යනුවෙන් හඳුන්වන සමලිංගික හා සංක්‍රාන්තික ලිංගික චර්යාවන් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ යටි අරමුණ සහිතව බව ඉතා පැහැදිළිය. ඒ අනුව ඇලෙක්සැන්ඩර් ඩ්‍රගින් වැනි දාර්ශනිකයන් සදහන් කරන ආකාරයට සමාජයක් සංස්කෘතික වශයෙන් බිඳ වැට්ටවීම සඳහා යොදා ගන්නා අවසාන උපක්‍රමය ලෙස සැළකෙන සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම මෙම නව ලිංගික අධ්‍යාපන තාණික මාර්ගෝපදේශ වල මූලික අරමුණ බව පිළිගැනීමට සිදු වේ.

එම මාර්ගෝපදේශ මගින් මූලික වශයෙන් ලිංගික අධ්‍යාපනය ලෙස මෙතෙක් විෂය මාලාවල අඩංගු වූ ජීව විද්‍යාව සහ ලිංගික සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ විෂය කරුණු වලට වඩා ලිංගික අනන්‍යතාවය සහ ලිංගික හැසිරීම් හැඩ ගැසීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ මඟින් ළමුන්ට කුඩා කළ සිටම ලිංගික හැඟීමි, ලිංගික දිශානතිය හෙවත් ස්වාභාවික ලිංගික හැසිරීම් වලට වඩා වෙනස් ලිංගික හැසිරීම් පිළිබඳව පමණක් නොව ලිංගික අයිතිවාසිකම් පිළිබඳව දැනුම සහ කුසලතාවය ලබාදීම සඳහා විශාල අවධානයක් යොමු

කර ඇත. එම ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සභ්‍යත්වයට මෙන්ම හික්මීම, හැගීම් පාලනය කර ගැනීම සහ සමාජ ආචාර ධර්ම වලට ගරු කිරීම මුල්කරගත් ඓතිහාසික අධ්‍යාපන පද්ධතියට පටහැනි වේ. උදාහරණයක් ලෙස (71 පිටුව) මෙම මාර්ගෝපදේශයේ එක් ඉගැනුම් අරණුක් මෙසේ දැක්විය හැක. "ළමුන් සහ තරුණ තරුණියන් තම හැඟීම්, හැගීම් පිළිබඳ, හැගීම් අත්විදීම සහ ලිංගික සතුට විඳීමට අදාළ හැසිරීම් ගවේශණය කිරීමට උනන්දු කළ යුතුය. ඊට අමතරව එම විෂය කරුණු මඟින් ඉතා පැහැදිලිව ජීව විද්‍යාව සහ පුද්ගල සෞඛ්‍ය පිළිබඳ දැනුම ඉක්මවා යන අතර දරුවන් වැඩිවියට පැමිණීමට පෙර සිටම ලිංගිකත්වය පිළිබඳව අයිතිවාසිකම් මත පදනම් වූ දැක්මක් බවත්, ඒ අනුව ජීව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අයිතිවාසිකමක් ඇති බවත් ප්‍රචලිත කෙරේ. ඒ අනුව දරුවන්ට තමා වැරදි ශරීරයක සහිතව ඉපදී ඇති බව සහ ඊට වෙනස් ලිංගික දිශානතියක් තමාට තිබිය හැකි බව මෙන්ම තමා ඊට අනුව සමාජය තුළ හැසිරීම අයිතිවාසිකමක් ලෙස සමාජය පිළිගත යුතු බවට මනෝභාවයක් දරුවන් තුළ ප්‍රචලිත කිරීම එම ක්‍රියාවලියේ යටි අරමුණක් බව පැහැදිලි වේ.

එම පිළිගැනීම අනුව මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන පද්ධතිය තුළ 2010 දී විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබීය. එම ක්‍රියාවලිය තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බාහිර ආයතන පාර්ශව කරුවන් ලෙස සැළකුණද දෙමාපියන්ගේ දැනුම්වත් භාවය සහ සහභාගිත්වය නොසලකා හරිනු ලැබීය. ඒ අනුව දරුවන්ගේ හැසිරීම් වල වෙනස්කම් ගිරීක්ෂණය කළ යම් දෙමාපියන් තම දරුවන්ට උගන්වන්නේ මොනවාදැයි දැන ගැනීම තමාගේ අයිතියක් බව බලධාරීන් පිළිගත යුතු බවට විරෝධතා එල්ල කරනු ලැබීය. අවසානයේදී වසර 10 කට පසුව 2022 දී ඊට අදාළව විමර්ශනයක් සිදුකිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කළ අතර එම ඊනියා ලිංගික අධ්‍යාපනය මගින් දරුවන් ලක්ෂ 5කට අධික පිරිසක් මානසික පීඩනයට ලක් වූ බව සහ දරුවන් 30,000 තම ස්වාභාවික ලිංගිකත්වය වෙනස් කර ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර වලට යොමු වීම නිසා බරපතළ සෞඛ්‍ය අර්බුදයකට ගොදුරු වූ බව ඔප්පු විය.

ශ්‍රී ලංකාවේදී මීට පෙර 2018 දී හතේ අපේ පොත නමින් 7 වැනි පන්තියේ දරුවන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා බව පවසමින් අමතර අනිවාර්ය කියවීමේ ග්‍රන්ථයක් හඳුන්වා දෙනු ලැබීය. නමුත් ජීව විද්‍යාත්මකව ලිංගික අධ්‍යාපනය ලබාදීමට වඩා දරුවන්ට කුණුහරප ඉගැත් වීමට සහ ඒවා අත්හදා බැලීම දිරිගැන්වීමට ' එම ග්‍රන්ථය යොදා ගන්නා බවට මහා සංඝ රත්නය ප්‍රමුඛ විද්වතුන්ගෙන් එල්ල වූ විරෝධතා නිසා ඒ වන විට මුද්‍රණය කර තිබූ පොත ලක්ෂ ගණනක් බෙදා හැරීම නවත්වා ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු විය. කෙසේ වෙතත් එම අමතර කියවීමේ ග්‍රන්ථය තුළින් LGBTQIA ලෙස හැඳින්වෙන සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික හැසිරීම් ප්‍රචලිත කිරීමේ ප්‍රබල උවමනාවක් දක්නට නොලැබුණි.

නමුත් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ආරම්භ කරන ක්‍රියාවලිය තුළ සමලිංගික හැසිරීම ප්‍රචලිත කිරීමේ ප්‍රබල අරමුණක් තිබෙන බව ඇයගේ ප්‍රකාශ වලින් මෙන්ම විෂය මාලා සහ විෂය නිර්දේශ පිළිබඳව පළ කෙරෙන විවිධ අදහස් අනුව පිළිබිඹුවේ. මේ වනතුරු එම විෂය නිර්දේශය පිළිබඳව හෝ ඊට පසුබිම වන මූලික ප්‍රතිපත්තිමය පදනමට අදාළව විස්තීරණ ලේඛනයක් නිල වශයෙන් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ අධ්‍යාපන සහ වෛද්‍ය වෘත්තික සංවිධාන වෙත ඉදිරිපත් කර නැත. එම නිසා එය හුදු අග්‍රාමාත්‍යවරියගේ පුද්ගලික අදහස් සහ උවමනාවන් මත දිරිගැන්වෙත ක්‍රියාවලියක් බවට මහජනයාගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වේ. ඊට අමතරව ඇය විසින් සමාජ ජාලා වලට මුදා හැර තිබූ ඇයගේ කාර්ය සහායිකාවක් සමග ගනු ලැබූ ඡායාරූපයක ශරීර භාෂාව අනුව ඇයගේ ලිංගික දිශානතිය පිළිබිඹු වන බවට සහ ඇය තම පුද්ගලික චර්යාවන් සමාජය මත පැටවීමට උත්සාහ කරන බවට ද සමාජයෙන් චෝදනා එල්ල වේ.

එපමණක් නොව ඇයගේ මග පෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් අමාවිය සංවර්ධන සහ ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් ශ්‍රී ලංකා මුල් ළමාවිය අධ්‍යාපනයට අදාළව ජාතික විෂය මාලා රාමුවක් එළි දක්වා ඇත. ඒ පිළිබඳවද කිසිදු සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැත. එම ලියවිල්ල සකස් කිරීම සඳහා දායකත්වය සපයන්නේ ඉහත සඳහන් කළ ලිංගික අධ්‍යාපනයට අදාළව ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය සකස් කිරීමට දායක වූ ජාත්‍යන්තර සංවිධාන බව සඳහන් වේ. ඒ අනුව අවසන් අරමුණට ආරම්භයක් ගැනීම මුල් ළමාවිය අධ්‍යාපනයෙන් ආරම්භ වන බවට සැකයක් නැත. ඊට අමතරව මෙම අධ්‍යාපන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ද පාර්ශව කරුවන් ලෙස සම්බන්ධ කරගත යුතු බවට අදාළ ලේඛනය දක්වා ඇත.

ඒ අනුව එම ක්‍රියාවලිය ජාත්‍යන්තර සංවිධාන වල අරමුදල් මගින් පාලනය වන ක්‍රියාවලියක් බවට පත්වීම වැළැක්විය නොහැක. විශේෂයෙන්ම ඇමෙරිකානු ජාත්‍යන්තර ආධාර සංවිධානය විසින් සමලිංගික අයිතිවාසිකම් නාමයෙන් එම චර්යාවන් ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වලට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණන් ලබාදීම සහ ගරු අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට පෙර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධාන තනතුරු හෙබවීම යන සාධකය සැලකිල්ලට ගැනීමේදී පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලා සකස් කිරීමට අදාළව රාජ්‍ය නොවන සංවිධාන වල භූමිකාව සැකයට භාජනය වීම වැළැක්විය නොහැක. එම ලේඛනය තුළ සැකයට භාජනය වන විශේෂ තත්ත්වයක් ද ඇත. එනම් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රචලිත කරන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික මූල ධර්මයක් ලෙස හුවා දක්වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය එනම් ගුරුවරයාගේ ඓතිහාසික භූමිකාව අහෝසි කිරීමේ ක්‍රියාවලියට වඩා වෙනස් ප්‍රවේශයක් එම ලේඛනය මගින් දැක ගත හැක. ඒ අනුව දරුවන් මත මානසික බලපෑම් ඇති කිරීමට අදාළව ගුරුවරයාගේ භූමිකාවට ඉතා ඉහළ වැදගත්කමක් ලබා දී ඇත.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන වලට තම මූල්‍ය බලය භාවිතා කරමින් ගුරුවරුන් පුහුණු කිරීමේ නාමයෙන් ඔවුන්ගේ මොළය සේදීමට හෙවත් ඔවුන්ට මානසික බලපෑම් එල්ල කිරීමට ප්‍රබල අවකාශයක් නිර්මාණය වේ. ඊට අමතරව එම ගුරුවරුන් පුහුණු කිරීමේ නාමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ අංශවල උපදෙස් අනුව කටයුතු කරන තත්ත්වයක් ද අදාළ ලියවිල්ල මගින් නිර්මාණය කරර ඇත.එම ප්‍රතිපාදනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කිරීමට සිදුවන්ගේ පාසල්වල විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව මඟ පෙන්වීමේ භූමිකාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් භාර ගැනීම නිසාය. එම කාර්යාංශය විසින් 2025.10.10 දින නිකුත් කළ චක්‍රලේඛනයකට අනුව ඒ සඳහා දායකත්වය ලබාදෙන ප්‍රධාන පාර්ශ්ව කරුවෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලය (UNFPA) එම සංවිධානය ඉහත සඳහන් කළ ලිංගික අධ්‍යාපනයට අදාළව ජාත්‍යන්තර තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙන රිනියා විද්වත් ලේඛනය සකස් කිරීමට දායක වූ ප්‍රධානතම ආයතනයකි. ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් දියත් කරන ශ්‍රී ලංකාවේ විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහන් හෙවත් CSE වැඩසටහන පදනම් වන්නේ ඉහත සඳහන් කළ මාර්ගෝපදේශ වලට අනුව බව ඉතා පැහැදිලිය.

ඒ අනුව 6 වැනි පංතියේ සිට ආරම්භ කිරීමට නියමිත බටහිර රටවල් විසින් නිර්දේශිත ඉහත සඳහන් කළ ඊගියා ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂයෙන්ම පුහුණු කරුවන් පුහුණු කිරීමේ වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයට ය. එම ආයතනය විසින් සමාජ මාධ්‍ය මගින් අදාළ ක්‍රියාවලිය ප්‍රචලිත කිරීම සඳහා ගුරුවරුන් සඳහා අධ්‍යාපන ලේඛන සකස් කිරීමේ වගකීමද පවරා ගෙන ඇත. ඒ සඳහා එම ආයතනයට විශේෂඥතාවක් තිබෙනවාද යන්න සැක සහිතය. නමුත් ඊට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ලබා ගත් හා බව ප්‍රකාශ කළ හැක. එසේ වුවත් ඒවා සකස් කරනු ලබන්නේ ඉහතසදහන් කළ කළ රාජ්‍ය නොවන සංවිධනවල උවමනාව මත සමාජය බිඳවැටීමේ ක්‍රියාවලිය මුල් කරගෙන සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා උපදෙස් ලබා දෙන බාහිර විද්වතුන් විසින් බවට කිසිදු සැකයක් නැත.

ඒ ආකාරයට බටහිර මතවාද අනුව ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සකස් කළ මාර්ගෝපදේශ අනුව එනම් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම මුල් කරගත් ලිංගික අධ්‍යාපන ක්‍රියාවලියකට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ එක්තරා ප්‍රධානියකු සම්බන්ධ වීම පිළිබඳව වෛද්‍යවරුන් අතර යම් කතිකාවක් ආරම්භ වී ඇත. අගමැති තුමියගේ ලිංගික දිශානතිය පිළිබඳව සමාජයේ සිදුවන කතිකාවට සමාන කතිකාවක් අදාළ සෞඛ්‍ය ප්‍රධානියා පිළිබඳව ද වෛද්‍යවරුන් අතර සිදුවන බව අසන්නට ලැබේ. ඊට හේතුව එම පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස සීමා වාසික පුහුණුව ලබන කාලයේදී ඔහුගේ පිරිමි ලිංගික සහකරු විසින් සිදුකළ ලිංගික ක්‍රියාවක් නිසා ඔහුගේ අධෝ මාර්ගයට තුවාල සිදුවීමය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම්,

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.