News Category
From Date
To Date
Maximum Number of Result

ලිංගික අධ්‍යාපනය නමින් දරුවන්ට කුණුහරුප ඉගැන්වීම: රහසිගත ජාත්‍යන්තර මෙහෙයුම

Jan 3, 2026 at 09:14 AM
|

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නව ප්‍රවේශයකින් ලිංගික අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNEPA) එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආදී ජාත්‍යන්තර සංවිධාන එකතුවක් මගින් එම නව ප්‍රවේශය සාධාරනීකරණය කිරීම සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා ලේඛන රාශියක් නිකුත් කර ඇත. ඒ අතුරින් ප්‍රධාන වන්නේ පිටු 139කින් සමන්විත "ලිංගික අධ්‍යාපනය ບໍ່ ວາລະຫົດ ໑໑ ວົ າ (International Technical Guidance on Sexuality Education) අත් පොතයි.

එම අත් පොත මගින් 2030 දී ලෝකයේ රටවල් වල ලිංගිකත්වයට අදාළ අධ්‍යාපනය කෙසේ විය යුතු දැයි නිරදේශ ලබාදී ඇත. ජාත්‍යන්තර උපදේශකයින් කිහිප දෙනෙකු විසින් සකස් කර ඇති එම ලේඛනයේ ප්‍රකාශිතමූලික අරමුණ එඩ්ස් (HIV/AIDS) රෝගය හා ලිංගාශ්‍රිත රෝග ප්‍රචලිත වීම වැළැක්වීම මෙන්ම බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම් වැලැක්වීම සහ ලිංගික දිශානතිය මත ඇතිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ය.

මෙම ලේඛනය. අදාල අරමුණු ඉටු කර ගැනීම මුල් කර ගෙන පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ 2009 දී, බටහිර මතවාද අනුව බලහත්කාරයෙන් තොරව ආරක්ෂිතව සහ දැනුම්වත්ව ලිංගික ක්‍රියාවල යෙදීම දිරිගැන්වීම මගින් එඩ්ස් සහ සමාජ රෝග ප්‍රචලිත වීම වැළැක්විය හැකි බවට මතයක් ගොඩ නැගීම සඳහා ය. ඊට අදාළව දැනුම සහ කුසලතාවය දරුවන්ට ලබාදීම එම ක්‍රියාවලියේ මූලික අරමුණ බව සඳහන් විය. ඒ අනුව ඊට අදාළ ලිංගිකත්ව අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද සඳහා උපාංග පොදු වැසිකිලි තුළදී ලබාගත හැකි ආකාරයට ලබාදීම ආදී ක්‍රියාමාර්ග මේ වන විට වසර 15කට වැඩි කාලයක් ක්‍රියාත්මක වී ඇත. නමුත් එම ක්‍රියාමාර්ග මගින් බටහිර රටවල් වල එඩ්ස් සහ සමාජ රෝග පාලනය කිරීම වෙනුවට තවදුරටත් වර්ධනය කෙරෙමින් තිබෙන බවට පැහැදිලි සාක්ෂි ඇත. ඊට අමතරව ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තිමය පදනමක් සහිත සංස්කෘතීන් තුළ එනම් ලිංගික ආශාවන් සහ හැඟීම් පාලනය කිරීම සඳහා දැනුම කුසලතාවය සහ ආචාර ධර්ම දිරිගැත්වෙන අධ්‍යාපන පද්ධතීන් සහිත රටවල් ලිංගාශ්‍රිත රෝග පාලනයට අදාළව බටහිර රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවද ඉතා පැහැදිලි වී ඔප්පු වී ඇත. ඒ අනුව තම රටවල අසාර්ථක වූ උපාය මාර්ගික ප්‍රවේශයක් නව සංශෝධන සහිතව අප වැනි රටවල් මත පැටවීමට උත්සාහ කරන්නේ කුමක් නිසාද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ.

මෙම නව සංශෝධන වලින් විශේෂයෙන්ම ලිංගික දිශානතිය එනම් පිරිමි සහ ගැහැණු යන ස්වාභාවික ලිංගික බෙදීමට වඩා වෙනස් ලිංගික හැසිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. එවැනි දරුවන් සමාජයෙන් පිටමත් කිරීම වැළැක්වීම, ඔවුන්ට සමානව සැලකීම, ඔවුන් පොදු සමාජයේ කොටසක් ලෙස පිළිගැනීම සහ ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ආදී මතු පිටින් යහපත් බව පෙනෙන අතුරු අරමුණු ඉටු කර ගැනීම මෙම මාර්ගෝපදේශකයන්ගේ මූලික අරමුණක් ලෙස දැක්වේ. නමුත් ඊට අදාළ ඊනියා අධ්‍යාපන ක්‍රියාවලිය මගින් සමලිංගික හැසිරීම් දරුවන් අතර ප්‍රචලිත කිරීම කතෘවරුන්ගේ සැගවුණු මුලික අරමුණක් බව ලේඛනය ගැඹුරින් අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ. එහිදී ලිංගික අධ්‍යාපනය වෙනුවට Sexuality හෙවත් ලිංගිකත්ව අධ්‍යාපනය යනුවෙන් නව අර්ථ කථනයක් යොදාගනු ලබන්නේ ලිංගික දිශානතිය නැමති සංකල්පය හෙවත් LQBTQIA යනුවෙන් හඳුන්වන සමලිංගික හා සංක්‍රාන්තික ලිංගික චර්යාවන් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ යටි අරමුණ සහිතව බව ඉතා පැහැදිළිය. ඒ අනුව ඇලෙක්සැන්ඩර් ඩ්‍රගින් වැනි දාර්ශනිකයන් සදහන් කරන ආකාරයට සමාජයක් සංස්කෘතික වශයෙන් බිඳ වැට්ටවීම සඳහා යොදා ගන්නා අවසාන උපක්‍රමය ලෙස සැළකෙන සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම මෙම නව ලිංගික අධ්‍යාපන තාණික මාර්ගෝපදේශ වල මූලික අරමුණ බව පිළිගැනීමට සිදු වේ.

එම මාර්ගෝපදේශ මගින් මූලික වශයෙන් ලිංගික අධ්‍යාපනය ලෙස මෙතෙක් විෂය මාලාවල අඩංගු වූ ජීව විද්‍යාව සහ ලිංගික සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ විෂය කරුණු වලට වඩා ලිංගික අනන්‍යතාවය සහ ලිංගික හැසිරීම් හැඩ ගැසීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ මඟින් ළමුන්ට කුඩා කළ සිටම ලිංගික හැඟීමි, ලිංගික දිශානතිය හෙවත් ස්වාභාවික ලිංගික හැසිරීම් වලට වඩා වෙනස් ලිංගික හැසිරීම් පිළිබඳව පමණක් නොව ලිංගික අයිතිවාසිකම් පිළිබඳව දැනුම සහ කුසලතාවය ලබාදීම සඳහා විශාල අවධානයක් යොමු

කර ඇත. එම ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සභ්‍යත්වයට මෙන්ම හික්මීම, හැගීම් පාලනය කර ගැනීම සහ සමාජ ආචාර ධර්ම වලට ගරු කිරීම මුල්කරගත් ඓතිහාසික අධ්‍යාපන පද්ධතියට පටහැනි වේ. උදාහරණයක් ලෙස (71 පිටුව) මෙම මාර්ගෝපදේශයේ එක් ඉගැනුම් අරණුක් මෙසේ දැක්විය හැක. "ළමුන් සහ තරුණ තරුණියන් තම හැඟීම්, හැගීම් පිළිබඳ, හැගීම් අත්විදීම සහ ලිංගික සතුට විඳීමට අදාළ හැසිරීම් ගවේශණය කිරීමට උනන්දු කළ යුතුය. ඊට අමතරව එම විෂය කරුණු මඟින් ඉතා පැහැදිලිව ජීව විද්‍යාව සහ පුද්ගල සෞඛ්‍ය පිළිබඳ දැනුම ඉක්මවා යන අතර දරුවන් වැඩිවියට පැමිණීමට පෙර සිටම ලිංගිකත්වය පිළිබඳව අයිතිවාසිකම් මත පදනම් වූ දැක්මක් බවත්, ඒ අනුව ජීව විද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අයිතිවාසිකමක් ඇති බවත් ප්‍රචලිත කෙරේ. ඒ අනුව දරුවන්ට තමා වැරදි ශරීරයක සහිතව ඉපදී ඇති බව සහ ඊට වෙනස් ලිංගික දිශානතියක් තමාට තිබිය හැකි බව මෙන්ම තමා ඊට අනුව සමාජය තුළ හැසිරීම අයිතිවාසිකමක් ලෙස සමාජය පිළිගත යුතු බවට මනෝභාවයක් දරුවන් තුළ ප්‍රචලිත කිරීම එම ක්‍රියාවලියේ යටි අරමුණක් බව පැහැදිලි වේ.

එම පිළිගැනීම අනුව මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන පද්ධතිය තුළ 2010 දී විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබීය. එම ක්‍රියාවලිය තුළ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු බාහිර ආයතන පාර්ශව කරුවන් ලෙස සැළකුණද දෙමාපියන්ගේ දැනුම්වත් භාවය සහ සහභාගිත්වය නොසලකා හරිනු ලැබීය. ඒ අනුව දරුවන්ගේ හැසිරීම් වල වෙනස්කම් ගිරීක්ෂණය කළ යම් දෙමාපියන් තම දරුවන්ට උගන්වන්නේ මොනවාදැයි දැන ගැනීම තමාගේ අයිතියක් බව බලධාරීන් පිළිගත යුතු බවට විරෝධතා එල්ල කරනු ලැබීය. අවසානයේදී වසර 10 කට පසුව 2022 දී ඊට අදාළව විමර්ශනයක් සිදුකිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කළ අතර එම ඊනියා ලිංගික අධ්‍යාපනය මගින් දරුවන් ලක්ෂ 5කට අධික පිරිසක් මානසික පීඩනයට ලක් වූ බව සහ දරුවන් 30,000 තම ස්වාභාවික ලිංගිකත්වය වෙනස් කර ගැනීම සඳහා විවිධ ප්‍රතිකාර වලට යොමු වීම නිසා බරපතළ සෞඛ්‍ය අර්බුදයකට ගොදුරු වූ බව ඔප්පු විය.

ශ්‍රී ලංකාවේදී මීට පෙර 2018 දී හතේ අපේ පොත නමින් 7 වැනි පන්තියේ දරුවන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා බව පවසමින් අමතර අනිවාර්ය කියවීමේ ග්‍රන්ථයක් හඳුන්වා දෙනු ලැබීය. නමුත් ජීව විද්‍යාත්මකව ලිංගික අධ්‍යාපනය ලබාදීමට වඩා දරුවන්ට කුණුහරප ඉගැත් වීමට සහ ඒවා අත්හදා බැලීම දිරිගැන්වීමට ' එම ග්‍රන්ථය යොදා ගන්නා බවට මහා සංඝ රත්නය ප්‍රමුඛ විද්වතුන්ගෙන් එල්ල වූ විරෝධතා නිසා ඒ වන විට මුද්‍රණය කර තිබූ පොත ලක්ෂ ගණනක් බෙදා හැරීම නවත්වා ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු විය. කෙසේ වෙතත් එම අමතර කියවීමේ ග්‍රන්ථය තුළින් LGBTQIA ලෙස හැඳින්වෙන සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික හැසිරීම් ප්‍රචලිත කිරීමේ ප්‍රබල උවමනාවක් දක්නට නොලැබුණි.

නමුත් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ආරම්භ කරන ක්‍රියාවලිය තුළ සමලිංගික හැසිරීම ප්‍රචලිත කිරීමේ ප්‍රබල අරමුණක් තිබෙන බව ඇයගේ ප්‍රකාශ වලින් මෙන්ම විෂය මාලා සහ විෂය නිර්දේශ පිළිබඳව පළ කෙරෙන විවිධ අදහස් අනුව පිළිබිඹුවේ. මේ වනතුරු එම විෂය නිර්දේශය පිළිබඳව හෝ ඊට පසුබිම වන මූලික ප්‍රතිපත්තිමය පදනමට අදාළව විස්තීරණ ලේඛනයක් නිල වශයෙන් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ අධ්‍යාපන සහ වෛද්‍ය වෘත්තික සංවිධාන වෙත ඉදිරිපත් කර නැත. එම නිසා එය හුදු අග්‍රාමාත්‍යවරියගේ පුද්ගලික අදහස් සහ උවමනාවන් මත දිරිගැන්වෙත ක්‍රියාවලියක් බවට මහජනයාගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වේ. ඊට අමතරව ඇය විසින් සමාජ ජාලා වලට මුදා හැර තිබූ ඇයගේ කාර්ය සහායිකාවක් සමග ගනු ලැබූ ඡායාරූපයක ශරීර භාෂාව අනුව ඇයගේ ලිංගික දිශානතිය පිළිබිඹු වන බවට සහ ඇය තම පුද්ගලික චර්යාවන් සමාජය මත පැටවීමට උත්සාහ කරන බවට ද සමාජයෙන් චෝදනා එල්ල වේ.

එපමණක් නොව ඇයගේ මග පෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් අමාවිය සංවර්ධන සහ ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් ශ්‍රී ලංකා මුල් ළමාවිය අධ්‍යාපනයට අදාළව ජාතික විෂය මාලා රාමුවක් එළි දක්වා ඇත. ඒ පිළිබඳවද කිසිදු සමාජ කතිකාවක් නිර්මාණය වූයේ නැත. එම ලියවිල්ල සකස් කිරීම සඳහා දායකත්වය සපයන්නේ ඉහත සඳහන් කළ ලිංගික අධ්‍යාපනයට අදාළව ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය සකස් කිරීමට දායක වූ ජාත්‍යන්තර සංවිධාන බව සඳහන් වේ. ඒ අනුව අවසන් අරමුණට ආරම්භයක් ගැනීම මුල් ළමාවිය අධ්‍යාපනයෙන් ආරම්භ වන බවට සැකයක් නැත. ඊට අමතරව මෙම අධ්‍යාපන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ද පාර්ශව කරුවන් ලෙස සම්බන්ධ කරගත යුතු බවට අදාළ ලේඛනය දක්වා ඇත.

ඒ අනුව එම ක්‍රියාවලිය ජාත්‍යන්තර සංවිධාන වල අරමුදල් මගින් පාලනය වන ක්‍රියාවලියක් බවට පත්වීම වැළැක්විය නොහැක. විශේෂයෙන්ම ඇමෙරිකානු ජාත්‍යන්තර ආධාර සංවිධානය විසින් සමලිංගික අයිතිවාසිකම් නාමයෙන් එම චර්යාවන් ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වලට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණන් ලබාදීම සහ ගරු අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට පෙර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධාන තනතුරු හෙබවීම යන සාධකය සැලකිල්ලට ගැනීමේදී පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලා සකස් කිරීමට අදාළව රාජ්‍ය නොවන සංවිධාන වල භූමිකාව සැකයට භාජනය වීම වැළැක්විය නොහැක. එම ලේඛනය තුළ සැකයට භාජනය වන විශේෂ තත්ත්වයක් ද ඇත. එනම් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රචලිත කරන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලික මූල ධර්මයක් ලෙස හුවා දක්වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය එනම් ගුරුවරයාගේ ඓතිහාසික භූමිකාව අහෝසි කිරීමේ ක්‍රියාවලියට වඩා වෙනස් ප්‍රවේශයක් එම ලේඛනය මගින් දැක ගත හැක. ඒ අනුව දරුවන් මත මානසික බලපෑම් ඇති කිරීමට අදාළව ගුරුවරයාගේ භූමිකාවට ඉතා ඉහළ වැදගත්කමක් ලබා දී ඇත.

ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන වලට තම මූල්‍ය බලය භාවිතා කරමින් ගුරුවරුන් පුහුණු කිරීමේ නාමයෙන් ඔවුන්ගේ මොළය සේදීමට හෙවත් ඔවුන්ට මානසික බලපෑම් එල්ල කිරීමට ප්‍රබල අවකාශයක් නිර්මාණය වේ. ඊට අමතරව එම ගුරුවරුන් පුහුණු කිරීමේ නාමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ අංශවල උපදෙස් අනුව කටයුතු කරන තත්ත්වයක් ද අදාළ ලියවිල්ල මගින් නිර්මාණය කරර ඇත.එම ප්‍රතිපාදනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කිරීමට සිදුවන්ගේ පාසල්වල විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව මඟ පෙන්වීමේ භූමිකාව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් භාර ගැනීම නිසාය. එම කාර්යාංශය විසින් 2025.10.10 දින නිකුත් කළ චක්‍රලේඛනයකට අනුව ඒ සඳහා දායකත්වය ලබාදෙන ප්‍රධාන පාර්ශ්ව කරුවෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලය (UNFPA) එම සංවිධානය ඉහත සඳහන් කළ ලිංගික අධ්‍යාපනයට අදාළව ජාත්‍යන්තර තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙන රිනියා විද්වත් ලේඛනය සකස් කිරීමට දායක වූ ප්‍රධානතම ආයතනයකි. ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් දියත් කරන ශ්‍රී ලංකාවේ විස්තීරණ ලිංගික අධ්‍යාපන වැඩසටහන් හෙවත් CSE වැඩසටහන පදනම් වන්නේ ඉහත සඳහන් කළ මාර්ගෝපදේශ වලට අනුව බව ඉතා පැහැදිලිය.

ඒ අනුව 6 වැනි පංතියේ සිට ආරම්භ කිරීමට නියමිත බටහිර රටවල් විසින් නිර්දේශිත ඉහත සඳහන් කළ ඊගියා ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂයෙන්ම පුහුණු කරුවන් පුහුණු කිරීමේ වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයට ය. එම ආයතනය විසින් සමාජ මාධ්‍ය මගින් අදාළ ක්‍රියාවලිය ප්‍රචලිත කිරීම සඳහා ගුරුවරුන් සඳහා අධ්‍යාපන ලේඛන සකස් කිරීමේ වගකීමද පවරා ගෙන ඇත. ඒ සඳහා එම ආයතනයට විශේෂඥතාවක් තිබෙනවාද යන්න සැක සහිතය. නමුත් ඊට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ලබා ගත් හා බව ප්‍රකාශ කළ හැක. එසේ වුවත් ඒවා සකස් කරනු ලබන්නේ ඉහතසදහන් කළ කළ රාජ්‍ය නොවන සංවිධනවල උවමනාව මත සමාජය බිඳවැටීමේ ක්‍රියාවලිය මුල් කරගෙන සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා උපදෙස් ලබා දෙන බාහිර විද්වතුන් විසින් බවට කිසිදු සැකයක් නැත.

ඒ ආකාරයට බටහිර මතවාද අනුව ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සකස් කළ මාර්ගෝපදේශ අනුව එනම් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම මුල් කරගත් ලිංගික අධ්‍යාපන ක්‍රියාවලියකට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ එක්තරා ප්‍රධානියකු සම්බන්ධ වීම පිළිබඳව වෛද්‍යවරුන් අතර යම් කතිකාවක් ආරම්භ වී ඇත. අගමැති තුමියගේ ලිංගික දිශානතිය පිළිබඳව සමාජයේ සිදුවන කතිකාවට සමාන කතිකාවක් අදාළ සෞඛ්‍ය ප්‍රධානියා පිළිබඳව ද වෛද්‍යවරුන් අතර සිදුවන බව අසන්නට ලැබේ. ඊට හේතුව එම පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස සීමා වාසික පුහුණුව ලබන කාලයේදී ඔහුගේ පිරිමි ලිංගික සහකරු විසින් සිදුකළ ලිංගික ක්‍රියාවක් නිසා ඔහුගේ අධෝ මාර්ගයට තුවාල සිදුවීමය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

මහ ලේකම්,

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.