තවදුරටත් මේ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරවීමෙන් ප්‍රතිඵලයක් තිබෙනවාද?
මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට එරෙහිව ආරම්භයේදීම සටන් කළේ සුළු පිරිසක් පමණයි.
බොහෝ දෙනෙක් මේ ප්‍රතිසංස්කරන අධ්‍යනය නොකරම ඒ පිළිබඳව පූර්ව නිගමනයක හිටියා.
ඔවුන්ට අනුව හරිනි වැනි 'උගත්' ආචාර්යවරියක් මුල් වී, ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරන නවීන සහ දියුණු එකක් විය යුතුයි.
එමෙන්ම තවත් පිරිසක් ඊනියා 'ෆින්ලන්ත මිත්‍යාව' ගිල සිටියා.
ඔවුන්ට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සහ එහි පසුබිම පිළිබඳව විද්‍යාත්මක දැනුමක් නැහැ.
කෙසේ වෙතත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල හරයම ඉතාම විනාශකාරී බව මුල සිටම අප දැන සිටියා.
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය කලක පටන් අසාර්ථක බව ෆින්ලන්තයම පිළිගන්නවා.
අධ්‍යාපනයෙන් බොහෝ රටවල් ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින නිසා සිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ සංවාදයක් ෆින්ලන්තයේ ඇතිවෙලා.
ඔවුන් දැන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනස් කිරීමට යනවා. ලෝකය ජය ගත හැකි කුසලතා වලින් හෙබි පරපුරක් ෆින්ලන්තයට පවා අවශ්‍ය වී තිබෙනවා.
තවදුරත් පීඩනයක් නොමැති, යන්නන් වාලේ ඔහේ ගිය අධ්‍යාපනයක් ඔවුන්ට පවා දැරිය නොහැකි තැනකට ඇවිල්ලා.
දෙවැන්න, ෆින්ලන්තය වැනි සම්පත් බහුල, ජනගහනය අඩු, ඉතාම විශාල, තරගකාරීත්වය අඩු, ඉගෙන ගත්තත් නැතත් වෙනසක් නැති, රටක ක්‍රමයක් ශ්‍රී ලංකාවට නොගැලපෙන බව අප තර්ක කළා.
යථාර්තයත් එයයි.
අප රට වැනි සම්පත් අඩු, ජනගහනය විශාල, අධ්‍යාපනයෙන් සියල්ල තීරණය වන රටකට ෆින්ලන්ත ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ.
එමෙන්ම පෙළපොත් අහෝසි කිරීම සහ විභාග ක්‍රමය අහෝසි කිරීම මගින් දරුවන්ගේ කුසලතාවයන් කප්පාදු කෙරෙනවා.
පෙලපොත් මගින් උසස් පාසල් සහ එසේ නොවන පාසල් අතර තිබූ විෂමතාවය යම් පමනකට හෝ අඩු කළා.
උපකාරක පන්ති නොයන දරුවෙකුට පවා පෙලපොත් මගින් අවස්ථාවක් ලබා දුන්නා.
නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලින් පෙලපොත් අහෝසි කර තිබෙනවා.
එමගින් අසාධාරණයට ලක් වන්නේ සමාජයේ ආර්ථිකමය අතින් හැකියාව අඩු දරුවන් පමණයි.
දරුවන් විනිශ්චය කිරීම විධිමත් විභාග ක්‍රමයෙන් ඉවත් කොට, ගුරුවරුන්ට පැවරීම මගින් ඉතාම අසාධාරණ සමාජ ක්‍රමයක් නිර්මාණය කරෙනවා.
මේ ක්‍රමය අනුව දරුවන්ගේ මට්ටම, දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය සහ සමාජ මට්ටම අනුව තීරණය විය හැකියි.
විභාග ක්‍රමයේ සියල්ලන්ටම සර්ව සාධාරණ වුණා.
එමෙන්ම නව විෂය නිර්දේශය තුළ බොහෝ විෂය කරුණු කප්පාදු කරමින්, විෂයන් සරල කර තිබෙනවා.
එහි සරල අර්ථයක චීනය, ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව සහ ලංකාවේ එකම වයසේ දරුවන් සංසන්දනය කළහොත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අපගේ දරුවන් පැහැදිලිවම පසුපසින් සිටිනවා.
මන්ද වයස අවුරුදු 11 දී අපගේ දරුවන්ට වඩා සංකීර්ණ විෂය කරුණු එම රටවල දරුවන් ඉගෙන ගන්නවා.
මෙය රටක් ලෙස අප ලෝක මට්ටමේ දී පරාජය වීමට නියමිත තැනක්.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල මූලික සහ විශාලතම ගැටලු ඒවායි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන සමාජයේ පහල ස්ථරයේ දරුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කප්පාදු කර දමනා වෙනස්වීම් බව හොඳින් පෙනෙනවා.
එමෙන්ම පොදුවේ දරුවන් කම්මැලි සහ මොට කිරීමක් ද මෙහි සිදුවෙනවා.
එවැනි පසුබිමක පවා බොහෝ දෙනෙකු මේ අපරාධයට ලැබිය යුතු නිසි බර ලබා දුන්නේ නැහැ.
නමුත් ඉංග්‍රීසි මොඩියුලයේ සමරිසි වෙබ් අඩවියක් අන්තර්ගතව පැවතීමත් සමග බොහෝ දෙනෙක් මේ සංවාදයට එක් වී තිබෙනවා.
එම කුතුහලය නිසාම සමාජය මොඩියුල් අන්තර්ජාලයෙන් බාගත කරමින් පරීක්ෂා කරමින් සිටිනවා.
ඉන් අතිබහුතරක් මේ මොඩියුල් වල විෂය කරුණු වැරදි බව පෙන්වා දෙනවා.
ඉංග්‍රීසි මොඩියුලයේ සමරිසි වෙබ් අඩවියක් ඇතුළත් වීම සහ ලෝකයම ප්‍රතික්ෂේප කරනා සංකල්පයක් වන දරුවන්ට සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමටත් එහා ගිය දෝෂ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල පවතින බව පැහැදිලියි.
එමෙන්ම මේ ක්‍රමයට සමගාමීව සිදු කළ පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය පවා, ගුරුවරුන්ගේ බලපෑම මත රජය විසින් රීවර්ස් කළා.
එනම්, මේ ක්‍රමය යෝජිත ආකාරයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලයට වඩා පැය භාගයක් ආණ්ඩුවම අඩු කර තිබෙනවා.
එසේ නම්, තවදුරටත් මේ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරවීමෙන් ප්‍රතිඵලයක් තිබෙනවාද ?
නැහැ!
පැය හය හමාරකින් කළ යුතු වැඩක් පැය හයකින් කිරීම කිසිසේත්ම සාර්ථක නැහැ.
රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් යනු සරල වැඩක් නොවෙයි.
රටක මිලියන ගණනක දරු පරපුරක් සමග සිදු කරන ගණුදෙනුවක්.
එය අතිශය සුමට, විද්‍යාත්මක සහ නිර්වද්‍ය විය යුතුයි.
ක්‍රියාත්මක වීමට පෙර පර්යේෂණ කළ යුතුයි. නියමු ව්‍යාපෘති පැවැත්විය යුතුයි.
අවසානයේ ක්‍රියාත්මක විය යුත්තේ දෝෂ රහිත බවට පර්යේෂන වලින් ඔප්පු වූ ක්‍රමවේදයක් පමණයි.
එසේ නොමැතිව අධ්‍යාපනයේ සිදුවන සුලු අඩුපාඩුවකින් සහ වරදකින් පවා ජාතියකට විශාල අයහපත් ප්‍රතිඵල ලඟා විය හැකියි.
දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන දෝෂ සහිත, විද්‍යාත්මක නොවන, කිසිදු පෙරසුදානමක් සහ නියමු ව්‍යාපෘති වලින් තොරව කඩිමුඩියේ ගෙනැවිත් ඇති බව පැහැදිලියි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරන යනු එලෙස බලහත්කාරයෙන් එබ්බවිය හැකි දෙයක් නොවෙයි.
දැන් මාලිමාවේ ලිට්මස් පරීක්ෂණය ජනතාව ඉදිරියේ තිබෙනවා.
පාසල් එළඹෙන සඳුදා ඇරඹෙනවා.
එදින සිට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙතරම් දෝෂ සහිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වුවහොත් එය විශාල ජාතික ව්‍යවසනයක් වනු ඇති බවට, මාලිමා පාක්ෂිකයන් පවා පිළිගන්නවා.
ඉතින් මාලිමාවේ ලිට්මස් පරීක්ෂණය මෙයයි.
යම් හෙයකින් මේ පැය 48 තුළ මාලිමාවට මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරන තාවකාලිකව නතර කරමින්, යළිත් ඒවා නිවැරදි කිරීමට කල් ගත හැකියි.
එසේ කළහොත් ඔවුන් රට සහ දරුවන් පිළිබඳ හැඟීමක් සහ වගකීමකින් වැඩ කරන රජයක් බව අපට පවා පිළිගැනීමට සිදුවෙනවා.
එසේත් නොමැති නම් මාලිමාවට, තමන්ට සිදුවන දේශපාලන පාඩුව වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන පස්වෙනිදා සිටම අඛණ්ඩවම ක්‍රියාත්මක කළ හැකියි.
එසේ කළහොත් මාලිමාව රට සහ දරුවන් ගැන කිසිඳු හැඟීමක් නොමැති, තමන්ගේ දේශපාලනය පිළිබඳව පමණක් සිතනා අපරාධකරුවන් පිරිසක් බව මාලිමා පාක්ෂිකයන් පවා පිළිගත යුතුයි.
Sachin Rathwatte
(මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..