News Category
From Date
To Date
Maximum Number of Result

තවදුරටත් මේ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරවීමෙන් ප්‍රතිඵලයක් තිබෙනවාද?

Jan 4, 2026 at 05:29 PM
|

මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට එරෙහිව ආරම්භයේදීම සටන් කළේ සුළු පිරිසක් පමණයි.

බොහෝ දෙනෙක් මේ ප්‍රතිසංස්කරන අධ්‍යනය නොකරම ඒ පිළිබඳව පූර්ව නිගමනයක හිටියා.

ඔවුන්ට අනුව හරිනි වැනි 'උගත්' ආචාර්යවරියක් මුල් වී, ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරන නවීන සහ දියුණු එකක් විය යුතුයි.

එමෙන්ම තවත් පිරිසක් ඊනියා 'ෆින්ලන්ත මිත්‍යාව' ගිල සිටියා.

ඔවුන්ට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සහ එහි පසුබිම පිළිබඳව විද්‍යාත්මක දැනුමක් නැහැ.

කෙසේ වෙතත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල හරයම ඉතාම විනාශකාරී බව මුල සිටම අප දැන සිටියා.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය කලක පටන් අසාර්ථක බව ෆින්ලන්තයම පිළිගන්නවා. 

අධ්‍යාපනයෙන් බොහෝ රටවල් ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින නිසා සිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ සංවාදයක් ෆින්ලන්තයේ ඇතිවෙලා.

ඔවුන් දැන් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනස් කිරීමට යනවා. ලෝකය ජය ගත හැකි කුසලතා වලින් හෙබි පරපුරක් ෆින්ලන්තයට පවා අවශ්‍ය වී තිබෙනවා.

තවදුරත් පීඩනයක් නොමැති, යන්නන් වාලේ ඔහේ ගිය අධ්‍යාපනයක් ඔවුන්ට පවා දැරිය නොහැකි තැනකට ඇවිල්ලා.

දෙවැන්න, ෆින්ලන්තය වැනි සම්පත් බහුල, ජනගහනය අඩු, ඉතාම විශාල, තරගකාරීත්වය අඩු, ඉගෙන ගත්තත් නැතත් වෙනසක් නැති,  රටක ක්‍රමයක් ශ්‍රී ලංකාවට නොගැලපෙන බව අප තර්ක කළා. 

යථාර්තයත් එයයි.

අප රට වැනි සම්පත් අඩු, ජනගහනය විශාල, අධ්‍යාපනයෙන් සියල්ල තීරණය වන රටකට ෆින්ලන්ත ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ.

එමෙන්ම පෙළපොත් අහෝසි කිරීම සහ විභාග ක්‍රමය අහෝසි කිරීම මගින් දරුවන්ගේ කුසලතාවයන් කප්පාදු කෙරෙනවා.

පෙලපොත් මගින් උසස් පාසල් සහ එසේ නොවන පාසල් අතර තිබූ විෂමතාවය යම් පමනකට හෝ අඩු කළා.

උපකාරක පන්ති නොයන දරුවෙකුට පවා පෙලපොත් මගින් අවස්ථාවක් ලබා දුන්නා.

නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලින් පෙලපොත් අහෝසි කර තිබෙනවා.

එමගින් අසාධාරණයට ලක් වන්නේ සමාජයේ ආර්ථිකමය අතින් හැකියාව අඩු දරුවන් පමණයි.

දරුවන් විනිශ්චය කිරීම විධිමත් විභාග ක්‍රමයෙන් ඉවත් කොට, ගුරුවරුන්ට පැවරීම මගින් ඉතාම අසාධාරණ සමාජ ක්‍රමයක් නිර්මාණය කරෙනවා.

මේ ක්‍රමය අනුව දරුවන්ගේ මට්ටම, දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය සහ සමාජ මට්ටම අනුව තීරණය විය හැකියි.

විභාග ක්‍රමයේ සියල්ලන්ටම සර්ව සාධාරණ වුණා.

එමෙන්ම නව විෂය නිර්දේශය තුළ බොහෝ විෂය කරුණු කප්පාදු කරමින්, විෂයන් සරල කර තිබෙනවා.

එහි සරල අර්ථයක චීනය, ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව සහ ලංකාවේ එකම වයසේ දරුවන් සංසන්දනය කළහොත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අපගේ දරුවන් පැහැදිලිවම පසුපසින් සිටිනවා.

මන්ද වයස අවුරුදු 11 දී අපගේ දරුවන්ට වඩා සංකීර්ණ විෂය කරුණු එම රටවල දරුවන් ඉගෙන ගන්නවා.

මෙය රටක් ලෙස අප ලෝක මට්ටමේ දී පරාජය වීමට නියමිත තැනක්.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල මූලික සහ විශාලතම ගැටලු ඒවායි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන සමාජයේ පහල ස්ථරයේ දරුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කප්පාදු කර දමනා වෙනස්වීම් බව හොඳින් පෙනෙනවා.

එමෙන්ම පොදුවේ දරුවන් කම්මැලි සහ මොට කිරීමක් ද මෙහි සිදුවෙනවා.

එවැනි පසුබිමක පවා බොහෝ දෙනෙකු මේ අපරාධයට ලැබිය යුතු නිසි බර ලබා දුන්නේ නැහැ.

නමුත් ඉංග්‍රීසි මොඩියුලයේ සමරිසි වෙබ් අඩවියක් අන්තර්ගතව පැවතීමත් සමග බොහෝ දෙනෙක් මේ සංවාදයට එක් වී තිබෙනවා.

එම කුතුහලය නිසාම සමාජය මොඩියුල් අන්තර්ජාලයෙන් බාගත කරමින් පරීක්ෂා කරමින් සිටිනවා.

ඉන් අතිබහුතරක් මේ මොඩියුල් වල විෂය කරුණු වැරදි බව පෙන්වා දෙනවා.

ඉංග්‍රීසි මොඩියුලයේ සමරිසි වෙබ් අඩවියක් ඇතුළත් වීම සහ ලෝකයම ප්‍රතික්ෂේප කරනා සංකල්පයක් වන දරුවන්ට සමාජ ජාලා වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමටත් එහා ගිය දෝෂ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල පවතින බව පැහැදිලියි.

එමෙන්ම මේ ක්‍රමයට සමගාමීව සිදු කළ පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය පවා, ගුරුවරුන්ගේ බලපෑම මත රජය විසින් රීවර්ස් කළා.

එනම්, මේ ක්‍රමය යෝජිත ආකාරයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාලයට වඩා පැය භාගයක් ආණ්ඩුවම අඩු කර තිබෙනවා.

එසේ නම්, තවදුරටත් මේ ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරවීමෙන් ප්‍රතිඵලයක් තිබෙනවාද ?

නැහැ! 

පැය හය හමාරකින් කළ යුතු වැඩක් පැය හයකින් කිරීම කිසිසේත්ම සාර්ථක නැහැ.

රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් යනු සරල වැඩක් නොවෙයි.

රටක මිලියන ගණනක දරු පරපුරක් සමග සිදු කරන ගණුදෙනුවක්.

එය අතිශය සුමට, විද්‍යාත්මක සහ නිර්වද්‍ය විය යුතුයි.

ක්‍රියාත්මක වීමට පෙර පර්යේෂණ කළ යුතුයි. නියමු ව්‍යාපෘති පැවැත්විය යුතුයි.

අවසානයේ ක්‍රියාත්මක විය යුත්තේ දෝෂ රහිත බවට පර්යේෂන වලින් ඔප්පු වූ ක්‍රමවේදයක් පමණයි.

එසේ නොමැතිව අධ්‍යාපනයේ සිදුවන සුලු අඩුපාඩුවකින් සහ වරදකින් පවා ජාතියකට විශාල අයහපත් ප්‍රතිඵල ලඟා විය හැකියි.

දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන දෝෂ සහිත, විද්‍යාත්මක නොවන, කිසිදු පෙරසුදානමක් සහ නියමු ව්‍යාපෘති වලින් තොරව කඩිමුඩියේ ගෙනැවිත් ඇති බව පැහැදිලියි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරන යනු එලෙස බලහත්කාරයෙන් එබ්බවිය හැකි දෙයක් නොවෙයි.

දැන් මාලිමාවේ ලිට්මස් පරීක්ෂණය ජනතාව ඉදිරියේ තිබෙනවා.

පාසල් එළඹෙන සඳුදා ඇරඹෙනවා.

එදින සිට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙතරම් දෝෂ සහිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වුවහොත් එය විශාල ජාතික ව්‍යවසනයක් වනු ඇති බවට, මාලිමා පාක්ෂිකයන් පවා පිළිගන්නවා.

ඉතින් මාලිමාවේ ලිට්මස් පරීක්ෂණය මෙයයි.

යම් හෙයකින් මේ පැය 48 තුළ මාලිමාවට මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරන තාවකාලිකව නතර කරමින්, යළිත් ඒවා නිවැරදි කිරීමට කල් ගත හැකියි.

එසේ කළහොත් ඔවුන් රට සහ දරුවන් පිළිබඳ හැඟීමක් සහ වගකීමකින් වැඩ කරන රජයක් බව අපට පවා පිළිගැනීමට සිදුවෙනවා.

එසේත් නොමැති නම් මාලිමාවට, තමන්ට සිදුවන දේශපාලන පාඩුව වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන පස්වෙනිදා සිටම අඛණ්ඩවම ක්‍රියාත්මක කළ හැකියි.

එසේ කළහොත් මාලිමාව රට සහ දරුවන් ගැන කිසිඳු හැඟීමක් නොමැති, තමන්ගේ දේශපාලනය පිළිබඳව පමණක් සිතනා අපරාධකරුවන් පිරිසක් බව මාලිමා පාක්ෂිකයන් පවා පිළිගත යුතුයි.

Sachin Rathwatte

(මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.