මොඩියුල් විහිළු පිටුපස ඇහි ඇක්ටිවේට් අන්තවාදයේ කතාව..
👉 මේ වන විට මොඩියුලවල විවිධ කොටස් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා.
👉 වාහනවලින් පිටවෙන දුම, කේතලේක දුම, බීම ජලජ ශාකයක වායු බුබුළු වගේ දේවල් මේකට උදාහරණ බවත්, මේක කලින් සිටම තිබුණු ක්‍රියාකාරකමක් බවත් සමහරු පවසා තිබුණා.
👉 කොහොම වුණත් මේ සටහන ලියන්නේ මේවා වායු වර්ගද? නැද්ද? කියන එක පැහැදිලි කරන්න නෙමෙයි, මේක පිටුපස තිබෙන සංකල්පීය ගැටලුවක් ගැන පෙන්වා දෙන්න.
👉 මොකද මතුපිටින් විහිළුවට ලක් වන මේ දේවල් පිටුපස මේ අධ්‍යාපන වෙනස්කම්වලට පදනම් වූ බරපතළ සංකල්පීය අර්බුදයක් පවතිනවා. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේ නැහැ.
👉 ඒ නිසා වායු වර්ග ගැන කතාවට සීමා නොවී ඉවසීමෙන් මේ කෙටි සටහන කියවන්න.
👉 මුලින්ම ඉතාම සරලව ගත්තොත් මේක හය වසරේ ළමයින්ට හදපු මොඩියුල් එකක්.
👉 එතකොට හය වසරේ ළමයි කියන්නේ අවුරුදු 10ක් මේ පරිසරයේ ජීවත් වුණු ළමයි මිසක් ඝන, ද්‍රව, වායු නොදන්නා දිව්‍ය ලෝකයකින්, බ්‍රහ්ම ලෝකයකින් ආපු අය නොවෙයි.
👉 ඒ අනුව 6 වසරේ ළමයින්ට ඝන, ද්‍රව, වායු හඳුන්වා දෙන්න ඉස්කෝල වත්ත වටේ ඇවිද ඇවිද කාලය නාස්ති කරන්න දෙයක් නැහැ. ඒක විනාඩි පහකින් පැහැදිලි කරන්න පුළුවන් සරල සංකල්පයක්. හැබැයි මේ මොඩියුල් ඇතුළේ ඒකටත් වෙනම ඇක්ටිවිටි එකක් හඳුන්වා දෙනවා.
👉 ඇත්තටම මේක මෙතැනට සීමා වුණු දෙයක් නෙමෙයි. මොඩියුල් ක්‍රියාවලිය පුරාම තිබෙන අර්බුදයක්.
👉 මොකක්ද මේ අර්බුදය? සැකෙවින් කිව්වොත් එහි මූලික කාරණා තුනක් හඳුනාගන්න පුළුවන්.
💥 එකක් තමයි න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පත් කරන්නට යාම,
💥 අනෙක තමයි ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරයා මඟ පෙන්වන්නෙකු මිස දේශකයෙකු නොවිය යුතුය කියන මතය,
💥 අනික තමයි ගුරුවරයා පඹයෙකු කිරීමට සමගාමීව ශිෂ්‍යයා වීරයෙකු කිරීමේ ශිෂ්‍ය කේන්ද්‍රිය නාඩගම.
👉 මේ තුනම අධ්‍යාපනයට හානිකර ලෙස බලපෑ හැකි කාරණා වුණත් අවාසනාවට මේ අධ්‍යාපන වෙනස්කම්වල පදනම බවට පත් වී ඇත්තේ මෙවැනි දේවල් මිස වෙනත් වැදගත් කිසිවක් නොවෙයි.
👉 විභාගවලින් සියලු දෙනා සමතුන් විය යුතුයි කියන එක තවත් එවැනි කාරණයක්. ඒ ගැන පසුව කතා කරන්න ඉඩ තියලා දැන් මේ කලින් කියපු මූලික කාරණා ගැන ටිකක් විමසා බලමු.
👉 ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය කේන්ද්‍රිය ලෙස කළ හැකි දේවල්, ක්‍රියාකාරකම් මඟින් කළ හැකි දේවල්, ගුරුවරයා මූලික නොවී කළ හැකි දේවල් තිබෙන බව ඇත්ත. ඒ දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කිරීම කිසිම ගැටලුවක් නැහැ. එය කළ යුතුයි. හැබැයි එහි බොහෝ සීමාකම් තිබෙනවා.
👉 නාට්‍යයක් රඟපාන විදිහ ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි නාට්‍ය කලාවේ ඉතිහාසය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ.
👉 උද්භිද උද්‍යානෙක තියන ශාකවල විවිධත්වය ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ශාක සෛලයක ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ.
👉 ඒ වගේම සහසංයුජ බන්ධන ගැන අයනික බන්ධන ගැන ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න පුළුවන්ද?
👉 රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද?
👉 භාෂාවක ව්‍යාකරණ නීති රීති ගැන ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද?
👉 වර්ගජ සමීකරණ, ජ්‍යාමිතියේ ප්‍රමේය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද?
👉 මේ කිසි දෙයක් ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න බැහැ. මේ කිසි දෙයක් ශිෂ්‍ය කේන්ද්‍රියව ඉගෙන ගන්න බැහැ. මේ සියල්ලට ගුරුවරයාගේ මූලිකත්වය අවශ්‍යයි.
👉 ඒ වගේම වගේමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඉතා සරලව පැහැදිලි කළ හැකි දේවල්වලට පවා අනවශ්‍ය ඇක්ටිවිටි කරන්නට යාම නිකරුණේ කාලය, ශ්‍රමය නාස්ති කිරීම.
👉 ඇත්තටම ප්‍රායෝගිකව ගත්තාම අධ්‍යාපනය තුළ වැඩි ප්‍රමාණයක් සීයට අසූවක් අනුවක් විතර තියෙන්නේ ගුරුවරයාගේ මැදිහත් වීමෙන්, න්‍යායිකව ඉගෙන ගත යුතු දේවල් මිස, ගුරුවරයා පඹයෙකු කර, ඊනියා ශිෂ්‍ය කේන්දිය ඇක්ටිවිටි මඟින් ඉගෙන ගත හැකි දේවල් නොවෙයි. ඒක තමයි ඇත්ත.
👉 හැබැයි මේ මොඩියුල තුළ මේ සරල මූලික කාරණය අමතක කොට න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරා තිබෙනවා.
👉 ඒ අනුව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන ඇක්ටිවිටිවලින්.
👉 ලකුණු දීමේදීත් ඇක්ටිවිටිවලට වැඩි තැනක් හිමිවෙනවා.
👉 විභාග අහෝසි කොට සියලු දෙනා සමත් කරවන බව කියන මේ මැජික් ක්‍රමයේ පදනම වෙන්නේම ඇක්ටිවිටි.
👉 කෙටියෙන්ම කිව්වොත් මේක ඇත්තටම ඇක්ටිවිටි අන්තවාදයක්. කිසිසේත්ම ප්‍රායෝගික නොවන විකාරයක්. භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි අනතුරුදායක අත්හදා බැලීමක්.
👉 තාරේ සමීන් පර් වගේ අමීර් ඛාන්ගේ ෆිල්ම් බලලා රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න පුළුවන් කියලා හිතන ළාමක මනසක් තියන අයට මිසක් වෙන කාටවත් මේ ප්‍රලාප අනුමත කරන්න බැහැ.
👉 හැබැයි මේ ඊනියා ඇක්ටිවිටි නිසා ළමයින්ගේ මොනවාදෝ නිර්මාණශීලී හැකියාවන් අවදිවෙලා ඔවුන් මහා බලසම්පන්න විද්වතුන් වෙනවා වගේ රොමාන්තික් අදහසක් බොහෝ දෙනා තුළ තිබෙනවා.
👉 අපේ රටේ නැති, වෙන රටවල ඇති මේ මැජික් ක්‍රමවේද නිසා වෙන රටවල දරුවන් කිසිම පීඩනයක් නැතුව ටොපි කනවා වගේ සතුටින් ඉගෙන ගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා.
👉 ඒ අදහස් මොන තරම් පදනම් විරහිතද කියන එක මේවා ප්‍රායෝගිකව මාස කීපයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු කාට වුණත් අවබෝධ කරගත හැකි වේවි.
👉 අද ක්‍රියාත්මක කිරීමට පෙරම මේ දේවල් මේ විදිහට විහිළුවට ලක් වෙන්න පටන් අරගෙන නම් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇති වන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
👉 ඒ නිසා හුදු විහිළු කිරීමෙන් හෝ දේශපාලන විරෝධය පෑමෙන් ඔබ්බට ගොස් අප මේ පිටුපස ඇති සංකල්පීය අර්බුදය හඳුනාගත යුතුයි.
(අන්තර්ජාලයෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්