News Category
From Date
To Date
Maximum Number of Result

මොඩියුල් විහිළු පිටුපස ඇහි ඇක්ටිවේට් අන්තවාදයේ කතාව..

Jan 5, 2026 at 07:09 AM
|

👉 මේ වන විට මොඩියුලවල විවිධ කොටස් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබෙනවා. 

👉 වාහනවලින් පිටවෙන දුම, කේතලේක දුම, බීම ජලජ ශාකයක වායු බුබුළු වගේ දේවල් මේකට උදාහරණ බවත්,  මේක කලින් සිටම තිබුණු ක්‍රියාකාරකමක් බවත් සමහරු පවසා තිබුණා. 

👉 කොහොම වුණත් මේ සටහන ලියන්නේ මේවා වායු වර්ගද? නැද්ද? කියන එක පැහැදිලි කරන්න නෙමෙයි, මේක පිටුපස තිබෙන සංකල්පීය ගැටලුවක් ගැන පෙන්වා දෙන්න. 

👉 මොකද මතුපිටින් විහිළුවට ලක් වන මේ දේවල් පිටුපස මේ අධ්‍යාපන වෙනස්කම්වලට පදනම් වූ බරපතළ සංකල්පීය අර්බුදයක් පවතිනවා. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේ නැහැ. 

👉 ඒ නිසා වායු වර්ග ගැන කතාවට සීමා නොවී ඉවසීමෙන් මේ කෙටි සටහන කියවන්න. 

👉 මුලින්ම ඉතාම සරලව ගත්තොත් මේක හය වසරේ ළමයින්ට හදපු මොඩියුල් එකක්. 

👉 එතකොට හය වසරේ ළමයි කියන්නේ අවුරුදු 10ක් මේ පරිසරයේ ජීවත් වුණු ළමයි මිසක් ඝන, ද්‍රව, වායු නොදන්නා දිව්‍ය ලෝකයකින්, බ්‍රහ්ම ලෝකයකින් ආපු අය නොවෙයි. 

👉 ඒ අනුව 6 වසරේ ළමයින්ට ඝන, ද්‍රව, වායු හඳුන්වා දෙන්න ඉස්කෝල වත්ත වටේ ඇවිද ඇවිද කාලය නාස්ති කරන්න දෙයක් නැහැ. ඒක විනාඩි පහකින් පැහැදිලි කරන්න පුළුවන් සරල සංකල්පයක්. හැබැයි මේ මොඩියුල් ඇතුළේ ඒකටත් වෙනම ඇක්ටිවිටි එකක් හඳුන්වා දෙනවා. 

👉 ඇත්තටම මේක මෙතැනට සීමා වුණු දෙයක් නෙමෙයි. මොඩියුල් ක්‍රියාවලිය පුරාම තිබෙන අර්බුදයක්. 

👉 මොකක්ද මේ අර්බුදය? සැකෙවින් කිව්වොත් එහි මූලික කාරණා තුනක් හඳුනාගන්න පුළුවන්. 

💥 එකක් තමයි න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පත් කරන්නට යාම, 

💥 අනෙක තමයි ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරයා මඟ පෙන්වන්නෙකු මිස දේශකයෙකු නොවිය යුතුය කියන මතය, 

💥 අනික තමයි ගුරුවරයා පඹයෙකු කිරීමට සමගාමීව ශිෂ්‍යයා වීරයෙකු කිරීමේ ශිෂ්‍ය කේන්ද්‍රිය නාඩගම. 

👉 මේ තුනම අධ්‍යාපනයට හානිකර ලෙස බලපෑ හැකි කාරණා වුණත් අවාසනාවට මේ අධ්‍යාපන වෙනස්කම්වල පදනම බවට පත් වී ඇත්තේ මෙවැනි දේවල් මිස වෙනත් වැදගත් කිසිවක් නොවෙයි.

👉 විභාගවලින් සියලු දෙනා සමතුන් විය යුතුයි කියන එක තවත් එවැනි කාරණයක්. ඒ ගැන පසුව කතා කරන්න ඉඩ තියලා දැන් මේ කලින් කියපු මූලික කාරණා ගැන ටිකක් විමසා බලමු. 

👉 ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය කේන්ද්‍රිය ලෙස කළ හැකි දේවල්, ක්‍රියාකාරකම් මඟින් කළ හැකි දේවල්, ගුරුවරයා මූලික නොවී කළ හැකි දේවල් තිබෙන බව ඇත්ත. ඒ දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කිරීම කිසිම ගැටලුවක් නැහැ. එය කළ යුතුයි. හැබැයි එහි බොහෝ සීමාකම් තිබෙනවා. 

👉 නාට්‍යයක් රඟපාන විදිහ ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි නාට්‍ය කලාවේ ඉතිහාසය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ. 

👉 උද්භිද උද්‍යානෙක තියන ශාකවල විවිධත්වය ළමයින්ට ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ශාක සෛලයක ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න බැහැ. 

👉 ඒ වගේම සහසංයුජ බන්ධන ගැන අයනික බන්ධන ගැන ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 භාෂාවක ව්‍යාකරණ නීති රීති ගැන ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 වර්ගජ සමීකරණ, ජ්‍යාමිතියේ ප්‍රමේය ඇක්ටිවිටි එකකින් ඉගෙන ගන්න පුළුවන්ද? 

👉 මේ කිසි දෙයක් ඇක්ටිවිටිවලින් ඉගෙන ගන්න බැහැ. මේ කිසි දෙයක් ශිෂ්‍ය කේන්ද්‍රියව ඉගෙන ගන්න බැහැ. මේ සියල්ලට ගුරුවරයාගේ මූලිකත්වය අවශ්‍යයි. 

👉 ඒ වගේම වගේමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඉතා සරලව පැහැදිලි කළ හැකි දේවල්වලට පවා අනවශ්‍ය ඇක්ටිවිටි කරන්නට යාම නිකරුණේ කාලය, ශ්‍රමය නාස්ති කිරීම.

👉 ඇත්තටම ප්‍රායෝගිකව ගත්තාම අධ්‍යාපනය තුළ වැඩි ප්‍රමාණයක් සීයට අසූවක් අනුවක් විතර තියෙන්නේ ගුරුවරයාගේ මැදිහත් වීමෙන්, න්‍යායිකව ඉගෙන ගත යුතු දේවල් මිස, ගුරුවරයා පඹයෙකු කර, ඊනියා ශිෂ්‍ය කේන්දිය ඇක්ටිවිටි මඟින් ඉගෙන ගත හැකි දේවල් නොවෙයි. ඒක තමයි ඇත්ත. 

👉 හැබැයි මේ මොඩියුල තුළ මේ සරල මූලික කාරණය අමතක කොට න්‍යායිකව ඉගෙන ගත යුතු සියලු දේවල් බලාත්කාරයෙන් ඇක්ටිවිටි බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරා තිබෙනවා. 

👉 ඒ අනුව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන ඇක්ටිවිටිවලින්. 

👉 ලකුණු දීමේදීත් ඇක්ටිවිටිවලට වැඩි තැනක් හිමිවෙනවා. 

👉 විභාග අහෝසි කොට සියලු දෙනා සමත් කරවන බව කියන මේ මැජික් ක්‍රමයේ පදනම වෙන්නේම ඇක්ටිවිටි. 

👉 කෙටියෙන්ම කිව්වොත් මේක ඇත්තටම ඇක්ටිවිටි අන්තවාදයක්. කිසිසේත්ම ප්‍රායෝගික නොවන විකාරයක්. භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි අනතුරුදායක අත්හදා බැලීමක්. 

👉 තාරේ සමීන් පර් වගේ අමීර් ඛාන්ගේ ෆිල්ම් බලලා රටක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න පුළුවන් කියලා හිතන ළාමක මනසක් තියන අයට මිසක් වෙන කාටවත් මේ ප්‍රලාප අනුමත කරන්න බැහැ. 

👉 හැබැයි මේ ඊනියා ඇක්ටිවිටි නිසා ළමයින්ගේ මොනවාදෝ නිර්මාණශීලී හැකියාවන් අවදිවෙලා ඔවුන් මහා බලසම්පන්න විද්වතුන් වෙනවා වගේ රොමාන්තික් අදහසක් බොහෝ දෙනා තුළ තිබෙනවා. 

👉 අපේ රටේ නැති, වෙන රටවල ඇති මේ මැජික් ක්‍රමවේද නිසා වෙන රටවල දරුවන් කිසිම පීඩනයක් නැතුව ටොපි කනවා වගේ සතුටින් ඉගෙන ගන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. 

👉 ඒ අදහස් මොන තරම් පදනම් විරහිතද කියන එක මේවා ප්‍රායෝගිකව මාස කීපයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු කාට වුණත් අවබෝධ කරගත හැකි වේවි. 

👉 අද ක්‍රියාත්මක කිරීමට පෙරම මේ දේවල් මේ විදිහට විහිළුවට ලක් වෙන්න පටන් අරගෙන නම් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇති වන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. 

👉 ඒ නිසා හුදු විහිළු කිරීමෙන් හෝ දේශපාලන විරෝධය පෑමෙන් ඔබ්බට ගොස් අප මේ පිටුපස ඇති සංකල්පීය අර්බුදය හඳුනාගත යුතුයි.

(අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.