ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා, අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක් - ඉරානයෙන් චෝදනා..
ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකාව ක්‍රියාත්මක කරන නාවික අවහිරතා (Naval Siege) වොෂින්ටනය විසින් දියත් කළ හමුදා මෙහෙයුම්වල තවත් දිගුවක් බවත්, එය කිසිසේත්ම ඉවසා සිටිය නොහැකි බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරයි.
ඉරානය සමඟ යළිත් යුද්ධයක් ආරම්භ කිරීමට "අපට අවශ්‍ය විය හැකි" බව පවසා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ තොරතුරු දන්නේ තමන් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් බවයි පවසා ඇත්තේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වන හඬ ඇසුණු බවත්, එය කුඩා ගුවන් යානා සහ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමේ පියවරක් බවත් ඉරාන තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දිනක් තුළ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙය අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුම තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වී තිබේ.
ගාසා තීරය වෙත යාත්‍රා කරමින් තිබූ 'Global Sumud' නෞකා පෙළෙහි සිටි ක්‍රියාකාරීන් 175 දෙනෙකු ජාත්‍යන්තර මුහුදේදී රඳවා ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර ඇති අතර, ඔවුන් ග්‍රීක බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්